settings icon
share icon
ප්‍රශ්නය

පශ්චාත් සහශ්‍රවාදය යනු කුමක්ද?

පිළිතුර


පශ්චාත් සහශ්‍රවාදය අර්ථකථනය කොට ඇත්තේ එළිදරව් 20 වන පරිච්ඡේදයේ, ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණිම සිදු වන්නේ “සහස්‍රවර්ෂයට” පසුවය, හා ක්‍රිස්තියානි දියුණුව මත පදනම්වය. මෙම පදය බොහෝ අවස්ථාවලදී, අවසාන කාලය පිළිබඳව හා සහස්‍රයට පෙර කාලය පිළිබඳව දෘෂ්ඨිකෝණයන්ගෙන් දක්වා තිබේ. උදා: ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම එතුමන්ගේ සහස්‍රවසරට පෙර පෙර ඇති බව පවසන දෘෂ්ඨිකෝණය හා සහශ්‍රවර්ෂය වසර 1000 ක් පමණ කාලයක් පවතින දෘෂ්ඨිකෝණයයි.

පශ්චාත් සහශ්‍රවාදය මගින් යේසුස් වහන්සේගේ දෙවන පැමිණිමත් අපේක්‍ෂා කරන නමුත් එය වසර 1000 කාලයක් අනතුරුව පැමිණෙන බව පිළිනොගනියි. මෙම දෘෂ්ඨියට නැතහොත් මෙම මතය මත පදනම්ව සිටින ඇතැමුන් විසින් සම්පූර්ණ නොවුනාවූ අනාවැකියක් සාමාන්‍ය හා සත්‍ය වශයෙන් පිළිගැනීමට ඉදිරිපත් නොවෙයි. ඔවුන්ගේ විශ්වාසයට අනුව එළිදරව් 20:4-6 තුල ඇතුලත් වන දේ වචනානුසාරයෙන් ගත නොහැකි බවය. ඔවුන් විශ්වාස කරන්නේ “වසර 1000” ක් ලෙස එහි සඳහන් වන්නේ බොහෝ කාලයක් බවයි. තව දුරටත් විග්‍රහ කලහොත් “පශ්චාත් සහශ්‍රවාදය” යන්නෙහි “පශ්චාත්” යන පදයෙන් කියවනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නේ කිතුනුවන් (ක්‍රිස්තුස් වහන්සේ නොව) විසින් එම රාජධානිය මෙලොව පිහිටුවීමෙන් පසුව බවයි.

පශ්චාත් සහශ්‍රවාදය පිළිබඳව මත දරණ අය අනෙක් සියලුම සාක්‍ෂි ප්‍රතික්ෂේප කරමින් විශ්වාස කරන්නේ මෙම ලෝකය දිනෙන් දින වැඩි දියුණුවට පත් වන බවත්, මුළු ලෝකයම අවසානයේදී “ක්‍රිස්තියානුවන්” බවට පත්වන බවයි. මෙම සිදුවීම සිදුවීමෙන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන බවයි. නමුත් ශුද්ධ ලියවිල්ල තුල අවසාන කාලය පිළිබඳව සඳහන් වන්නේ මේ ආකාරයෙන් නොවේ. එළිදරව් පොතට අනුව, ඉදිරි කාලය පිළිබඳව දක්වා ඇත්තේ එය ඉතාමත් දරුණු කාලයක් වන බවයි. මෙයම 2 තිමෝති 3:17 තුල පාවුල් තුමා විසින් අවසානකාලය “අන්තරා සහිත කාලවල්” ලෙස සඳහන් කර ඇත.

පශ්චාත් සහශ්‍රවාදීන් විසින් සත්‍ය නොවූ අනාවැකියන් හී අර්ථයන් තේරුම් ගන්නේ ඔවුන්ගේම අදහස් හා තේරුම් එම වචනවලට යොදා ගනිමින්ය. මෙහි ඇති ගැටළුව වන්නේ තම මතයකටම තමන්ගේම වචන, තේරුම් හා විග්‍රහ කිරීමි එයට යෙදීම තුලින් තමාට අවශ්‍ය පරිදි එම පදයේ තේරුම හැඩ ගස්වා ගැනීමට හැකි බවත් ඒ තුලින් පදයේ නියමිත අර්ථය පරිහානියට පත් වන බවත්ය. වචනයක නියම අර්ථය පරිහානියට පත්වූ විට සන්නිවෙිදනය ඇන හිටියි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ විසින් වචන හා භාෂාව පිළිබඳව වූ එතුමන්ගේ අදහස වූයේ මෙය නොවෙයි. දෙවියන් වහන්සේ විසින් අප හා සන්නිවේදනය කරනු ලබන්නේ වචනයේ පරමාර්ථය හා එහි නියම අදහස ඇතුලත් වන එතුමන්ගේ ශුද්ධ ලියවිල්ල මගින්ය.

සාමාන්‍ය අයුරින් ශුද්ධ ලියවිලි අර්ථ විග්‍රහ කිරීම් වලදී, පශ්චාත් සහශ්‍රවාදය ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඔවුන් විසින් ශුද්ධ ලියවිල්ල සාමාන්‍ය අර්ථ විග්‍රහ කිරීම එළිදරව් වූ අනාවැකිද ඇතුලත්ව පිළිගනු ලබයි. සත්‍යවූ අනාවැකි රාශියක්ම ශුද්ධ ලියවිල්ල තුළ අපට සොයා ගත හැකියි. උදා: ලෙස යේසුස් වහන්සේ පිළිබඳව පරණ ගිවිසුම තුල පැවසුවාවූ අනාවැකියන් ගත හැක. එම අනාවැකි සත්‍යතාවයට පත්වන ලදි. තවදුරටත් උදා: ලෙස ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාවක් තුලින් බිහිවීම (යෙසායා 7:14; මතෙව් 1:23). අපගේ පාපයන් නිසා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය (යෙසායා 53:4-9; 1 පේත්‍රැස් 2:24 පෙන්වා දිය හැක. මෙම උදාහරණ තුලින් කී අනාවැකි සත්‍යයක් බවට පත්වූවා සේම අනාගතයේදීද දෙවියන් වහන්සේ විසින් දී ඇති අනාවැකි නිසැකවම සත්‍ය වන බවට අපට විශ්වාසය තැබිය හැක. ඒ අනුව පශ්චාත් සහශ්‍රවාදීන් ශුද්ධ ලියවිල්ල අර්ථ දක්වන ආකාරයට සහශ්‍රරාජ්‍යය ක්‍රිස්තුස් වහන්සේ විසින් නොව කිතුනුවන් විසින් ස්ථාපනය කරනු ලබයි යනුවෙන් පවසන අර්ථදැක්වීම අසමත් වීමට ලක් වෙයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පශ්චාත් සහශ්‍රවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries