settings icon
share icon
ප්‍රශ්නය

ජාබේශ්ගේ යැදුම යනු කුමක්ද?

පිළිතුර


පාරම්පරික ග්‍රන්ථයක අඩංගු ඓතිහාසික ලිපියක් තුල ජාබේශ්ගේ යැදුම හමුවේ. ජාබේශ් ඔහුගේ සහෝදරයන්ට වඩා ගෞරවසම්පන්න විය. ඔහු බිහි කරන අවස්ථාවේ දී ඔහුගේ මව වින්දා වූ වේදනාව නිසාම ඇය ඔහුට ජාබේශ් යන නම තැබුවා ය. ජාබේශ් දෙවියන්වහන්සේට මෙසේ කන්නලව් කලේය. "අහෝ ඔබ මට ආශිර්වාද කර මාගේ සීමාව විශාලකර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව යි කීවේය. දෙවියන්වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක" 1 වංශාවලිය 4ඃ 9–10). ආචාර්‍යය බෘස් විල්කින්සන්, ඩේවිඩ් කොප් නැමැත්තා සම!ග එක්ව ප්‍රකාශයට පත් කළ ජාබේශ්ගේ යාච්ඤාව ආශිර්වාද ලත් ජීවිතයකට එළඹීම (2000) නැමැති ඉහලම ඉල්ලූමක් ලැබූ ග්‍රන්ථය මගින් ජාබේශ්ගේ යාච්ඤාව ජනප්‍රිය විය.

ජාබේශ් වනාහි ජූදා වංශයෙන් පැවත එන කෙනෙක් බවත්, ඔහු ගෞරවනීය කෙනෙක් බවත්, ඔහු මෙලොවට බිහි කිරීමේ දී මව අත්වින්දා වූ වේදනාව නිසාම ඔහුට ජාබේශ් යන නම තැබූ බවත්, (එම නමේ අර්ථය නම් ශෝකජනක හෝ ශෝකය ගෙන දෙන්නා) යන කරුණු හැර ජාබේශ් ගැන වැඩි විස්තරයක් දැනගන්නට නොමැත. ජාබේශ් ඔහුගේ යාච්ඤාව මගින් දෙවියන්වහන්සේගේ ආරක්ෂාව සහ ආශිර්වාද ස!දහා දෙවියන්වහන්සේට කන්නලව් කළේය. ජාබේශ් නොහොත් ශෝකයේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගෙන් ඉල්ලා ඇත්තේ තමාගේ නම මගින් අර්ථවත් වන ශෝකයෙන් ඔහුව මුදවන ලෙසටත්, එම නාමය ඔහුගෙන් ඉවත්කරන ලෙසටත්ය.

1 වංශාවලිය 4:10 අනුව ජාබේශ්ගේ යැදුම තුල ක්‍ෂණික ඉල්ලීම් 4 ක් අඩංගු වී ඇත. (1) දෙවියන්වහන්සේගේ ආශිර්වාදය

සෑම ආශිර්වාදයක්ම ලැබෙන්නේ ඊශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් බව ජාබේශ් පිලිගන්නා අතර, ඔහු දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ඉල්ලා සිටී. ආබ්‍රහම් සහ ඔහුගේ පෙලපතට ආශිර්වාද කරන බවට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව මත මෙම ඉල්ලීම පදනම් වී ඇති බවට සැකයක් නැත (උත්පත්ති 22:17).

(2) සීමාවන් විශාල කිරීම.

තමාගේ සෑම ක්‍රියාවක් සදහා ජයග්‍රහණය සහ සාර්ථකත්වය මගින් ඔශුගේ ජීවිතය දියුණු වීම ස!දහා ඔහු යදින්නේය.

(3) දෙවියන්වහන්සේගේ පිහිට

තමාගේ ජීවිතයේ සෑම දිනකදීම දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සහ ශක්තිය ලබාදෙන මෙන් ජාබේශ් මෙම යැදුම මගින් ඉල්ලන්නේය.

(4) විපතින් ආරක්ෂාව

යේසුස්වහන්සේ තම ශ්‍රාවකයන්ට මෙලෙස යාච්ඤා කිරීමට ඉගැන් වූ සේක. ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි නපුරෙන් අප ගැලවුව මැනව (මතෙව් 6:9–13), එලෙසම ජාබේශ් ද තමාගේ රැකවල්කරු ලෙස දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලා සිටී.

ජාබේශ් ඔහුගේ යාච්ඤාව තුලින් බලාපොරොත්තු වූයේ දුකෙන් තොර ජීවිතයක් සදහාය, එසේම අපට අවසන් වශයෙන් ඔහු ගැන දැනගත හැක්කේ දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාවට පිලිතුරු දුන් බවයි. 1 රාජාවලිය 3: 5–14 හි සදහන් වන පරිදි සලමොන් තමාට ප්‍රඥාව ලබාදෙන ලෙස නිහතමානීව කළ යාච්ඤාවට පිලිතුරු ලැබුවාක් මෙන් ජාබේශ් තමාට ආශිර්වාද කරන මෙන් දෙවියන්වහන්සේට කළ ඉල්ලීමට ද පිලිතුරු ලැබුවේය. එමගින් ඔහු ලැබූ සාර්ථකත්වය මුලින් ඔහු අත්වින්දා වූ ශෝකය ඉක්මවා ගියේයග ජාබේශ්ගේ යාච්ඤාව ඔහුගේ ශෝකජනක නාමය පැරදවීය.

අපගේ ජීවීතයේ දී යාච්ඤාවට මුල් තැනක් දිය යුතු ආකාරය සදහා ජාබේශ්ගේ යාච්ඤාව හොද උදාහරණයකි. අපගේ සෑම අවශ්‍යතාවයක් සදහාම දෙවියන්වහන්සේගේ පිහිට පැතිය යුතු අතර, එමගින් අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙත ලගා කළ හැක. (හෙබ්‍රෙව් 4:16), හන්නා, ජෝනා, හෙසකියා, පාවුල් යන අයගේ යාච්ඤා සහ ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව (මතෙව් 6:9–13) මෙන්ම ජාබේශ්ගේ යාච්ඤාව මගින්, දෙවියන්වහන්සේගේ දරුවකු උන්වහන්සේගේ කරුණාව කෙරෙහි යැපෙමින්, ඇදහිල්ලෙන් හා යටත්පහත් කමින් උන්වහන්සේගේ මහිමය කරා ලගා වූ අවස්ථාවක් සම්බන්ධව කදිම නිදසුනක් අපට ලබා දී ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජාබේශ්ගේ යැදුම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries