settings icon
share icon
ප්‍රශ්නය

බලසම්පන්න යාච්ඤා ජීවිතයකට ඇති සමහර බාධා මොනවාද?

පිළිතුර


වඩාත් ඵලදායි යාච්ඤාවකට ඇති ඉතාමත් පැහැදිලිව බාධාව වන්නේ, යාච්ඤා කරන පුද්ගලයාගේ හදවත තුළ ඇති, පාපොච්චාරණය නොකළ පාපයයි. අපගේ දෙවියන් වහන්සේ ශුද්ධ හෙයින්, අප පාපොච්චාරණය නොකළ පාප සහිතව උන් වහන්සේ වෙතට ළඟාවීම හේතුකොට ගෙන, අප සහ එතුමන් අතර මහත් බාධාවක් ඇති වේ. “නමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළේය. උන් වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන් වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙව්වේය” (යොසායා 59:2). තමාගේ පාප සඟවන්නට උත්සහා කරන්නන්ගෙන් දෙවියන් වහන්සේ ඉතා ඈත්ව සිටින බව, තම අත් දැකීමෙන් දන්නා බවට දාවිත්ද එකඟතාවය පළ කරයි. “අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමින් වහන්සේ මාගේ බස් නාසන සේක” (ගීතාවලිය 66:18).

ඵලදායි යාච්ඤාවකට පාපයේ කොටස් කීපයක්ම බාඬා පමුණුවන බව බයිබලයේ සඳහන් වේ. පළමුකොට, අප ආත්මයාණන් කරණකොට නොගෙන, මාංශාකාරයෙන් ජීවත්වන විට, අපට යාච්ඤා කිරීමට ඇති ආශාව සහ ඵලදායි ලෙස දෙවියන් වහන්සේ හා සමග සන්නිවේදනයේ යෙදීමට ඇති හැකියාවට බාධාවක් ඇති වේ. අප ආත්මිකව නැවත උත්පාදන වූ විට අපට අලුත් ස්වභාවයක් ලැබුණද, ඒ අලුත් ස්වභාවය තවමත් අපගේ පරණ මාංශය තුළ රැඳී පවතින අතර, එම පරණ “කුඩාරම” දුෂ්ට සහ පාපිෂ්ඨ එකක් වේ. “අප ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසන්නට” (රෝම 8:13) සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම තුළින් දෙවියන් වහන්සේ හද සමග නිසි සබඳතාවයකට ඇතුල්වීමට කාර්‍යයක්‍ෂම නොවූවොත්, අපගේ ක්‍රියාවන් ආකල්ප සහ අභිප්‍රායන් අපගේ මාංශයේපාලනය යටතට ඒමට හැකියාවක් තිබේ. අපට එතුමන් හා ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇතුව යාච්ඤා කිරීමට හැකි වන්නේ එවිටයි.

ඵලදායි යාච්ඤාවකට ඇති තවත් බාධාවක් නම්, එක් ආකාරයකින් මාංශයෙන් ජීවත්වීමෙන් විද්‍යාමාන වන ආත්මාර්ථකාමිත්වයයි. අපගේ යාච්ඤාවන් ආත්මාරාථකාමි අභිප්‍රායන් වන්නේ අපි දෙවියන් වහන්සේ කැමති දේ නොඉල්ලා අපි කැමති දේ පමණක් ඉල්ලන අවස්ථාවලදීය. එම අභිප්‍රායන් අපගේ යාච්ඤාවන්ට බාධාවක් වේ. “උන් වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසැකකම නම් අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන් වහන්සේ අපේ ඉල්ලීම් අසන බවය” (1 යොහන් 5:14). දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයට ඉල්ලීම යන්නට සමාන අර්ථයක් ගන්නේ උන් වහන්සේගේ කැමැත්ත කුමක්දැයි හරියටම නොදන්නා නමුත් එයට යටහත් වී ඉල්ලීමයි. මේ සියලු දේ තුලදී අපට යාච්ඤාවේ එකම ආදර්ශය විය යුත්තේ යේසුස් වහන්සේ පමණි. උන් වහන්සේ සැමවිටම යාච්ඤා කළේ පියාණන් වහන්සේගේ කැමැත්ත තුලෙහිය. “එසේවී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි කීසේක” (ලූක් 22:42). ආත්මාර්ථකාමි යාච්ඤා වූ කලී අප‍ෙග්ම ආත්මාර්ථකාමි ආශාවන් ඉටු කරගැනීමේ අරමුණින් කරන ඒවා වන අතර එවන් යාච්ඤාවලට ප්‍රතිචාර දැක්වීමට කිසිවිටක අප දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු නොවිය යුතුය. “නුඹලා ඉල්ලන නමුත් නුඹලාගේ තෘෂ්ණ ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත” (යාකොබ් 4:3).

ආත්මාර්ථකාමි සහ මාංශමය ආශාවන් අනුව ජීවත්වීමද අපගේ යාච්ඤාවන්ට බාධාවක් වන්නේ ඒ තුලින් අන් අය කෙරෙහි හදවතෙහි ඇඩි භාවයක් ඇති වන හෙයිනි. අප විසින් අන් අයගේ අවශ්‍යතා අවැදගත් ලෙස සැලකුවහොත් දෙවියන් වහන්සේ අපගේ අවශ්‍යතාද අවැදගත් ලෙස සලකනු ලබන සේක. අප යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට යන කල්හී ප්‍රථමයෙන්ම සැලකිල්ලට භාජනය කළ යුත්තේ එතුමන්ගේ කැමැත්තයි. දෙවනුව, අන් අයගේ අවශ්‍යතාවයන් වේ. මෙයින් මුල පුරන්නේ අප අපට වඩා අන් අය ගැන සලකා බලා ඒ අයගේ අවශ්‍යතාවයන් අපගේ අවශ්‍යතාවයන්ට වඩා ඉහළින් සැලකිල්ලට ගත යුතුයි යන අවබෝධයය (පිලිප්පි 2:3-4).

ඵලදායි යාච්ඤාවකට ඇති තවත් බලවත් බාධාවක් නම්, අන් අයට සමාව නොදීමයි. අප අන් අයට සමාව දීමට ප්‍රතික්ෂේප කළ විට තිත්තකම අපගේ හදවත් වල මුල් බැස ගන්නා අතර අපගේ යාච්ඤාවන්ට යම්කිසි හිරවීමකට ලක්වේ. අප අන් අය කෙරෙහි අප‍ෙග් සිත්වල තිත්තකමින් සිටියහොත් අප වැනි නුසුදුසු පව්කාරයන්ට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ගලා එවන්නට බලාපොරොත්තු විය හැක්කේ කෙසේද? මෙම ප්‍රතිපත්තියට ඉතාමත් අලංකාර අයුරින් උදාහරණ දක්වා ඇත්තේ මතෙව් 18:23-25 හී සඳහන් අකරුණාවන්ත දාසයාගේ උපමාවෙන්ය. මෙම කථාවෙන් උගන්වනු ලබන්නේ දෙවියන් වහන්සේ කිසිසේත් මිනුම් කළ නොහැකි අපගේ පව්වලට කමා කර ඇති සේම අපට වැරදි කර ඇති අයටත් අප විසින් සමාවදීමට බලාපොරොත්තු වන සේක. එසේ කිරීම අප ප්‍රතික්ෂේප කලහොත් එය අපගේ යාච්ඤාවට මහත් බාධාවක් වේ.

ඵලදායි යාච්ඤාවකට ඇති තවත් බලවත් බාධාවක් නම් අවිශ්වාසය සහ අනුමාන කිරීමයි. සමහර අයෙක් යෝජනා කර ඇති ආකාරයට අප දෙවියන් වහන්සේ වෙතට එනු ලබන්නේ එතුමන් අප‍ෙග් සියලු ඉල්ලීම් ඉටුකර දෙයි යන අවබෝධයෙන් නිසා. උන් වහන්සේ ඒ සියලු දේ ඉටු කරදීමට බැඳී සිටියි යන්න මෙයින් අදහස් නොවේ. අනුමාන නොකොට යාච්ඤා කිරීම යන්නෙහි අර්ථය නම් දෙවියන් වහන්සේගේ චරිතය ස්භාවය සහ අභිප්‍රායන් තේරුම් ගෙන සුරක්ෂිත විශ්වාසයකින් යුක්තව යාච්ඤා කිරීමයි. “නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්, උන් වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය” (හෙබ්‍රෙව් 11:6). අප දෙවියන් වහන්සේ වෙතට යාච්ඤාවෙන් එන කළ එතුමන්ගේ චරිතය අරමුණ සහ පොරොන්දු ගැන අනුමාන කලහොත් එය අපි උන් වහන්සේට කරන දරුණු අපහසයක් හා සමාන වේ. අපගේ ජීවිත වලට උන් වහන්සේගේ කැමැත්ත සහ අරමුණට සනුකුලව අප‍ෙග් ඉල්ලීම් ඉටුකර දීමට එතුමන්ට ඇති පුළුවන්කම පිළිබඳව අපට විශ්වාසයක් තිබිය යුතුය. උන් වහන්සේ අරමුණු කරන්නේ ඉතාමත්ම උතුම්ම කාරණයයි යන අවබෝධයෙන් අප යාච්ඤා කළ යුතුය. “නමුත් අනුමාන නොකර ඇදහිල්ලෙන්ම ඉල්ලාවා. මක්නිසාද අනුමාන කරන්නා සුළඟින් ගෙන යන්නාවූ සෙල‍ෙවන්නාවූ මුහුදේ රැලට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමින් වහන්සේගෙන් යමක් ලැබේ යැයි නොසිතනවා. ඔහු දෙසින් ඇති මනුෂ්‍යයෙක්වත් තමාගේ සියලු මාර්ග වලදී අස්ථීරව සිටන්නේය” (යාකොබ් 1:6-8).

අවසාන වශයෙන්, නිවසේ ඇති අසමගිකම් යාච්ඤාවලට ඇති ඒකානාත බාධාවක් වේ. පේත්‍රැස් විශේෂයෙන්ම සඳහන් කරන ආකාරයට ස්වාමි පුරුෂයෙක් තමාගේ භාර්යාව ආත්මිකභාවයෙන් අඩුය යන ආකල්පයෙන් යාච්ඤා කිරීමත් බාධාවක් බව පෙනී යයි. “එසේම පුරුෂයෙනු, නුඹලාගේ යාච්ඤාවලට බධා නොපැමිණෙන පිණිස,, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමග දැන ගැන්මේ හැටියට වාසය කරමින් ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරයන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා” (1 පේත්‍රැස් 3:7). පවුල් සබඳතා අතර බරපතල ගැටුම ඇති අවස්ථා සහ ගෘහ මූලිකයා පේත්‍රැස් සඳහන් කර ඇති ආකල්ප ආදර්ශණය නොකිරීම හේතුකොටගෙන ස්වාමි පුරුෂයා දෙවියන් වහන්සේට යාච්ඤාවෙන් සම්බන්ධවීම බාධාවක් බවට පත් වේ. එසේම භාර්යාවන්ද බයිබලයේ සඳහන් වන ආකාරයට, තමාගේ සුවාමි පුරුෂයාගේ නායකත්වයට යටහත් වීමේ න්‍යාය අනුගමනය කළ යුත්තේ, ඔවුන්ගේ යාච්ඤාවන්ට බාධා නොපමුණුවා ගැනීම පිණිසය (එපීස 5:22-24).

භාග්‍යයකට මෙන්, මෙවන් යාච්ඤාවලට ඇති බාධා උදෙසා එක වරම කටයුතු කළ හැක්කේ පාපොච්චාරණය සහ පශ්චාත්තාපවීමේ යාච්ඤා සමග දෙවියන් වහන්සේ වෙතට ඒමෙන්ය. 1 යොහන් 1:9 මගින් අපට සහතික පරිදි “අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක”. අප එලෙස කළ විට දෙවියන් වහන්සේ හා සමග නිරවුල් සහ විවෘත සන්නිවේදන නාලිකාවක් අත්විඳීමට අපට හැකි වන අතර, අපගේ යාච්ඤාවන් ඇසී ඒවාට පිළිතුරු ලැබෙනවා පමණක් නොව, අපද ඉතා ගැඹුරු ප්‍රීතියකින් පිරී ඉතිරී යයි. English



නැවතත් සිංහල මුල් පිටුවට

බලසම්පන්න යාච්ඤා ජීවිතයකට ඇති සමහර බාධා මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries