settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤා කිරීමේ දී ඉටිපන්දම් / ඉටි පහන් භාවිතා කිරීමට අවසර දී ඇද්ද?

පිළිතුර


අප යාච්ඤා කරන විටදී හෝ ඊට සම්බන්ධ වෙනත් ක්‍රියාවක යෙදෙන විට ඉටිපන්දම් දැල්වීම නුසුදුසු බව දේව වචනයේ කොතැනකවත් පෙන්වා දී නැත. ඉටි පන්දම් වලට කිසිම බලයක්, ශක්තියක්, ගුප්ත බලයක් හෝ අද්භූත හැකියාවක් නැත. එහි ඇත්තේ ඉටි, නුල් කැබැල්ලක් හා සමහර විට සුගන්ධ ද්‍රව්‍යයක් හැර වෙනත් කිසිවක් එහි අඩංගු වී නැත.

ඉටිපන්දම් සහ වෙනත් ආලෝක කරනයක් මගින් යේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව මකත් කර දීම සිදු විය හැක. යොහාන් 12:36 හී සදහන් පරිදි "ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ඒ ආලෝකය විශ්වාස කරන්න" යන්න ඉටිපන්දම් මගින් අපට සිහිගන්වනු ඇත. අප යාච්ඤා කරන විට ලෝකයේ ආලෝකය වන යේසුස්වහන්සේ කෙරෙහි අපගේ අවධානය යොමු කර වීමට ඉටිපන්දමක් දැල්වීමෙන් උපකාර වනු ඇත.

අපගේ යාච්ඤා ස්වර්ගය වෙත එසවීමට, එම යාච්ඤා වඩාත් බලවත් සහ ප්‍රතිඵලදායක කිරීමට, අපගේ යාච්ඤාවලට තවත් යමක් එකතු කිරීමට හෝ අප උදෙසා යාච්ඤා කිරීමට ඉටිපන්දම් වලට හැකියාවක් නොමැත. උදාහරණයක් වශයෙන්, යම් තැනැත්තෙක් ඉටිපන්දමක් දල්වා යාච්ඤා කිරීමෙන්, එම තැනැත්තා දේවස්ථානයෙන් පිටව ගිය පසුවද එම යාච්ඤාවෙන් ඉල්ලු කාරණාව එහි බොහෝ වේලාවක් රදා පවතින බවට රෝමානු කතෝලික සභාව විශ්වාස කරති. මෙය දේව වචනයට පටහැනිය. යාච්ඤාව යනු අප ස්වර්ගීය පියාණන් සමග පවත්වන්නාවු සංවදයක් මෙන්ම එකම ආත්මයක් බෙදා ගන්නා, ජීවමාන, අවභෝධයෙන් යුත් සහ ප්‍රතිචාර දක්වන දෙදෙනෙක් අතර ඇති වන දෙබසකි. එබැවින් කිසිම ඉටිපන්දමක් දැල්වීමෙන් එවැනි සම්බන්ධතාවයක් ඇති කර ගත නොහැක.

විවිධ ආගමික පිලිවෙත් සදහා ඉටිපන්දම් උපයෝගි කරගනී. මායාකරුවන්, යකැදුරක්, කතෝලිකයන්, නව ආගමික කොටස්, සමහර ප්‍රොතෙස්තන්තවරුන්, යුදෙව්වන්, බෞද්ධයන් සහ හින්දු ආගමිකයන්, ඔවුන්ගේ නමස්කාර මෙහෙයන් සදහා ඉටිපන්දම් භාවිතා කරති. ගුප්ත, ගුප්තවාදි නමස්කාර ක්‍රම බිහිවීම සදහා බාර ඔප්පු කිරීමට ඉටි පන්දම් භාවිතය ඉවහල් වන අතර, අත්දැකීම් තුලින් යථාර්තය කරා යාමද සිදුවේ.

අවසානයේදී යාච්ඤා කිරීමේ දී ඉටිපන්දම් දැල්වීම වරදක් නොවේ. නමුත් එහි භයානක කම වනුයේ එම ඉටිපන්දම් වල නොමැති බලයක් එයට පැවරීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤා කිරීමේ දී ඉටිපන්දම් / ඉටි පහන් භාවිතා කිරීමට අවසර දී ඇද්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries