settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


කිතුනුවන් බොහෝවිට "දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම" ගැන කථා කරන අතර බයිබලය සියලු ජීවීන්ට ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන ලෙස අණ කරයි (ගීතාවලිය 150:6). "ප්‍රශංසා කිරීම" සඳහා එක් හෙබ්‍රෙව් වචනයක් වන යාඩා, එහි අර්ථය "ප්‍රශංසා කිරීම, ස්තුති කිරීම, ප්‍රකාශ කිරීම" යන්නයි. පරණ ගිවිසුමේ "ප්‍රශංසා" ලෙස බොහෝවිට පරිවර්තනය කර ඇති දෙවන වචනය සමාර්, "ප්‍රශංසා ගායනා කිරීම" යන්නයි. (හලෙලූයා හි මුල), එහි අර්ථය "ප්‍රශංසා කිරීම, ගෞරව කිරීම හෝ ප්‍රශංසාව ප්‍රකාශ කිරීම" යන්නයි. මෙම පද තුනේම ප්‍රශංසාව ලැබීමට සුදුසු කෙනෙකුට ස්තූතිය හා ගෞරවය ලබාදීමේ අදහස අඩංගු වේ.

ගීතාවලිය පොත දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ ගීත එකතුවකි. 9 වන ගීතිකාව ඒ අතරවේ. "මම ඔබ ගැන සතුටුවී ප්‍රීති වන්නෙමි. මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි" (2 පදය). ගීතාවලිය 18:3 පවසනවා දෙවියන් වහන්සේ "ප්‍රශංසාව ලැබීමට වටිනවා" කියා. ගීතාවලිය 21:13 දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ කවුරුන්ද යන්න සහ උන් වහන්සේගේ මහත් බලය නිසාය. "ස්වාමීනි, ඔබේ ශක්තියෙන් උසස්ය. අපි ඔබේ ශක්තිය ගායනා කර ප්‍රශංසා කරන්නෙමු. "

150 වන ගීතිකාව ප්‍රශංසා යන පදය පද හයකින් දහතුන් වතාවක් භාවිතා කරයි. පළමු පදයේ ප්‍රශංසාව කොහේ දැයි පවසා එය තැනකම යැයි පැවසේ . "දෙවියන් වහන්සේගේ ශුද්ධස් ථානයේදී උන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසා කරන්න. "

• ඊළඟ පදය ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමට "ඇයි" කියා උගන්වයි: "උන් වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසා කරන්න; උන් වහන්සේගේ ශ්‍රේෂ්ධත්වය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න."

• විවිධාකාර උපකරණ හා නර්තන යන්ගෙන් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නේ කෙසේද යන්න 3-5 දක්වා පදවල සටහන් වේ. ලබාදී ඇති හැඟීම නම්, අප ශබ්ද කළ යුතු සෑම ක්‍රමයක්ම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා යොදා ගත යුතු බවයි.

• 6 වන පදය අපට පවසන්නේ "කවුද" යන්න ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළ යුතු බවයි: "හුස්ම ඇති සියල්ලෝ ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරත්වා. සමිඳාණන්වහන්සේට ප්‍රශංසා කරන්න." සෑම ජීවියෙක්ම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමයි.

අළුත් ගිවිසුමේ යේසුස්වහන්සේට ප්‍රශංසා කළ උදාහරණ තිබේ. මතෙව් 21:16 හී සඳහන් වන්නේ යේසුස්වහන්සේ බූරුවෙකු පිට ජෙරුසලමට යන විට උන්වහන්සේට ප්‍රශංසා කළ අයයි. මතෙව් 8:2 හී ලාදුරු රෝගියෙකු යේසුස් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. මතෙව් 28:17 හී යේසුස්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේගේ උත්ථානයෙන් පසු උන්වහන්සේට නමස්කාර කරන ලෙස පැවසුවා. යේසුස්වහන්සේ දෙවියන් ලෙස ප්‍රශංසාව පිළිගත්තා.

මුල් සභාව බොහෝවිට ප්‍රශංසා කාල පැවැත්විය. නිදසුනක් වශයෙන්, යෙරුසලමේ පළමු සභාවට නමස්කාරය කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් විය (ක්‍රියා 2:42–43). අන්තියෝකියේ සභාවේ නායකයන් පාවුල් සහ බාර්ණනබස්ව මිෂනාරි සේවයට කැඳවූ කාලය තුළ යාච්ඥා කළා, නමස්කාර කළා, නිරාහාරව සිටියා (ක්‍රියා 13:1–5). පාවුල්තුමාගේ බොහෝ ලිපිවල ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන කොටස් ඇතුළත් වේ (1 තිමෝති 3:14-16; පිලිප්පි 1: 3–11).

කාලය අවසානයේදී, දෙවියන්වහන්සේගේ සියලු ජනයා දෙවියන්වහන්සේට සදාකාල ප්‍රශංසාවට එක්වනු ඇත. "තවදුරටත් ශාප කරනු නොලැබේ. නමුත් දෙවියන්වහන්සේගේ හා බැටළුපැටවාණන්ගේ සිංහාසනය එහි පවතිනු ඇත. උන් වහන්සේගේ සේවකයෝ උන්වහන්සේට නමස්කාර කරන්නෝය" (එළිදරව් 22: 3). පාපයේ ශාපය ඉවත් කිරීමත් සමඟ, සමිඳාණන්වහන්සේ සමඟ සිටින අය පරිපූර්ණ ලෙස රජවරුන්ගේ රජුට ප්‍රශංසා කරනු ඇත. අපගේ මිහිපිට දෙවියන් වහන්සේට නමස්කාර කිරීම යනු ස්වාමින්වහන්සේ සමග සදාකාලිකව සිදුවන ප්‍රශංසාව සැමරීමට සූදානම් වීමක් බව පැවසේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries