settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේගේ රුධිරය ආයාචනා කිරීම බයිබලානුකුලද?

පිළිතුර


යාච්ඤාවෙන් "යේසුස්වහන්සේගේ රුධිරය ආයාචනා කිරීම" යනු ඇදහිල්ලේ ව්‍යාපාරයේ මුල් නායකයන් කිහිපදෙනෙකු විසින් සොයගත්තාවු ඉගැන්වීමකි. මිනිසුන් "යේසුස්වහන්සේගේ රුධිරය යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කරමින් යාච්ඤාවෙන් ආයාචනා කිරීම" ගැන කථා කරන විට, ඔවුන් යොමු දක්වන්නේ තමන්ට දුන් "හිමිකම" භාවිතා කරමින් ඕනෑම ගැටලුවකට ක්‍රිස්තුස්වහන්සේගේ බලය "ප්‍රකාශකිරීමේ" පුරුද්දටය.

"යේසුස්වහන්සේගේ රුධිරය ආයාචනා කිරීම" යන්නට ශුද්ධ ලියවිල්ලේ කිසිම පදනමක් නැත. බයිබලයේ කිසිවෙකු ක්‍රිස්තුස්වහන්සේගේ "රුධිරය ඉල්ලන්නේ නැත". "රුධිරය ආයාචනා කරන" අය එසේ කරන්නේ එම වචනවල ඉන්ද්‍රජාලික යමක් තිබේ නම් හෝ ඒවා භාවිතා කිරීමෙන් ඔවුන්ගේ යාච්ඤාව කෙසේ හෝ වඩා බලවත් වෙයැයි යන අදහසින්ය. මෙම ඉගැන්වීම උපත ලැබුවේ යාච්ඤාව පිළිබඳ නොමඟ ගිය හා මිථ්‍යාදෘෂ්ටික දෘෂ්ටියෙනි. යාච්ඤාව යනු දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුවන ලෙස යාච්ඤා කරනවාට වඩා අපට අවශ්‍යදේ ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේව හසුරුවන ක්‍රමයක් මිස වෙන කිසිවක් නොවේ. ඇදහිල්ලේ ව්‍යාපාරයේ සමස්ථ වචනය පදනම් වී ඇත්තේ ඇදහිල්ල බලවේගයක් යන බොරු ඉගැන්වීම මත වන අතර අප ප්‍රමාණවත් ඇදහිල්ලෙන් යාච්ඤා කළ හොත් දෙවියන්වහන්සේ අපට සෞඛ්‍යය, ධනය හා සතුට සහතික කරන අතර සෑම ගැටලුවකින්ම සහ සෑම තත්වයකින්ම අපව ගලවා ගනු ඇත. මේම මතය අනුව, දෙවියන්වහන්සේගේ ශුද්ධකම, පරමාධිපත්‍යය, පරිපූර්ණ හා ධර්මිෂ්ධ මැවුම්කරුණන්වීම වෙනුවට අපට අවශ්‍යදේ ලබා ගැනීමේ මාර්ගයකි.

ඉහත මෙම ඇදහිල්ලේ ව්‍යාපාරයේ අසත්‍යය උගන්වන අයට මිනිසා පිළිබඳ උසස් දැක්මක් ඇති අතර අපට අවශ්‍යදේ ආයාචනා කිරීමට හා අපට අවශ්‍ය ආකාරයට දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වීමක් ඇත. මෙය පාවුල්තුමාගේ ජීවිතය තුළ නිදර්ශනය කර ඇති සැබෑ බයිබලානුකුල ඇදහිල්ලට හා දුක්වේදනා හා පීඩාවලට ඔහු දක්වන ප්‍රවේශයට විරුද්ධය. පාවුල් 2 තිමෝති 2 හසුන්පත් හි ලියා ඇත්තේ "ක්‍රිස්තුස්යේසුස්වහන්සේ තුළ දේව භක්තිකව ජීවත්වීමට කැමති සියල්ලෝ පීඩා විඳිති" (2 තිමෝති 3:12). නමුත් ඇදහිල්ලේ ව්‍යාපාරයේ වචනය උගන්වන්නේ අප දුක් විඳිනවා නම් හෝ අසනීපවී හෝ පාපය සමඟ පොරබදන්නේ නම්, එයට හේතුව අපට ප්‍රමාණවත් විශ්වාසයක් නොමැති නිසා හෝ අපට අයිතිදේ ඉල්ලා සිටින ලෙස යේසුස්වහන්සේගේ රුධිරයට ආයාචනා නොකිරීමයි. නමුත් පාවුල්තුමා ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය ඉල්ලාසිටීම හෝ පීඩා හා පීඩාවලට මුහුණදුන් විට "තමාට අයිති" දේ ප්‍රකාශ කිරීම අපට පෙනෙන්නේ නැත. තත්වය කුමක් වුවත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔහු තුළ ඇති නොසැලෙන ඇදහිල්ල අපට පෙනේ: "මා විසින් අදහාගත් තැනැන්වහන්සේ කවුද කියා මම දැන ගෙන, මා උන්වහන්සේට භාරදි තිබෙනදේ ඒ දවස දක්වා ප්‍රවේසම් කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාස කර ගෙන සිටිමි." (2 තිමෝති 1:12).

පාවුල්තුමා "මම සෑහීමකට පත්වීමට කැමති ඕනෑම තත්වයක ඉගෙන ගෙන තිබෙනවා. මම පහත්ව සිටින්ටත්, බහුලව සිටින්ටත් ආකාරයත් මම දනිමි. සෑම තැනකම හා සෑම දෙයකින් මමම ඉගෙන ගෙන ඇත්තේ සම්පූර්ණවීමට හා කුසගින්නෙන් සිටීමට, අවශ්‍යතාවයන් බහුලවීමට හා දුක්විඳීමටය. මාව ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට සියල්ල කළ හැකිය "(පිලිප්පි 4: 11-13). පාවුල්තුමාගේ ඇදහිල්ල ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පමණක්වූ අතර, ඔහුට ස්ථිර විශ්වාසයකින් යුතුව පැවසිය හැකිය, "ස්වාමින්වහන්සේ සෑම නපුරු ක්‍රියාවකින්ම මාව ගලවා ඔහුගේ ස්වර්ග රාජ්‍යය උදෙසා මාව ආරක්ෂා කරයි. උන්වහන්සේට සදහටම මහිමය වේවා" (2 තිමෝති 4:18).

"රුධිරය ආයාචනය කිරීම" සාමාන්‍යයෙන් භාවිතා වන පරිදි ගුප්ත විද්‍යාවට වඩා පොදු ය. එනම්, බයිබලානුකුල යාච්ඤාවට වඩා ඉන්ද්‍රජාලික සූත්‍රයක් පාරායනය කිරීම හා එයක්‍රියාත්මකවේ යැයි සිතීමවේ. සමහර වචන පැවසීමෙන් අපගේ යාච්ඤා ඉන්ද්‍රජාලිකසේ බලවත්වීමක් නොවේ. තවද, සාතන්ව පරාජය කිරීමට ක්‍රිස්තුස්වහන්සේගේ "ලේ ඉල්ලාසිටීම" අවශ්‍ය නොවේ. සාතන් දැනටමත් පරාජයට පත්වී ඇති අතර, අප සැබවින්ම නැවත ඉපදුනහොත්, දෙවියන්වහන්සේගේ අරමුණ හා මහිමය සඳහා දෙවියන්වහන්සේ ඉඩ දෙන දේ හැරෙන්නට සාතන්ට අප කෙරෙහි බලයක් නැත. කොලොස්සි 1:13 මෙය මනාව පැහැදිලි කරයි. "මක්නිසාද උන්වහන්සේ අපව අන්ධකාරයේ බලයෙන් ගලවා, උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අපව පරිවර්තනය කර තිබේ. උන් වහන්සේගේ රුධිරයෙන් අපට මිදීම, පාප සමාව ඇත."

රැකවරණය හෝ බලය සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ "රුධිරය ඉල්ලාසිටීම" වෙනුවට කිතුනුවන් යාකොබ් 4: 7 හි සඳහන් ශික්ෂාවට කීකරුවිය යුතුය. යක්ෂයාට විරුද්ධවන්න, එවිට ඔහු ඔබ වෙතින් පලායයි. "බයිබලානුකුල නොවන යාච්ඤා ක්‍රමයක් අනුගමනය කරනවා වෙනුවට, අප ශුද්ධලියවිල්ලේ සරල ශික්ෂාපද අනුගමනය කළ යුතුය. එනම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්මල ජීවිතයක් ගත කිරීම, පාපයට ස්ථානයක් ලබානොදී අපගේ සියලු සිතුවිලි වහල්භාවයට ගෙන ඒම පළමු ශික්ෂාපද දෙක අප අසමත්වූ විට අපගේ පව්පාපොච්චාරණය කිරිම එපීස 6: 13-17 හි දක්වා ඇති පරිදි දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් පැළඳ ගන්න.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ජයග්‍රාහී ලෙස ජීවත්වීම පිළිබඳව බයිබලය අපට බොහෝ උපදෙස් ලබාදී ඇති අතර "යේසුස්වහන්සේගේ රුධිරය" ඉල්ලාසිටීම ඉන් එකක් නොවේ. ක්‍රිස්තුස්ගේ රුධිරයෙන් අපව පවිත්‍ර කර ඇති අතර, උන්වහන්සේ අපගේ උත්තම පූජකයා සහ මැදිහත්කරු වන අතර උන්වහන්සේ අප වෙනුවෙන් "සැමවිටම මැදිහත්වීමට ජීවත්වේ" (හෙබ්‍රෙව් 7:25). උන්වහන්සේගේ බැටළුවන් වශයෙන් අපි දැනටමත් උන්වහන්සේගේ රැකවරණය යටතේ සිටිමු. උන්වහන්සේ දැනටමත් පොරොන්දුවී ඇති හා සපයා ඇතිදේ කෙරෙහි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා දිනෙන් දින ජීවත්විය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේගේ රුධිරය ආයාචනා කිරීම බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries