settings icon
share icon
ප්‍රශ්නය

භාර්යාවක් හෝ ස්වාමි පුරුෂයෙක් සොයන කල්හි බාහිර ආකර්ෂණය කෙතරම් වැදගත් වේද?

පිළිතුර


දෙවියන් වහන්සේ කාන්තාවන් සහ පුරුෂයන් මවන කල්හි එකිනෙකාට ආකර්ෂණය වන ලෙස සෑදු බවට කිසිදු සැකයක් නැත. විවාහයක ලිංගික උපාංග වැදගත් වන්නේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර සංසේචනය සහ ප්‍රජනනය කරණකොටගෙන මනුෂ්‍ය සංහතියේ ස්ථිතිය සඳහාය. ඒ අතරම විවාහය සිදු වනතුරුම යුවල එකිනෙකා නොදකින සැලසුම් සහගත විවාහයන් පෙර ශතවර්ෂ වල සම්මතය වූ අතර තවමත් ලෝකයේ සමහර කොටස් වල එම චාරිත්‍ර සිදුවෙමින් පවතී.

ගීතිකාවෙන් උතුම් ගීතිකාවෙහි මනමාලයාට තමන්ගේ ආදරවන්තිය කෙරෙහි වූ ආකර්ෂණය පිළිබඳ සලමොන් 4 වෙනි සහ 7 වෙනි පරිච්ජේදයන්හිදී විග්‍රහ කරන ලදී. ඔහු එහිදී ඇයගේ බාහිර අලංකාරය සහ ඇය කෙරෙහි ඇති ආශාව පිළිබඳ විග්‍රහ කරන ලදී. පරිච්ජේදය 8 හිදී ඇය පරස්පර වශයෙන් ක්‍රියා කරමින් ඔහු කෙරෙහි ඇයට ඇති මහත් ළැදිකම සහ ඔහුගේ වැලඳගැනීමට ඇති ඉමහත් ආශාව කියා පෑවාය. ගීතිකාවෙන් උතුම් ගීතය විවාහය තුළ ඇති ආලයට බාහිර ආකර්ෂණය එක් උපාංගයක් බව අලංකාර ලෙස පැහැඳිලි කරයි.

ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් සෙවීමේදී බාහිර ආකර්ෂණය ඉතාමත් වැදගත් ලෙස පැවසීම මෙහි ඇරත නොවේ. තවත් ආකාරයෙන් පැවසුව හොත් අලංකාරය ලෝකාකාරයෙන් අර්ථ දැක්වීම නොකළ යුතුය. ලෝකයා සොයන අලංකාරය ලියවිල්ලේ සඳහන් අලංකාරයේ ප්‍රමිතිය ඉදිරියේ පහතට වැටේ. මක්නිසාද බාහිර අලංකාරය කාලයත් සමඟ ක්‍රමයෙන් නැතිවී යන නමුත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නාවූ කාන්තාවකගේ සැබෑ ඇතුලාන්තර අලංකාරය දිස් වේ (හිතෝපදේශ 31:30). දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා මහත් වටිනාකමක් ඇති ඇතුලාන්තර අලංකාරය වන "කිසිකලෙක නැතීවී නොයන මෘදුවූ සහ නිශ්චල ගති වර්ධනය කරගන්නා පිණිස පේත්‍රස්තුමා දිරිගන්වයි. මක්නිසාද අතීතයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තැබූ ශුද්ධ කාන්තාවන් තමන්ව අලංකරණය කර ගනු ලැබූවේ මේ ආකාරයෙන්ය" (1 පේත්‍රස් 3:3-5). මන්ද බාහිර අලංකාරය නොදැනී පලා යන අතර ඇතුලාන්තර අලංකාරය සදාකාලික වේ.

පුරුෂයකුගේ ආකර්ෂණයද ඇතුලාන්තරයෙන් පැමිණිය යුතුය. අපට පැහැදිලිවම පෙනෙන ලියවිල්ලෙහි උදාහරණය වන්නේ යේසුස්වහන්සේය මක්නිසාද "උන්වහන්සේට රුවවත් ශෝභන කමවත් නැත. අප විසින් උන්වහන්සේ දකිනවිට උන්වහන්සේ කෙරෙහි ආශාවීමට ලක්ක්‍ෂණ කමක්ද නැත" (යෙසායා 53:2). නමුත් අවතරයණය වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස එතුමන්ගේ මහිමය සහ අනුග්‍රහය එතුමාණන් දෙස බැලූ හැම කෙනෙක් කෙරෙහිම ඇතුලාන්තරව දිස්විය. සම්පූර්ණයෙන් ලුසිෆර් / සාතන් පිළිබඳ විග්‍රහයවන "නුඹ සම්පූර්ණකම මූද්‍රා කරන්නාවූ, ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් පීරී සිටියි" (එසෙකියෙල් 28:12). මෙම බාහිර අලංකාරත්වය නොසලකා ලුසිෆර් නපුරෙහි සහ අභක්තික කමෙහි ප්‍රතිමූර්තිය විය.

බාහිර අලංකාරය නොදැනී පලා යන අතර කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ විනිශ්චය අපචය / අඩු කරනු ලබන්නේ පාපය පිළිබඳ ඔවුන් දක්නා අයුතු වැදගත්කම කරණකොටගෙනය. දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණය වෙනස්ය. "ස්වාමින් වහන්සේ මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන සේක. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නමුත් ස්වාමින් වහන්සේ සිත බලන සේකැයි කීසේක" (1 සාමුවෙල් 16:7). පෙරදක්නු ලබන ස්වාමි පුරුෂයෙක් හෝ භාර්යාවක් අව්‍යාජ, ක්‍රිස්තුස් වහන්සේට කීකරු වූ ඇදහිල්ලේ වර්ධනය වෙමින් මෙහෙරුත්වයට පත්වූ නව උත්පාදනය ලත්, කෙනෙකු විය යුතුය. තමන් කරන්නාවූ සියළු දෙය හෙදී දෙවියන් වහන්සේ මහිමයට පත් කිරීම පරමාර්ථයකරගත් එකම සිත් ඇති දෙදෙනෙක් බාහිර ආකාර්ෂණයෙන් එකිනෙකාට දිනපතා ළංවන අතර එය ජීවිත කාලය පුරාමප වතිනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

භාර්යාවක් හෝ ස්වාමි පුරුෂයෙක් සොයන කල්හි බාහිර ආකර්ෂණය කෙතරම් වැදගත් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries