settings icon
share icon
ප්‍රශ්නය

අපට ස්වර්ගයේ භෞතික ශරීර තිබේද?

පිළිතුර


ස්වර්ගයේ එය කෙබඳු වේදැයි බයිබලය අපට අල්ප වශයෙන් පැවසුවද, අපට බොහෝ විට භෞතික ශරීරයක් ඇති බව පෙනේ, නමුත් දැන් අපට ඇති භෞතික යන අර්ථයෙන් නොවේ. පළමුවන කොරින්ති 15:52 හී අපට, "මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගිටුවනු ලබනු" ඇති බවත් ක්‍රිස්තුස්වහන්සේ තම ශුද්ධවන්තයන් සඳහා නැවත පැමිණෙන අවස්ථාවේ ජීවත්ව සිටින අය "වෙනස් කරනු ලබන" බවත් පවසයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැතපී සිටින්නන්ගේ "නාඹුල් ඵලය" වේ (1 කොරින්ති 15:20,23). මෙයින් අදහස් කරන්නේ උන්වහන්සේ ආදර්ශය සලසා මඟ පෙන්වන බවයි. පළමුවන කොරින්ති 15:42 හී, "මළවුන්ගෙන් නැගිටීමත් එසේමය. ජරාවෙන් යුක්තව වපුරනු ලැබේ; ජරාවෙන් වියුක්තව නැගිටුවනු ලැබේ" යැයි පවසයි. ඇදහිලිවන්තයන්ගේ නැවත නැගිටීමට පෙරාතුව, සමහරුන්ව නැගිටුවනු ලැබූවේ ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථාන සමයේදී වන අතර, මතෙව් 27:52 ට අනූව සඳහන් වන්නේ ඔවුන්ගේ "ශරීර…උත්ථානවූ" බවයි. යොහන් 20:27 හී, ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයෙන් පසු උන්වහන්සේගේ ශරීරය භෞතිකව ස්පර්ශ කරන ලෙසට තෝමස්ට ආරාධනා කළ අතර, ඒ අනූව උන්වහන්සේට නිසැකවම භෞතික ශරීරයක් තිබෙන්නට ඇත.

සියලුම ඇදහිලිවන්තයන්ගේ නැවත නැගිටීමේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයට සමාන වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. එය මොනතරම් පුදුමාකාර සත්‍යයක්ද! බයිබලය නිශ්චිත නැත, නමුත් අපට අනුභව කිරීමට හැකි වනු ඇති බව පෙනේ. යොහාන්තුමා, එළිදරව් 22:2 හි සදාකාලික තත්වය පිළිබඳව තමා දුටු දර්ශනය ගැන "එහි විථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය" යනුවෙන් ලියයි. මෙය උත්පත්ති 3, ආදම් සහ ඒව සහ සියලුම මනුෂ්‍ය වර්ගයා මෙම ගසෙන් ආහාර ගැනීම තහනම් කරන ලද දඩුවම ආපසු හැරවීමක් ලෙස පෙනේ. කුසගින්න සම්බන්ධයෙන් ගත් කල, එහි කිසි කුසගින්නක් නොමැති බව පෙනේ. යෙසායා 49:10 හි සදාකාල රාජ්‍යයේ කුසගින්න හෝ පිපාසය ඇති නොවන බව පවසයි. මෙය කථා කරන්නේ එම කාල වකවානුවේදී මනුෂ්‍යයන් ගැන මිස පරිවර්ථනය කළ සාන්තුවරයන් ගැන නොවේ, නමුත් දීර්ඝ වශයෙන් කිවහොත් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය තුළ පොළොවේ සිටින මනුෂ්‍යයන් කුසගින්නේ නොසිටින්නේ නම්, ස්වර්ගයේ කුසගින්නක් ඇති නොවන බව නිසැකය (එළිදරව් 7:14-16 ද බලන්න).

අවසාන වශයෙන්, යෝබ් ඔහු මිය ගොස් ඔහුගේ සම වියැකී ගියත්, "මාගේ මාංසය නැතුව නමුත් දෙවියන් වහන්සේ දකින්නෙමි" යයි මෙසේ ලිවීය (යෝබ් 19:26). එබැවින්, මෙයින් අදහස් කරන්නේ අපේ ශරීර යම් ආකාරයක මහිමාන්විත මාංශයකින් සමන්විත වන බවයි. අපිට කුමන ස්වරූපයක් තිබුණත්, එය පරිපූර්ණ, පව් රහිත සහ නිර්දෝෂි වන බව අපි දනිමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපට ස්වර්ගයේ භෞතික ශරීර තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries