settings icon
share icon
ප්‍රශ්නය

පශ්චාත් පීඩාකාලීන ඔසවා ගැනීම පිළිබඳ ඇති ශක්තීන් හා දුර්වලකම් මොනවාද? (පශ්චාත් පීඩාකාලීන වාදය)

පිළිතුර


එස්කැටලොජි (අවසාන කාලයන් පිළිබඳ අධ්‍යනයන්) සලකා බැලීමේදී සෑම කිතුණුවෙක්ම මෙම කරුණු තුන පිළිබඳ එකඟ වන බව මතක තබා ගැනීම වැදගත්ය.

1. ලෝකයා කිසි දිනෙක නොදුටු මහත් පීඩා කාලයක් පැමිණෙන බව

2. පීඩා කාලයෙන් පසුව ක්‍රිස්තුස් වහන්සේ තමන්වහන්සේගේ රාජ්‍ය පොළොව මත පිහිටුවන පිණිස පැමිණෙන බව

3. ඔසවා ගැනීමක් (පිටතට ඇද ගැනීමක්) සිදුවන බව- මර්ත්‍යතාවයෙන් සදාකාලිකත්වයට-යොහාන් පොතෙහි විග්‍රහ කළ පරිදි ඇදහිලිවතුන්ට යොහාන් 14:1-3, 1 කොරින්ති 15:51-52, සහ 1 තෙසලෝනික 4:16-17. ඔසවා ගැනීම පිළිබඳ එකම ප්‍රශ්ණය නම් පීඩාවට සහ දෙවනි පැමිණීමට සම්බන්ධව මෙය කවදා සිදුවේද යන්නයි.

මූලිකව ඔසවා ගැනීමේ කාලය පිළිබඳව න්‍යායයන් තුනක් තිබෙන අතර: පීඩාවට පෙර ඔසවා ගැනීම සිදුවේ යන විශ්වාසය (පූර්ව පීඩාකාලීන වාදය), පීඩා කාලය හරි මැදදී ඔසවා ගැනීම සිදුවේ යන විශ්වාසය (මධ්‍යපිඩා කාලීන වාදය) සහ පීඩා කාලය අවසානයේදී ඔසවා ගැනීම සිදුවන බවට විශ්වාසය (පශ්චාත් පීඩාකාලීන වාදය). මෙම ලිපිය විශේෂයෙන් යොමුකර ඇත්තේ පශ්චාත් පීඩාකාලීන දැක්ම සඳහාය.

පශ්චාත් පීඩාකාලීන වාදය ඔසවා ගැනීම සිදුවන්නේ පීඩාකාලයේ අවසානයේදී හෝ අවසානයට ලංව තිබියදී බව උගන්වයි. එම අවස්ථාවේදී සභාව මධ්‍යාවකාශයේදී ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසෙන අතර ඉන්පසුව ක්‍රිස්තුස් වහන්සේගේ මිහිමත රාජ්‍ය ආරම්භ කිරීම සඳහා පොලොවට පැමිණේ. තවත් ආකාරයකින් පවසන්නේ නම් ඔසවා ගැනීම සහ දෙවන පැමිණීම (එතුමාගේ රාජ්‍ය පිහිටුවිම සඳහා) බොහෝවිට එකවර / සමගාමී සිදුවේ. මෙම දැක්ම අනුව, සභාව මුළු අවුරුදු හතම පීඩාව තුලින් සමන් කරයි. රෝමානු කතෝලික දහම, ග්‍රීක ඕතඩොක්ස් (සම්මත) සහ තවත් බොහෝ ප්‍රොතෙස්තන්ත නිකායන් ඔසවා ගැනීමේ පශ්චාත් පීඩාකාලීන වාදයට සහාය දක්වයි.

පශ්චාත් පීඩාකාලීන වාදයට ඇති එක් සවියක් නම්, යේසුස් වහන්සේ එතුමාගේ අවසාන කාලයන් පිළිබඳ අනුග්‍රහය දක්වන දේශණාවේදි එතුමාගේ පැමිණීම සිදුවන්නේ "මහත් පීඩාවකින්" පසුව බව පවසන ලදී (මතෙව් 24:21,29). එමෙන්ම එළිදරව් පොතද එහි විවිධ අනාවැකියන් සමඟ ප්‍රකාශ වන්නේ ස්වාමින් වහන්සේගේ එක පැමිණීමක් ගැන වන අතර එය සිදුවන්නේ පීඩාවට පසුවය (එළිදරව් 19-20). එළිදරව් පොතෙහි 13:7 සහ 20:9 ද පශ්චාත් පීඩා කාලීනවාදයට අනුග්‍රහය දක්වන්නේ එහිදී පැහැදිලිවම ශුද්ධවතුන් සිටින බව පවසමින්ය. එමෙන්ම එළිදරව් 20:5 හි සඳහන් වනුයේ "පළවෙනි නැවත නැගිටීමය". පශ්චාත් පීඩාකාලීන වාදකයින් ස්ථීරසාරව පවසා සිටින්නේ "පළවෙනි" නැවත නැගිටීම සිදුවන්නේ පීඩාවෙන් පසුව බවත් ඔසවා ගැනීම හා සම්බන්ධව පවතින නැවත නැගිටීම 1 තෙසලෝනික 4:16 එතෙක් සිදුවීමට නොහැකි බවය.

එලෙසම පශ්චාත් පීඩාකාලීන වාදකයින් පෙන්වා දෙන්නේ ඓතිහාසික ලෙසද, දෙවියන් වහන්සේගේ සෙනඟ ඉමහත් පීඩා සහ පරීක්‍ෂා වලට මුහුණ දී ඇති බවය. එබැවින් ඔවුන් කියා සිටින්නේ අවසාන කාලයේ මහත් පීඩාවට සභාවට මුහුණ දීමට සිදුවීම මහත් පුදුමයක් නොවන බවය. මීට අනුකුලව පශ්චාත් පීඩාකාලීන දැක්ම හදුන්වා දෙනු ලබන්නේ එළිදරව් පොතෙහි "සාතන්ගේ උදහස" යනුවෙනි. සාතන්ගේ උදහස ඝෘජුවම එල්ලවන්නේ ශද්ධවන්තයන්ට විරුද්ධවය. ඒ අතරම දෙවියන් වහන්සේද ඊට ඉඩදෙනු ලබන්නේ එතුමන්ගේ විශ්වාසිතයින් පවිත්‍ර වන පිණිසය. ඒ අතරම දෙවියන් වහන්සේගේ උදහස අන්ත ක්‍රිස්තුස් මත සහ ඔහුගේ දෙවියන් නොමැති රාජ්‍යය මත වගුරන අතර, තමන්ගේ සෙනඟ එම දඬුවමෙන් දෙවියන් වහන්සේ ආරක්‍ෂා කරනවා ඇත.

පශ්චාත් පීඩාකාලීන වාදයේ ඇති එක් දුර්වලතාවයක් නම් ලියවිල්ලේ ඉගැන්විමක් වන ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අයට දැන් දඬුවමට පත් කිරිමක් නැති අතර කිසිදින ඔවුන් දෙවියන් වහන්සේගේ උදහස අත් නොවිදින බවට ඇති ඉගැන්වීමය (රෝම 8:1). පීඩා කාලයේදී සමහර දඬුවම් විශේෂයෙන්ම ගැළවීම නොලත් අය කෙරෙහි ඉලක්ක වන අතර, තවත් බොහෝ විනිශ්චයන්, එනම් භුමිකම්පා, තරු කඩා වැටීම් සහ සාගත ගැළවීම ලත් අයටද බලපානවා ඇත. කෙසේ වුවද ඇදහිලිවන්තයන් පීඩා කාලය හරහා ගමන් කරන්නේනම්, ඔවුන් දෙවියන් වහන්සේගේ උදහස රෝම 8:1 ට පටහැනිව අත්විඳිනවා ඇත.

තවත් පශ්චාත් පීඩාකාලීන දැක්මේ ඇති දුර්වලතාවයක් නම්, පීඩා කාලය ඔවුන් එම අදහස සංකේතාත්මකව සිතුවමකින් හෝ ලාංජනයකින් යම් දුරකට තහවුරු කළ යුතුව තිබිණි. බොහෝ පශ්චාත් පීඩාකාලීන වාදකයින් අප දැන් ජීවත්වන්නේ පීඩා කාලයේ බවට උගන්වයි, ඇත්ත වශයෙන් කිවතොත් ක්‍රියා පොතෙහි 2 වෙනි පරිච්ජේදයේ පෙන්තකොස්ත සිදුවීමෙන් පසුව ඒ සැණෙකින් පීඩාව ආරම්භවූ බව පවසයි. එවැනි ඉගැන්විම් පීඩා කාලයේ ධර්මතාව පිළිබඳ ලියවිල්ලෙහි ඉදිරිපත් කර ඇති දේවල් නොසලකා හරියි (මතෙව් 24:21), ලොව ඉතිහාසයේ මෙතෙක් සිදුවූ කිසිම ව්‍යසනයකට සම කළ නොහැකි කාලයක් වන බව, එමෙන්ම පශ්චාත් පීඩාකාලීන වාදකයින් "සභාව" යන වචනය පිඩාව හා සම්බන්ධ බයිබලීය කොටස් වලට නොපැමිණීම විග්‍රහ කිරීමට අපොහොසත්වේ. එපමණක් නොව එළිදරව් 4-21, පීඩාකාලය පිළිබඳ දීර්ඝතම විස්තරාත්මක ලිපියේ සියලු ලියවිල්ලෙහි කොටස් අතරද, "සභාව" යන වචනය කෙළෙසකින් හෝ නොපෙනේ. පශ්චාත් පීඩාකාලීනවාදකයින් "ශුද්ධවන්තයන්" යන එළිදරව් 4-21 සඳහන් වචනය සභාව ලෙස උපකල්පනය කරන නමුදු ඊට යොදා ඇති ග්‍රීක වචනය වෙනස් එකකි.

පශ්චාත් පීඩාකාලීන වාදයේ අවසාන දුර්වලකම අනෙකුත් න්‍යායයන් සමඟ හවුල්වේ. නම් වශයෙන් කිවහොත් අනාගත සිදුවීම් පිළිබඳ බයිබලය නිශ්චිත කාල සීමාවක් නොදක්වයි. ලියවිල්ල එක මතයක් අභිබවා වෙනත් මතයක් නූගන්වයි. එබැවින් අවසාන කාලය පිළිබඳ විවිධ මතයන් ඇති අතර ඊට සම්බන්ධ අනාගතවාක්‍ය එකමුතු කරගන්නේ කෙසේද යන්න නොහැඟේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පශ්චාත් පීඩාකාලීන ඔසවා ගැනීම පිළිබඳ ඇති ශක්තීන් හා දුර්වලකම් මොනවාද? (පශ්චාත් පීඩාකාලීන වාදය)
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries