settings icon
share icon
ප්‍රශ්නය

පබඵ ඇට මගින් යාච්ඤා කිරීම යනු කුමක් ද? යාච්ඤා කිරීමේ දී පබඵ ඇට භාවිතා කිරීම සුදුසු ද?

පිළිතුර


යාච්ඤා කිරීමේ පබඵ ඇට හෙවත් සාමාන්‍යයෙන් හැදින්වෙන කොන්ත පබඵ ඇට භාවිතාවන්නේ, මෙනෙහි කිරීම සහ යාච්ඤා කිරීම සදහාය. එම පබඵ ඇට ප්‍රමාණයට සමානව යාච්ඤාවන් නැවත නැවත උච්චාරණය කරනු ලැබේ. මෙම යාච්ඤා පබඵ ඇට හෝ කොන්තය චාරිත්‍රානුකූලව කතෝලික ධර්මයට සම්බන්ධවන නමුත්, එය බොහෝ ආගමික චාර්ත්‍ර වලට අදාලව බොහෝ සෙයින් ප්‍රචලිත වී ඇත.

මූලික කොන්තය පබඵ ඇට 59 ක් එකිනෙක සම්බන්ධකොට මාලයක ආකාරයෙන් සකසා ඇත. එක් එක් පබඵ ඇටයක් බැගින් අතින් අල්වා ගෙන යාච්ඤා කිරීම එහි අරමුණයි. මෙම පබඵ ඇට අතරින් 53ක් "නමෝ මරියනි" යන යාච්ඤාව සදහා ද ඉතිරි පබඵ ඇට 6 "ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි" යන යාච්ඤාව සදහා ද භාවිතා කරනු ලැබේ. මෙම යාච්ඤා ඔප්පු කරන අතරදී තමාගේ ඇගිලි මෙම පබඵ ඇට දිගේ හසුරුවන කල්හි, භෞතික වශයෙන් යාච්ඤා වාර ගණන ගැන දැනුමක් ඇති කර ගැනීමට හැකි වේ.

ක්‍රිස්තියානි සමූහයන් අතර භාවිතාවන මෙම කොන්තයේ ඉතිහාසය පුරාණ ධර්මදූතයන්ගෙන් පැවත ගෙන එන බව සොයා ගෙන ඇත. මෙම කොන්ත පබඵ භාවිතය, ධර්මදූතයන් විසින් උපුටාගෙන ඇත්තේ අරාබිවරුන්ගෙත් බවත්, අරාබිවරුන් එය අනුකරණය කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන්ගෙන් බවත් ඉතිහාසය සම්බන්ධව ලේඛකයන් නිගමනය කර ඇත. ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන අර්තෙමිස් හෙවත් ඩයනා දේවතාවියගේ දේවාලයේ එතුමියට නමස්කාර කිරීමට එපිසවරුන් මෙම පබඵ ඇට ක්‍රමය භාවිතා කර ඇති බවට මෑතකදී සිදු කරන ලද පුරාවස්තු ගවේශන වලින් හෙලිවී ඇත. (ක්‍රියා 19:24–41).

කොන්ත මාලය මගින් ඔප්පු කරන යාච්ඤා 180 ක් පමණ ගණනය කිරීම සදහා රෝමානු කතෝලිකයන් මෙම පබඵ ඇට මගින් යාච්ඤා කිරීමේ ක්‍රමය උපයෝගි කරගෙන ඇත. උදාහරණයක් වශයෙන්, ස්වාමීන්ගේ යාච්ඤාව, නමෝ මරියනි, සහ මහිමයේ යාච්ඤාව සදහන් කළ හැක. පබඵ ඇට මගින් යාච්ඤා කිරීම පදනම් වී ඇත්තේ, ඉහත සදහන් යාච්ඤා නැවත නැවත උච්චාරණය කිරීමෙන් එම යාච්ඤා ඔප්පු කරන තැනැත්තාට නිරයේ ගිනි ජාලයේ දුක්විදීමේ දුවමින් බේරීම උදෙසා අවශ්‍ය ආනිශංස හෝ දෙවියන් වහන්සේගේ උදව්ව තහවුරු කර ගත හැකිය යන මතය තුලය.

පබඵ ඇට මගින් යාච්ඤා කිරීම දේව වචනයට අනුකූල නොවේ. තමන්ගේ යාච්ඤා නැවත නැවත උච්චාරණය කිරීම ගැන යේසුස්වහන්සේ එකල සිටි ආගමික නායකයන් දැඩි පිලිකුලට ලක් කළ සේක. සැබවින්ම උන්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ "විජාතිකයන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන්වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔව්හු සිතති" (මතෙව් 6:7) යනුවෙනි. කිසිම හැගීමකින් තොරව, ස්වංක්‍රීය සූත්‍රයන් ලෙස සලකා යාච්ඤා කිරීම නොකළ යුතු අතර ඒවා නැවත නැවත උච්චාරණය නොකළ යුතුය. මෙම යාච්ඤා ක්‍රමය භාවිතා කරන බොහෝ දෙනෙක් පවසන්නේ කොන්තය ඔවුන්ගේ තම කමින් ඈත් වී ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු වීමට උදව් වන බවය. නමුත් එහි ඇති ප්‍රශ්නාර්ථය නම්, එකම වාක්‍ය මාලාව නැවත නැවත උච්චාරණය කිරීමෙන් මන්ත්‍රයක් ජප කිරීමක් ලෙස එය දැක්වෙන බව වීමය.

යාච්ඤාව වනාහි ක්‍රිස්තියානි අයට ලැබී ඇති විශ්මිත වරප්‍රසාදයක් වේ. මන්ද විශ්වයේ මැවුම්කරුවානන් තමන්වහන්සේ වෙතට බිය සැකින් තොරව ළගා වීමට සහ (හෙබ්‍රෙව් 4:16) උන්වහ්නසේ සමග කථා බස් කරන ලෙසට අපට ආරාධනා කරන සේක. අප උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙත්, ස්තූති පුදන්නෙත්, උන්වහ්නසේට යටත් වන්නෙත් යාච්ඤාව මගින්ය. එබැවින් යාච්ඤා පබඵ ඇට මගින් සාමාන්‍ය යාච්ඤාවන් නැවත නැවත උච්චාරණය කිරීමෙන් උන්වහන්සේ සමග අපගේ ගැඹුරු සම්බන්ධතාවය වැඩි දියුණු වන්නේ කෙසේද? යන්න වටහා ගැනීමට අපහසුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පබඵ ඇට මගින් යාච්ඤා කිරීම යනු කුමක් ද? යාච්ඤා කිරීමේ දී පබඵ ඇට භාවිතා කිරීම සුදුසු ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries