settings icon
share icon
ප්‍රශ්නය

ලොම් මිටක් දෙවියන්වහන්සේ ඉදිරියේ තබා යාච්ඤා කිරීම පිලිගත හැකි ද?

පිළිතුර


විනිශ්චයකාරයන්ගේ පොතෙහි 6 වන පරිච්ඡේදයේ සදහන් වන ඊශ්‍රායල් නායකයෙකු වන ගිඩ්යොන්ගේ කථාව තුලින් ලොම් මිටක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය ආරම්භ වී ඇත. මිදියන්වරුන් පරාජය කිරීම සදහා ඊශ්‍රායෙල් ජාතිකයන් එක්රැස් කිරීමට දෙවියන්වහන්සේ ගිඩියොන් කැදවු විට, තමාට සත්තකින්ම ඇසෙන්නේ උන්වහන්සේගේ හද, තමා එතුමාගේ මගපෙන්වීම තේරුම් ගත්තා ද යන්න තහවුරු කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එම කැදවීම සැබවින්ම දෙවියන්වහන්සේගේ කැමැත්ත ද යන්න ඔප්පු කිරීමට ඔහු උන්වහන්සේගෙන් ලකුණක් ඉල්ලීය. ඒ අනුව ඔහු ලොම් මිටක් රාත්‍රිය පුරාම එලිමහනේ තබා අවට පරිසරය වියලිව තිබිය දී, එම ලොම් මිට පමණක් තෙත්බර වීමට සලස්වන ලෙස ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලීය. උන් වහන්සේ කරුණාබරිතව එම ඉල්ලීම ඉෂ්ඨ කර දුන් අතර, උදෑසන වන විට එම ලොම් මිට කෙතරම් තෙත්බර වුවාද යත්, එය මිරිකා හැරිය විට වතුර බදුනක් පිරි ගියේය.

කෙසේ වෙතත් ගිඩියොන්ගේ ඇදහිල්ල කෙතරම් දුර්වල වුවාද යත්, ඔහු තවත් ලකුණක් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය, එනම් වෙනත් ලොම් මිටක් තෙත්කොට, තෙත් වූ පරිසරයක තබා එම ලොම් මිට පමණක් වියලි භාවයට පත් කරන ලෙසටය. ඒ අවස්ථාවේදීද දෙවියන්වහ්නසේ ඔහුගේ ඉල්ලීම ඉෂ්ඨ කර දුන් සේක. දෙවියන්වහන්සේ තමන්වහන්සේ පවසන දෙය ඉටු කරන බවද, විනිශ්චයකාරයන්ගේ පොතේ 6:14–16 පද වල සදහන් පරිදි දෙවියන් වහන්සේගේ දූතයා මගින් පොරොන්දු වූ පරිදි ඊශ්‍රායල් ජාතිය ජයග්‍රහණය කරන බවද, ගිඩියොන් හට ප්‍රත්‍යක්ෂ විය. දෙවියන්වහන්සේ තමාට කථාකරන බවටත්, උන්වහන්සේ පවසන දෙය ඉටුකර දෙන බවටත් ලකුණක් දෙවියන් වහන්සේගෙන් ගිඩියොන් ඉල්ලූ දෙවන අවස්ථාව මෙය වේ.

ගිඩියොන්ගේ කථාව තුලින් අපට බොහෝ දේ ඉගෙන ගත හැක. පළමුවැන්න නම්, දෙවියන්වහන්සේගේ අදහා නොගත හැකි තරම් වූ කාරුණික බව සහ විශේෂයෙන් අපගේ ඇදහිල්ල දුර්වල වූ විට අප ගැන ඉවසිල්ලෙන් බලා සිටින බවත්ය. තමා ගමන් කරන්නේ භයානක මාර්ගයක බව ගිඩියොන් දන්නා බැවින් දෙවියන්වහන්සේගේ ඉවසීම පිරික්සීම සදහා ලකුණු කීපයක් ඔහු ඉල්ලීය. පළමු පිරික්සීම කළ පසු ඔහු පැවසුවේ ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිලේවා. තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව ( විනිශ්චයකාරයන්ගේ පොත 6:39) යනුවෙනි. නමුත් අපගේ දෙවියන් වහන්සේ වනාහි කාරුණාවන්ත, ආදරණීය සහ ඉවසිලිවන්ත, අපගේ දුර්වලකම් දන්නා දෙවිකෙනෙකි. කෙසේ වුවද, ගිඩියොන්ගේ කථාව අපට මගපෙන්වීමක් මිස, අපගේ ක්‍රියාකලාපය සදහා ප්‍රතිරූපයක් නොවිය යුතුය. මතෙව් 12:39, 16: 1–4 අනුව යේසුස්වහන්සේ දෙවරක්ම මෙසේ වදාල සේක. හාස්කමක් සොයන්නේ අදම්ටු, අදේවදෘෂ්ඨික පරම්පරාවකි. ඔවුන් සැබවින්ම සොයන්නේ සත්‍යතාවය නම් පැරණි ගිවිසුමේ දිවැසි වාක්‍යයන් සම්පූර්ණ කිරීම, සුව කිරීම සහ අනෙකුත් ආශ්චර්‍යමත් ක්‍රියා මගින් තමන් වහන්සේ සපයා ඇති ලකුණු ප්‍රමාණවත් බවත් යේසුස්වහන්සේ පෙන්වා දී ඇත. එබැවින් ඔවුන් සොයන්නේ සැබෑ සත්‍යතාවය නොවේ.

ගිඩියොන්ගේ ලොම් මිටිය මගින් අපට ලබාදෙන තවත් පාඩමක් නම්, දෙවියන්වහන්සේගෙන් ලකුණු ඉල්ලා සිටින අය ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ දුර්වල සහ පරිනත නොවු ඇදහිල්ල බවත්, එම ඇදහිල්ල ලකුණු මගින් කෙසේවත් තහවුරු කළ නොහැකි බවත්ය. ලොම් මිටිය මගින් පෙන්වු ලකුණට වඩා බොහෝ දැනුවත් වීම් ගිඩියොන්ට ලැබී ඇත. ඔහුට ජයග්‍රහණය ලැබෙන බව (14 පදය) සහ මීට ප්‍රථම ඔහු කළ ඉල්ලීමකම උන්වහන්සේ පුදුමජනක ගිනි ප්‍රදර්ශනයක් මගින් දුන් ලකුණු තුලින් ප්‍රතිචාරය දක්වා ඇත. (16 පදය) ඒ කෙසේ වුව ද, ගිඩියොන්ගේ අස්ථාවරභාවය නිසාම ඔහු තවත් ලකුණු දෙකක් ඉල්ලා සිටියේය. එලෙසින්ම අප ඉල්ලා සිටින ලකුණු දෙවියන් වහන්සේ අපට දක්වන නමුත්, එමගින් අප තරයේ ඉල්ලා සිටින දෙයම නොලැබෙන්නේ අපගේ අස්ථර ඇදහිල්ල නිසා ඇතිවන සැකය නිසාය. එමගින් බොහෝ විට විවිධ ලකුණු ඉල්ලා සිටීමට අපට ඉඩ සැලසෙන අතර, ඒ කිසිවක් ම!ගින් අපට අවශ්‍ය සහතිකය නොලැබේ. එයට හේතුව වන්නේ අපගේම අවතක්සේරුව මිස, දෙවියන්වහන්සේගේ බලය පිළිබදව ගැටඵවක් නොවේ.

ගිඩියොන්ගේ ලොම් මිටිය නමැති ක්‍රියාව අප ආදර්ශමත්කොට සැලකීමෙන් ඇතිවන ගැටඵව නම්, එමගින් ගිඩියොන්ගේ අවශ්‍යතාවය සහ අපගේ අවශ්‍යතාවයන් සැබෑ ලෙස සංසන්දනය කළ නොහැකි බව සලකා නොමැති වීමය. ගිඩියොන් සතුව නොතිබු ආයුධ දෙකක්, කිතුබැතියන් වන අප සතුව ඇත. පළමුව, අපට සම්පූර්ණ දේවවචනය, එනම් 2 තිමොති 3:16–17 අනුව දේවානුභාවයෙන් යුත් මුඵ ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරුකිරීමට ද ප්‍රයෝජනවත් වෙයි. දෙවියන්වහන්සේට කැප වූ පුද්ගලයා සම්පුර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑම යහපත් සේවයකට සූදානම්ව සිටින්නේ එසේය. යන්න දනිමුව. අපගේ ජීවිතයට අවශ්‍ය කුමන හෝ සෑම දෙයක්ම ස!දහා අපට අවශ්‍ය වන්නේ දේව වචනයෙන් හොදින් සැරසී සිටීම පමණක් බව දෙවියන්වහන්සේ අපට සහතක වී ඇත. උන්වහන්සේ දැනටමත් අපට පවසා ඇති ප්‍රකාශන වල සත්‍යතාවය විමසා බැලීමට ලකුණු, හවල්, ප්‍රාතිහාර්‍යයන් වැනි දේ අවශ්‍ය නැත. ගිඩියොන්ට වඩා අප ප්‍රමුඛතාවයෙන් සිටීමට හේතුවන දෙවන කරුණ වන්නේ, සෑම කිතුබැතියකුගේ හදවත් තුල දෙවියන්වහන්සේම වන ශුධාත්මයාණන් වහන්සේ වැඩවසමින්, ඔවුන්ට මගපෙන්වමින්, දිරිගන්වන බැවිනි. පෙන්තකොස්ත දිනට පෙර සැදැහැවතුන් අනුගමනය කළේ පැරණි ගිවිසුම පමණක් බැවින්, දෙවියන්වහ්නසේගේ සැපයීමේ හස්තය මගින් ඔවුන්ට බාහිරව මගපෙන්වීම ලැබින. දැන් උන්වහන්සේගේ සම්පුර්ණ බයිබලය සහ අපගේ හදවත් තුල උන්වහන්සේගේ වැඩ විසීම අප සතුව ඇත.

ලොම් මිටි මගින් ලකුණු සෙවීමට වඩා, සෑම තත්වයකදීම සහ සෑම දිනකදීම අප කෙරෙහි ඇති දේව කැමැත්ත ගැන අප සෑහීමකට පත් විය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ දහම් පණිවිඩය ඔබ තුල සියඵ ප්‍රඥාවෙන් සමෘද්ධව පවතීවා (කොලොස්සි 3:16). නිතරම ප්‍රීති වන්න. නොකඩවා යාච්ඤා කරන්න. සියල්ලෙහි දී ස්තූති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන්වහ්නසේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ. (1 තෙසෙලෝනික 5:16–18) තවද ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් කරමින් උන්වහන්සේ තුළින් දෙවිපියාණන්වහන්සේට ස්තූති කරන්න

(තෙසෙලෝනික 3:17) මේ ගුණාංග අපගේ ජීවිතවල අඩංගු නම් අප ගන්නා තීරණ දෙවියන්වහ්නසේගේ කැමැත්ත අනුව වන අතර, උන්වහන්සේ මිල කළ නොහැකි ලෙස, අපට ආශිර්වාදකොට සමාදානය සහ සැනසීම අපට ලබාදෙන අතර, ලකුණු ඉල්ලීම් සදහා ලොම් මිටි ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයන් නොමැති වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලොම් මිටක් දෙවියන්වහන්සේ ඉදිරියේ තබා යාච්ඤා කිරීම පිලිගත හැකි ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries