settings icon
share icon
ප්‍රශ්නය

පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද?

පිළිතුර


පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය පශ්චාත් නූතන වාදය ලෙසම අර්ථ දැක්වීම දූෂ්කරය. නූතනවාදී චින්තනයට හා ශෛලියට ප්‍රති ක්‍රියාවක් ලෙස 1950 දශකයේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ආරම්භවූ දේ 1970 සහ 1980 දශකවල කලා හා සාහිත්‍යය ලෝකය විසින් ඉතා ඉක්මණින් සම්මත කරන ලදි. 1990 දශකයවන තුරුම පල්ලියට මෙම බලපෑම දැනූනේ නැත. මෙම ප්‍රතික්‍රියාව උණුසුම්, නොපැහැදිලි ආත්මීයත්වයට පක්ෂ සීතල, දැඩි කාරණය සත්‍යය විසුරුවා හැරීමකි. පශ්චාත් නූතන යැයි සළකන ඕනෑම දෙයක් ගැන සිතන්න. ඉන්පසු ක්‍රිස්තියානි ධර්මය එය තුළට දමන්න. පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය එම සන්දර්භය තුළට දමන්න. පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය යනූ කුමක්ද යන්න පිළිබඳ ඔබට අවබෝධයක් ඇත.

පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය මුලික පශ්චාත් නූතනවාදී චින්තනයට ඇතුළත් වේ. එය තර්කානූකුලව අත්දැකීම් වාස්තාවිකත්වයට වඩා ආත්මීයත්වයට, ආගමට වඩා අධ්‍යාත්මිකභාවය, වචනවලට වඩා රූප, පිටතින් අභ්‍යන්තරය, හොඳදේ කුමක්ද? නරකදේ කුමක්ද? මේ සියල්ල රඳා පවතීන්නේ බයිබලානූකුල සත්‍යයට වඩා නූතන ත්වයට එරෙහි සෑම ප්‍රති ක්‍රියාවක්ම කෙනෙකුගේ ඇදහිල්ල මත රඳා පවතී. ඇත්ත වශයෙන්ම මෙය ඇදහිලිවන්තයකුටම පැවරේ. කෙසේ වෙතත්, එවැනි චින්තනයක් යටතේ කණ්ඩායම් පිහිටුවන විට, දේව ධර්මය ලිබරල් වාදයට නැඹුරු වේ.

නිදසුනක් වශයෙන් අත්දැකීම් හේතුවට වඩා බෙහෙවින් අගය කරන බැවින් සත්‍ය, සාපේක්ෂ බවට පත්වේ. මෙය සියළු ආකාරයේ ගැටළුවලට තුඩු දෙයි. බයිබලය නිරපේක්ෂ සත්‍ය යන ප්‍රමිතිය අඩු කරන අතර බොහෝ අවස්ථාවලදී බයිබලානූකුල සත්‍යය නිරපේක්ෂ යැයි නුසුදුස්සකු කරයි. බයිබලය නිරපේක්ෂ සත්‍යය සඳහා අපගේ ප්‍රභවය නොවේ නම් සහ සත්‍යය යනු කුමක්ද? යන නිර්වචනය කිරීමට සහ අර්ථ නිරූපනය කිරීමට පුද්ගලික අත්දැකීම් ඉඩ දෙන්නේ නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ගැළවීම ඇදහිල්ල අර්ථ විරහිත වේ.

වර්තමාන පොළොවෙහි මානව වර්ගයා වාසය කරන තාක්කල් චින්තනයේ සැමවිට සමානතා වෙනස්වීම් පවතිනු ඇත. මන්දයත් මිනිසා නිරන්තරයෙන් දැනුමෙන් හා උසින් උසස් වීමට උත්සහ කරන බැවිනි. අපගේ චින්තන ක්‍රමයට ඇති අභියෝගය හපත්ය. ඒවා අපට වර්ධනය වීමට, ඉගෙනීමට සහ තේරුම් ගැනීමට හේතුවේ. රෝම 12:2 මූලධර්මය මෙයයි. සිත අළුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතු සම්පූර්ණවූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. අපගේ මනස පරිවර්තනය වෙමින් පවතී. එහෙත් ක්‍රියා 17:11 ගැන අප නිතරම සිහියෙන් සිටිය යූතුය, බෙරියානුවන් මෙන් සැමහට ඉගැන්වීමත්, සැමහට ඉගැන්වීමක්ම, සැම නව සිතුවිල්ලක්ම ශුද්ධ ලියවිල්ලට විරුද්ධ දැයි විමසා බැලිය යුතුය. අපගේ අත්දැකීම් අප වෙනුවෙන් ශුද්ධ ලියවිල්ල අර්ථ නිරූපනය කිරීමට ඉඩ නොතබමු. නමූත් අප ක්‍රිස්තුස් වහන්සේට වෙනස් වී අනූකුලවන විට අපි අපගේ අත්දැකීම් ශුද්ධ ලියවිල්ලට අනුව අර්ථ නිරූපනය කරමු. අවාසනාවකට මෙන් පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය ආරක්ෂා කරන ක්‍රමයක් තුළ මෙය සිදු නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පශ්චාත් නූතන ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries