පශ්චාත් නූතනවාදයේ ඇති ආදීනව මොනවාද?

පශ්චාත් නූතනවාදයේ ඇති ආදීනව මොනවාද?


ප්‍රශ්නය: පශ්චාත් නූතනවාදයේ ඇති ආදීනව මොනවාද?

පිළිතුර:
සරලම ආකාරයෙන් පැවසුවහොත්, පශ්චාත් නූතනවාදය යනු දර්ශණවාදයක් වේ. එනම් කිසිම විෂය නිශ්‍රීතයක් හෝ නිරපේක්ෂ සත්‍යයතාවයක් නැති බව සහතික කරන අතර, විශේෂයෙන්ම එය ආගම සහ ආත්මිකභාවයට වේ. දෙවියන් වහන්සේගේ සත්‍යතාවය හෝ ආගමානුකුල ක්‍රියාවක් පිළිබඳ සත්‍යයතාවය ප්‍රකාශ කිරීමේදි පශ්චාත් නූතනවාදීන්ගේ මතය වන්නේ "එය ඔබට සැබෑ වන්නට හැකිය, නමුත් මට එසේ නොවේ" ප්‍රියතම ආහාරයක් පිළිබඳව හෝ කලාව පිළිබඳ අභිමතය වැනි සාකච්ජාවකදී සම්පූර්ණයෙන්ම එය යෝග්‍යය විය හැකි වූවද, සත්‍යයාවයට එය අදාළ කළවිට, මතයන් වල සහ සත්‍යතායාවයේ කරුණු අතර වියවුලක් හටගනී.

"පශ්චාත් නූතනවාදය" යන පදයේ අරුත වචනානුසාරෙන් පැවසුවහොත් "නව්‍යවාදයෙන් / නූතනවාදයෙන් පසුව" වන අතර නව්‍යවාදයේ යුගයෙන් පසුව ඇතිවූ වර්තමාන යුගය දර්ශණය පිළිබඳ විග්‍රහ කරන්නට පරිහරණය කළේය. මනූෂ්‍යයා කරණකොටගෙන මනුෂ්‍යය සංහතියට මීට වඩා යහපත් ලොවක් තතන බවට දුන් පොරොන්දුව පරාජයට පත්වීම නිසා ඊට ප්‍රතිවාරයක් (හෝ වඩාත් අර්ථාන්විතව, මුළාවෙන් මිදීමට දුන් ප්‍රතිචාරයක්) වශයෙන් පශ්චාත් නූතන වාදය බිහිවිය. මක්නිසාද පශ්චාත් නූතනවාදයේ එක් විශ්වාසයක් නම් සීමා රහිත දෙය පවතින බවත්, ඒවා "නිවැරදි කිරීම" පශ්චාත් නූතනවාදයෙන් උත්සුක වන බවත්, එසේ කරනු ලබන්නේ පළමුව සීමා රහිත සත්‍යයතාවයන් ඉවත් කරමින් (ප්‍රත්‍යක්ෂ මූලක විද්‍යාව සහ ආගම ඇතුලත් කරමින්) තනි තනි පුද්ගලයන්ගේ විශ්වාසයන් සහ ආශාවන් / බලාපොරොත්තු සම්බන්ධ කරගනිමින්ය.

පශ්චාත් නූතනවාදයේ ආදීනව වශයේ දක්නට ඇත්තේ නිරපේක්‍ෂ සත්‍යතාවයන් ප්‍රතික්‍ෂේප කරමින්, පහළට ආවර්ති වෙමින් ආගමෙහි සහ ඇදහිල්ලෙහි ඇති විශිෂ්ඨතාවය අහිමි කරමින්, ආගමික බහුත්වවාදය දර්ශණ විද්‍යාව උචීචස්ථානය වන කිසිම ඇදහීමක් හෝ ආගමක් විෂය නිශ්‍රීත සත්‍යතාවයක් නොවන බැවින් කිසිම කෙනෙකුට ඔහුගේ / ඇයගේ ආගම සත්‍යය බවත් අනෙකාගේ දහම සාවද්‍ය බවත් ප්‍රකාශ කළ නොහැකි බවය.

පශ්චාත් නූතනවාදයේ ආදීනව -1- සාපේක්‍ෂ සත්‍යතාවය.

පශ්චාත් නූතනවාදයේ සාපේක්‍ෂ සත්‍යතාවයේ ඉරියව්ව නම් පරම්පරා ගණනාවක දර්ශණය පිළිබඳවූ සිතිවිලි බලකොටුවක් වීමයි. අගෝස්තීනුගේ සිට ප්‍රතිසංස්කරණය දක්වා බටහිර ශිෂ්ටාචාරය සහ ඇදහිල්ලේ සංකල්පය දේවධර්මාචාර්යවරුන් විසින් අභිභවනය කරන ලදී. නමුත් පුනරුදයේ ආරම්භයත් සමඟම 14-17 ශතවර්ෂ වල, චින්තකයන් සත්‍යතාවයේ කේන්ද්‍රස්ථානය ලෙස මනුෂ්‍ය සංහතිය උසස් බවට පත් කරන ලදි. යමෙක් ඉතිහාස කාල පරිච්ජේදයන් දෙස පෙළපත දක්වන සටහනක් ලෙස බැලුවහොත්, පුනරුදය පශ්චාත් නූතනවාදයේ මිත්තණිය ලෙසත් ආලෝකනය එහි අම්මාත් ලෙසත් දැකිය හැක. එබැවින් මෙම යුගයේ පුද්ගලාරෝපිතයා "තමන් බව, තමන් සිතන" බවත් සත්‍යතාවයේ කේන්ද්‍රස්ථානය තව දුරටත් දෙවියන් වහන්සේ නොව මනුෂ්‍යයා බව රෙනී ඩෙස්කාර්ටස් පවසන ලදී.

සත්‍යතාවයේ සියළු පැති කඩවල් වල විද්‍යාත්මක ආකෘති සහේතුකත්වය යම් ආකාරයක ආලෝකනයේ සම්පූර්ණ අත් තැබීමක් බවය. ඉන් ප්‍රකාශ කරනු ලැබුවේ විද්‍යාත්මක දත්තයන් විෂය නිශ්‍රීතයක් ලෙස වටහා ගැනීමට, නිර්වචනය කිරීමට සහ ආරක්‍ෂා කර ගැනීමට හැකි බවය. ආගමට අදාළව පවතින සත්‍යය බැහැර කරන ලදි. සාපේක්‍ෂ සත්‍යතාවය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ දාර්ශණිකවාදියා ප්රූසන් එම්මෑනුවෙල් කෙන්ට් වන අතර ඔහුගේ කෘතිය නිර්මල කර්තව්‍යය සඳහා වූ විචාරණය 1781 දෘශ්‍යමාන විය. දෙවියන් වහන්සේ පිළිබඳ සැබෑ දැනගැන්මක් ලබා ගැනීම ඉමහත් අසීරු කාර්යයක් බවට තර්ක කළ කෙන්ට්, දැනගැන්ම / අවබෝධය "හේතු / කරුණු සහ ඇදහිල්ල ලෙස බෙදන ලදී. කෙන්ට් අනුව "හේතු සහ කරුණු වලට ආගම හා කිසිදු සම්බන්ධතාවයක් නැත". ඊට හේතුව නම් ආත්මික කාරණා පවරා ඇත්තේ නිගමන ක්‍ෂේත්‍රයට සහ ප්‍රත්‍යක්‍ෂමූලක විද්‍යාවට සත්‍යය පිළිබඳ කතා කිරීමට අවසර ඇත. නූතනවාදය විද්‍යාවේ ඇති නිරපේක්‍ෂකයන් විශ්වාස කළ අතර, දෙවියන් වහන්සේගේ එළිදරව්ව සත්‍යය සහ නියතභාවය යන ක්‍ෂේත්‍රයන් වලින් පහ කරන ලදී.

නූතනවාදයෙන් පශ්චාත් නූතන වාදය සහ ෆෙඩ්රික් නයිට්ශෙ ගේ අදහස් පැමිණියේය. පශ්චාත් නූතනවාදී දර්ශණවාදයේ ශුද්ධ අනූශාසකයෙක් ලෙස නයිට්ශෙ "පර්යාදර්ශීවාදය" දැරුවේය. එයින් පවසනු ලබන්නේ සියලුම දැනගැන්ම (විද්‍යාවද ඇතුළත්ව) කාරණාව වන්නේ යථා දර්ශණය සහ අර්ථ නිරූපණයයි. බොහෝ දාර්ශණිකවාදීන් නයිට්ශෙ ගේ කෘතිය මත ගොඩ නැඟී ඇති අතර (උදාහරණයක් ලෙස ෆොකොලට්, රොර්ටි සහ ලියෝටාර්ඩ්) ඔහුගේ දෙවියන් වහන්සේව සහ ආගම ප්‍රතික්‍ෂේප කිරීම සාමාන්‍ය / පොදු දෙයක් ලෙස මතය බෙදා ගෙන ඇත. එලෙසම ඔවුන් නිරපේක්‍ෂ සත්‍යය පිළිබඳ ඉඟියක් හෝ ලියෝටාර්ඩ් පවසන අන්දමට සියළු මනුෂ්‍යයන්ගේ සහ සංස්කෘතින් වල සත්‍යය අභිබවායෑම ප්‍රතික්‍ෂේප කරන ලදී.

විෂය නිශ්‍රීත සත්‍යතාවයේ දර්ශණය පිළිබඳව වු ගැටුමෙහි ප්‍රතිඵලය වූයේ පශ්චාත් නූතනවාදය සත්‍යයයි කියවෙන සැම දෙයකටම සම්පූර්ණයෙන් විරුද්ධවීමයි. එවැනි මනෝ විභිතියක් ස්වභාවිකවම නොවරදින සත්‍යතාවයක් ගැන ප්‍රකාශවන ඕනෑම දෙයක් බයිබලය වැනි දේ ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

පශ්චාත් නූතනවාදයේ ආදීනව -2- වටහා ගැනීමේ ශක්තිය / සියුම් නුවණ නැතිවීම

උදාර දේවධර්මාචාරයවරයෙක් වන තෝමස් ඇකවයිනාස් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී" දාර්ශණිකයෙකුගේ කර්තව්‍යය විය යුත්තේ වෙනස සාදා ගැනීමයි". ඇක්වයිනාස් එයින් අරුත් ගන්වන්නට උත්සාහ කරනු ලැබුයේ සත්‍යතාවය රඳා පවතින්නේ වටහා ගැනීමේ හැකියාව සහ "මේක" "ඒක" අතරෙහි ඇති වෙනස දැනගැන්මේ ක්‍ෂේත්‍රය තුළ වටහා ගැනීමේ ඇති දක්ෂතාවය මත බවය. කෙසේ නමුදු විෂය නිශ්‍රීත සහ නිරපේක්‍ෂ සත්‍යය නොපැවතුනේ නම්, සැම දෙයක්ම පුද්ගලික අර්ථ නිරූපණයක් වනු ඇත. පශ්චාත් නූතන චින්තනයෙකුට, පොතක කතෘවරයා තමාගේ කර්තව්‍යයෙහි නිවැරදි බව පිළිබඳ අයිතිවාසිකමක් නැති අතර, පාඨකයා පොතෙහි අරුත කුමක්ද යන්න සැබවින්ම තීරණය කළ යුත්තේය. එම ක්‍රියාවලිය විසංයෝජනය ලෙස හැඳින්වේ. පොත එක කතෘවරයෙකුගේ වුවද බොහෝ පාඨකයන් ඇති බැවින් බොහෝ අර්ථ නිරූපණයන්ද විය හැකිය. එවැනි ව්‍යාකුල තත්වයන් අර්ථවත් හෝ පවතින විශිෂ්ටත්වයක් අර්ථ නිරූපණයන් අතර සදා ගැනීමට අසීරු වන්නේ පරිහරණය කරන සම්මත මිම්මක් නොමැති නිසාය. විශේෂයෙන්ම මෙය අදාළ වන්නේ ඇදහිල්ලේ කාරණා වලට සහ ආගමටය. ආගම නැමති ක්‍ෂේත්‍රඵලයෙහි ඔබින සහ විශිෂ්ට අර්ථයන් හොඩනැඟිමට ගන්නා උත්සාහය චොක්ලට් සහ වැනිලා අතරින් ඉතා රසවත් එක පිළිබඳ විවාද කිරීම හා සමානය. සත්‍යතාවයේ ප්‍රකාශයන් අතර ඇති තරඟකාරීත්වය නිසා එහි විෂය නිශ්‍රීත තීරණයකට පැමිණීම ඉතා අපහසු බව පශ්චාත් නූතනවාදය පවසයි.

පශ්චාත් නූතනවාදයේ ඇති ආදීනව -3- බහුත්වවාදය

නිරපේක්‍ෂ සත්‍යයතාවයක් නොපවතින්නේ නම්, විවිධ ඇදහිලි ක්‍රම සහ ආගම් පිළිබඳ අර්ථවත් නිවැරදි / වැරදි අතර ඇති වෙනස්කම් පිළිබඳ යමක් ඉදිරිපත් කිරීමට මඟක් නොමැතිනම්, ස්වභාවිකවම අවසාන නිගමනය විය යුත්තේ සෑම ඇදහීමකටම සමාන වටිනාකමක් ඇති බවට සැලකිය යුතු බවය. පශ්චාත් නූතන වාදයේ ප්‍රයෝගික ප්‍රාකාරයට ඔබින පදය වන්නේ "දර්ශණය පිළිබඳ වු බහුත්වවාදයයි". බහුත්වවාදයට අනුව කිසිම ආගමකට තමන් පමණක් නිවැරදි බවත් අන් සියළු තරඟ වදින ඇදහිලි ක්‍රම අසත්‍යය හෝ අප්‍රධාන බව පැවසීමට අයිතියක් නැත. දර්ශණය පිළිබඳ ආගමික බහුත්වවාදයට බැඳෙන අය කිසිම මිත්‍යාදෘෂ්ටිවාදයක් නැතිමුත්, ඔවුන්ගේ මතය තුළ මිත්‍යාදෘෂ්ටික මතයන් ඇත. ඩී ඒ කාසන් ගතානුසතික ක්‍රිස්තු ධර්මය පතුරවන සුභාරංචිවාදය ඉස්මතු කොට බහුත්වවාදයේ ආදීනව ලෙස සැළකිල්ලට ගනී. දෙවන ශත වර්ෂයේදී ආරම්භ වුන මිත්‍යාදෘෂ්ටී ඥෙය වාදය වඩා සුභාරංචියට ඇති ඉමහත් ආදීනවය නම් දර්ශණය පිළිබඳවවූ බහුත්වවාදය බව මම බොහෝ කනස්සලෙන් සිටින විට මගේ මතකයට නැඟේ.

පශ්චාත් නූතන වාදයේ මෙම ක්‍රියාශීලී ආදීනව සාපේක්‍ෂ සත්‍යය, වටහා ගැනීමේ හැකියාව සහ දර්ශණය පිළිබඳ වූ බහුත්වවාදය නොමනාසේ ක්‍රිස්තියානි ධර්මයට තර්ජන ගෙනෙන්නේ සත්‍යය වූ අධිකාරිත්වයක් මනුෂ්‍යය සංහතිය කෙරෙහි නොමැති දෙයක් ලෙස සළකමින් තරඟකාරී ආගම් අතර තමන්ගේ සත්‍යයතාවය ඔප්පු කරගැනීමට නොහැකි වූ දෙයක් ලෙස ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය නිෂ්ප්‍රභා කරයි. මෙම අභියෝගයන්ට ක්‍රිස්තියානි ධර්මයෙහි ප්‍රතිචාර මොනවාද?

පශ්චාත් නූතන වාදයෙහි ආදීනව වලට ප්‍රතිචාර

ක්‍රිස්තියානි ධර්මය සම්පූර්ණයෙන්ම සත්‍යය බවට හිමිකම් කියයි. එහි කාරණා පිළිබඳව පවතින වැරදි / නිවැරදි අර්ථවත් වෙනස්කම් (ආගමික සත්‍යයතාවයන් හෝ ව්‍යාජත්වයන් පිළිබඳව) එහි හිමිකම් තුළම එය නිවැරදි විය යුතු අතර දෙවියන් වහන්සේ පිළිබඳ තරඟකාරී ආගම් අතර ඇති සියළු විරුද්ධකම් සාවද්‍යය. එවැනි ඉරියව්වන් "අභිමානය" සහ "අසහනය" වැනි විලාප වලට පශ්චාත් නූතන වාදය කරණකොටගෙන පොළොඹවනු ලබයි. කෙසේ වුවද සත්‍යය ආකල්ප හෝ පක්ක්‍ෂපාත භාවය පිලිබඳ කාරණාවක් නොවන අතර ඉතා සමීප ලෙස විමර්ෂණය කළ කල්හි, පශ්චාත් නූතනවාදයේ අත්තිවාරම වහා ඉක්මනින් බිඳ වැටෙන්නේක්‍රිස්තියානි ධර්මය සත්‍යරූපී සහ ප්‍රධාන හිමිකම් කියන බව එළිදරව් කරමින්ය.

පළමුව, නිරපේක්‍ෂ සත්‍යතාවය පවතින බව ක්‍රිස්තියානි දහම ප්‍රකාශ කරයි. එපමණක් නොව යේසුස් වහන්සේද විශේෂයෙන් තමන්ව එවනු ලැබුවේ එක් දෙයක් කිරීමට බවත් එනම් " මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්‍ෂි දෙන පිණිසය" (යොහාන් 18:37) යන්න ප්‍රකාශ කළ සේක. පශ්චාත් නූතනවාදය පවසන්නේ කිසිම සත්‍යයක් ස්ථිර නොකළ යුතු බවත්, එහි තත්වය වි යුත්තේ තමාව රුක ගැනීම බවත්, වන අතර එයින් කිය වෙන්නේ, කිසිම නිරපේක්‍ෂ සත්‍යයන් ස්ථීර බව තහවුරු නොකළ යුතු යන්නය. මෙයින් අපට කියා දෙන්නේ පශ්චාත් නූතන වාදය නිරපේක්‍ෂ සත්‍යය විශ්වාස කරන බවය. එහි දාර්ශණිකයින් තමන්ගේ පාඨකයන් උකහා ගත යුතු දේ ඔවුන් පොත් වල ලියනු ලබයි. සරලම ආකාරයෙන් පැවසුවහොත් එක් මහාචාර්යවරයෙක් "කෙනෙක් සත්‍යතාවය වැනි යමක් නොමැති බව පවසන ලද්දේ නම්, එයින් ඔවුන් ඔබගෙන් ඉල්ලා ඇත්තේ එවැන්නක් විශ්වාස නොකරන ලෙසය. එබැවින් එලෙස නොකරන ලෙසය.

දෙවනුව ක්‍රිස්තියානි ඇදහිල්ල සහ අනෙකුත් සියළු විශ්වාසයන් අතර පැහැදිලි වෙනසක් ඇති බව කිතු දහම ප්‍රකාශ කරයි. අරුත් වෙනසක් ගැන ප්‍රකාශ කරතත් සැබවින්ම එවැන්නක් නොපවතින බවත් එමඟින්ම වෙනසක් පෙන්නුම් කරන බවත් වටහා ගත යුතුය. ඔවුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ ඔවුන් සත්‍යයයි ලෙස විශ්වාස කරන්නාවූ දෙයට සහ සත්‍යය ලෙස ප්‍රකාශ කරන ක්‍රිස්තියානි දහමෙහි ඇති වෙනස පෙන්නුම් කිරීමටය. පශ්චාත් නූතනවාදී කතෘන් ඔවුන්ගේ පාඨකයන්, ඔවුන් ලියන ලද දේ පිළිබඳව හරි නිගමනයකට ආයුතු බවට සහ ඔවුන්ගේ කර්තව්‍ය වෙනත් ආකාරයකින් අර්ථ නිරූපණය කරන අයව නිවැරදි කරාවියයි බලාපොරොත්තු වේ. නැවතත් ඔවුන්ගේ තත්වය සහ දහම එය තමන්ම ආරක්‍ෂා කරගතයුතු බවට තහවුරු කරන අතර ඔවුන් ඉතා උනන්දුවෙන් ඔවුන් විශ්වාස කරන දෙය නිවැරදි බවටත් ඔවුන් දකින දෙය සාවද්‍ය බවටත් වෙනස්වීම් ඇති කරයි.

අවසාන වශයෙන්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි මනුෂ්‍යයාගේ වැටුණ තත්වය පිළිබඳව ක්‍රිස්තියානි ධර්මයෙහි ප්‍රකාශ කිරීම විශ්වීය සත්‍යයක් බවත්, වැටුන මනුෂ්‍යය සංහතිය උදෙසා ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවීමත්, දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන පාපය සහ පසුතැවීම පිළිනොගැනීමට තීරණය කරන අය අතර ඇති වන වෙන්වීම ගැනත්ය. ස්තෝයික සහ එපිකුරියෙහි දාර්ශණිකයන්ට පාවුල්තුමා කතා කල අවස්ථාවේදී "ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත් සියලූ මනුෂ්‍යයන්ට හැම තැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණ කරන සේක" (ක්‍රියා 17:30). පාවුල්තුමාගේ මේ ප්‍රකාශය "මෙය මට සත්‍යයක් වුවද, නමුත් මෙය ඔබට සත්‍යයක් නොවන්නට හැකිය" නොපැවසුවෙීය. එසේ වුවද එයට ඇතුලත් නැති සහ විශ්වයේ සියළුම දෙනාට දෙවියන් වහන්සේ ගෙන් අණක් විය. කවුරුන් හෝ පශ්චාත් නූතනවාදියෙක් පාවුල්තුමා වැරදි බවත් තමාගේම බහුත්වවාද දර්ශණයට එනම් ඇදහිල්ල හෝ ආගම සාවද්‍ය බවට පැවසීමට විරුද්ධව යමක් කරන බව පැවසුවහොත්, නැවත වතාවක් පශ්චාත් නූතනවාදියා ඔහුගේම මතය වන සෑම ආගමක්ම එක හා සත්‍යය යන මතය උල්ලංඝනය කරයි.

ගණිත ගුරුවරයෙකු 2+2=4 හෝ යතුරු සාදන තැනැත්තෙකුට අගුළු ලන ලද දොරකට ගැළපෙන්නේ එකම යතුරක් බව ඉදුරාම පැවසුවහොත් එය අහංකාර හෝ උද්ධච්ජ කමක් නොවේ. එලෙසම කිතුණුවෙකු පශ්චාත් නූතනවාදී චින්තකයෙකුට එරෙහිව ක්‍රිස්තියානි දහම සත්‍යය බවත් ඊට එරෙහිව තිබෙන සියල්ල සාවද්‍යයයි පැවසීම අහංකාරකමක් නොවේ. නිරපේක්‍ෂ සත්‍යය සහ එහි විපාක පවතී මක්නිසාද වැරදි නිසා. බහුත්වවාදය ආහාර පිළිබඳ කාරණා වලදී වැඩි කැමැත්ත මත ආසාවීමට හැකිය, නමුත් සත්‍යයෙහිද එය උපකාරයක් නොවේ. දෙවියන් වහන්සේගේ සත්‍යය කිතුණුවා, පක්ෂයකට පමණක් අයත් ප්‍රකාශයන් නිසා කෝපයට පත්ව සිටින පශ්චාත් නූතනවාදියෙකුට කිතුණු දහම ප්‍රේමයෙන් සහ ඉතා සරලව ඉදිරිපත් කළ යුතු වන්නේය. "එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද?" (ගලාති 4:16).

English
නැවතත් සිංහල මුල් පිටුවට
පශ්චාත් නූතනවාදයේ ඇති ආදීනව මොනවාද?