settings icon
share icon
ප්‍රශ්නය

දාර්ශනික දේවධර්මය යනු කුමක්ද?

පිළිතුර


දාර්ශනික දේවධර්මය, දේවධර්මයේ ශාඛාවක් වන අතර දිව්‍යය සත්‍යයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා දාර්ශනික ක්‍රම උපයෝගී කර ගනියි. සත්‍යය කරා ලඟා වීමට මිනිසා දරන උත්සහයට දේවධර්මය හා දර්ශනය යන දෙකම සම්බන්ධ විය යුතුද, නැතහොත් දිව්‍යමය එළිදරව්ව තනිවම පැවතිය හැකිද යන්න පිළිබඳ විවාද පවතී. දේවධර්මවාදී සංකල්පවලට දාර්ශනික ක්‍රමය කෙතරම් පුළුල් ලෙස යොදා ගත යුතුද යන්න පිළිබඳව රටවල් පුරා විවිධ න්‍යායන් තිබේ. සමහරු පවසන්නේ එම කරුණු දෙක එකිනෙක සමඟ කිසිම සම්බන්ධයක් නැති බවයි. දිව්‍යමය එළිදරව්ව මිනිසා නිවැරදිව වටහා ගැනීමට නම් දර්ශනය හා තර්කය අවශ්‍යය බව තවත් සමහරු පවසති. තවත් සමහරු දර්ශනවාදය ප්‍රයෝජණවත් මෙවලමක් වන නමුත් එය සම්පූර්ණයෙන් රඳා නොපවතින බව පවසමින් මධ්‍යස්ථ ප්‍රවේශයක් ගනිති.

දාර්ශනික දේවධර්මය ආරම්භවූයේ18 සහ19 වන සියවස් වලදී ධනාත්මක, නූතනවාදී හා බුද්ධිමත් චින්තකයන් ක්‍රිස්තියානි ධර්මයට පහර දුන් අවස්ථාවේදීය. දේවධර්මවාදීන්ට ඔවුන්ගේ විශ්වාසයන් පැහැදිලි කිරීමට හා ආරක්ෂා කිරීමට ක්‍රමයක් අවශ්‍යයවූ අතර දිව්‍යමය එළිදරව්ව ආරක්ෂා කිරීම සඳහා දාර්ශනික ක්‍රම භාවිතා කළ හැකි බව සොයා ගත්හ. දේවධර්මය විශ්ලේෂණය කිරීම හා පැහැදිලි කිරීම සඳහා දර්ශණය භාවිතා කිරීම පූර්වා දර්ශයකින් තොරව සිදුවිය. තෝමස් ඇක්වයිනාස්, ඔගස්ටින් සහ අනෙකුත් මුල් දේවධර්මවාදීන් ඇරිස්ටෝටල් සහ සොක්‍රටීස්ගේ අදහස ඔවුන්ගේ ලේඛණවල භාවිතා කර ඇති අතර බයිබලයෙහි ඉදිරිපත් කර ඇති සංකල්පය ගැන සිතා බැලීමට හා තේරුම් ගැනීමට උත්සහ කළහ. බොහෝ නූතන සංරක්ෂණා ලාපකයින් තවමත් දාර්ශණික තර්ක භාවිතා කරයි, නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේගේ පැවැත්ම සඳහා වන සාධ්‍යතා හා ස්ථිතික තර්ක දාර්ශණික දේවධර්මයේ මුල් බැස ඇත.

දෙවියන්වහන්සේ සඟවා ඇති සත්‍යයක් සෙවීම මහින්මාවිත බව බයිබලයේ සඳහන්වේ (හිතෝපදේශ 25:2 එනම් කාරණයක් සඟවා තැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැන ගැනීමය). අපට තර්ක කිරීමේ හැකියාව ලබාදී ඇති අතර දර්ශණය හැදෑරීමේදී අධ්‍යාත්මික අන්තරායන් බොහොමයක් තිබේ. දෙවියන්වහන්සේ අපට අනතුරු අඟවන්නේ "දේවභක්තික කතාබහෙන් හා දැනුම ලෙස ව්‍යාජ ලෙස හඳුන්වන දේවල විරුද්ධ අදහස් වලින් වෙනස් වන්න" (1 තිමෝති 6:20 ට අනුව තිමෝතියස්නි, දැන ගැන්ම යයි බොරුවෙන් කියන දැන ගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලි වලින්ද විරුද්ධකම් වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂා කරන්න) යනුවෙනි. මිනිසා විසින් සාදන ලද න්‍යායන් සහ මිනිස් සම්පේක්ෂණය දෙවියන්වහන්සේගේ වචනයට කිසිඳු වටිනාකමක් එක් කල නොහැකි අතර එය "සෑම යහපත් ක්‍රියාවන් සඳහාම" අපට සන්නද්ධ කිරීමට ප්‍රමාණවත්වෙ (2 තිමෝති 3:16-17 එනම් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස). යෝබ් සහ ඔහුගේ මිතුරන් තිදෙනා මිනිස් තර්ක තුළින් දෙවියන්ගේ මාර්ග තේරුම් ගැනීමට උත්සහ කළ අතර එය අසාර්ථක විය. අවසානයේදී, දෙවියන්වහන්සේ ඔවුන්ට පැවසුවේ" දැනුම නැති වචන" මඟින් ඔවුන් එළිදරව්ව අපැහැදිලි කරන බවයි. (ජෝබ් 38:2 ට අනුව එනම් අණුවන වචන වලින් මන්ත්‍රණය අඳුරු කරන මොහු කවුද?).

දාර්ශණික දේවධර්මය යනු නිවැරදි ආකාරයකින් හෝ වැරදි ආකාරයකින් භාවිතා කළ හැකි මෙවලමකි. එය චේතනාව හා ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රශ්ණයකි: මිනිසා විසින් සාදනලද ඉදිකිරීම් මනා විශ්වාසය තබා දෙවියන්ගේ මාර්ග සහ සිතුවිලි තේරුම් ගැනීමට අප උත්සහ කරන්නේ නම්, අප බලාපොරොත්තු සුන්වනු ඇත. මිනිසා බාබෙල් කුළුණේ සිට දෙවියන්වහන්සේ වෙත ළඟා වීමට ඇති හැකියාව ඔප්පු කිරීමට උත්සහ කරයි. නමුත් ප්‍රේමයෙන් සහ දෙවියන් වහන්සේව හඳුනාගැනීමේ ආශාවෙන් පෙළඹී ඇත්නම්, අපි අපගේ මනස වඩාත් හොඳින් භාවිතා කරමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දාර්ශනික දේවධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries