settings icon
share icon
ප්‍රශ්නය

පරිසිවරු හා සද්දුසිවරු යනු කව්රුන්ද?

පිළිතුර


සුභාරංචි පොත්වල, මෙම කණ්ඩායම් ගැන බොහෝ ලෙස සඳහන් වන්නේ, යේසුස් වහන්සේ බොහෝ ලෙස මොවුන් සමඟ ගැටුන නිසාය. ඊශ්‍රායෙල්හී නිතී රීති අනුව ඡීවිතය ගෙන යන මිනිසුන් ලෙස සද්දුසුවරු හා පරිසිවරු හැඳින්විය හැක. මෙම කණ්ඩායම් දෙක තුළ බොහෝ වූ සමානකම් ඇති මුත් විශේෂවූ අසමානකම් ද ඇත.

සද්දුසුවරුන්: යේසුස් වහන්සේගේ ඡීවිත කාලයේ හා අළුත් ගිවිසුම සඳහන් යුගයේදී, සද්දුසිවරුන්ව හැඳින්වූයේ රදළවරුන් ලෙසය. මොවුන් ඉතා පොහොසත්ව හා බලවත්ව එනම් උසස් හා රාඡකීය නිළ තනතුරු හෙබවූ බවය. සන්හෙදිරින් නම් වූ රාඡ මණ්ඩපයේ ප්‍රධාන වූ ආසන 70 ව හිමි කරගත්තේ මොවුන්ය. රෝම අධිරාඡ්‍යයට පක්ෂව නීතිය හා සාමය රැගෙන යාමට මොවුන් බොහෝ ලෙස මහන්සි හා නලංගු විය (ඊශ්‍රායෙලය මෙම යුගයේදී රෝමයට යටත්ව තිබුණි). ඔවුන් ආගම ධර්මයට වඩා දේශපාලනය කෙරෙහි සිය මනස වෙහෙස කර සිටියෝය. මන්ද ඔවුන් රෝමයට උපස්ථාන කරමින් හා ඔවුන් ධන පන්තියේ සිටියත්, සමාන්‍ය ඡනයා සමඟ ඔවුන් ගැවසුනේවත්, සමාන්‍ය ඡනයාගේ ඡීවිතය තුළ ඔවුන් පිළබඳව තිබුනේ කලකිරුණු හා අපහැදිලි අදහසකි. පරිසිවරුන්ට වඩා හොඳ ඡීවිත ගත කිරීමට සමාන්‍ය ඡනයාට හැකි විය. සන්හෙදිරින්හි මුල සුන ආසන හෙබවූවත්, ඔවුන්ගේ ඉතිහාසය නිරූපනය කරන්නේ ඔවුන් බොහෝ දුරට පරිසිවරුන්ගේ නීති රීති රැගෙන පාලනය කළ බවය.

ආගමානුකුලව ඔවුන් උගන්වන ආගම ධර්මයෙහි වෙනසක් දැකීමට හෝ වෙනසක් කිරීමට අකමැති විය. පරිසිවරුන් සමකාලීන බලයක් තුළ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කළ අතර, සද්දුසිවරුන් ලියන ලද්දාවූ වචනයක් පැමිණෙන්නේද එය දෙවියන් වහන්සේගෙන් බව විශ්වාස කළේය. සද්දුස්වරුන් සැමවිටම දෙවියන් වහන්සේගේ ආධිපත්‍යට යටත්ව තිබුණ දේව වචනය, දේවත්වයෙන් සළකනු ලැබුවා. විශේෂ ලෙස ගත් කළ, ව්‍යවස්ථා පොත්, (එනම් උත්පත්ති සිට ද්විතිය කථාව තෙක්) ඔවුන් මේ සෑම දෙයකම ඇලී ගැලී ඡීවත් වූවත්, ඔවුන්ගේ ධාර්මික අදහස් හා ඒ පිළිබඳ ගැඹුරු අදහසක් ඔවුන්ට නොතිබුණි. පහත සඳහන් වන්නේ ඔවුන් විසින් පිළිපැදීමය ලක් කළ, දේව වචනය හා පරස්පර විරෝධී විශ්වාසයන්ය.

1. ඔවුන් සැම විටම ආත්මික තෘප්තියකින් ඡීවත් වූ බව හා දෙවියන් වහන්සේ ඔවුන්ගේ එදිනෙදා ඡීවිත වලට අත්‍යවශ්‍ය නොවන බවය.

2. මරණින් නැවත උත්ථාන වීම, ඔවුන් ප්‍රතික්ශේප කරනු ලැබුවා (මතෙව් 22:23, මාර්ක්12:18-27, ක්‍රියා 23:8).

3. මරණින් පසු ආත්මය ඔසවා ගැනීම මොවුන් තරයේ ප්‍රතික්ශේප කළ අතර, අප ලෝකයේ ගත කළ ඡීවිතයට ලැබෙන ඵල විපාක අවිශ්වාස කරනු ලැබුවා.

4. ආත්මික ලෝකයක පිහිටීම, ඔහු අවිශ්වාස කළා (එනම් දේව දූතයන් හා යක්ශයන්) ක්‍රියා 23:8.

මන්ද සද්දූස්වරු සැමවිටම ධර්මයට වඩා දේශපාලනයට නැඹුරු වූවා. ඔවුන් යේසුස් වහන්සේට වැඩි අවදානයක් නොදුන්නේ, මන්ද ඒ තුළින් රෝමවරුන් යේසුස් වහන්සේ පිළිබඳව දැනගන්නා බැවින්ය. ඒ තුළින් සද්දුසිවරු හා පරිසිවරුන්, යේසුස් වහන්සේව මැරීමටද උනන්දු වූවෝය (යොහාන්11:48-50, මාර්ක්14:53,15:1). ක්‍රියා 4:1 සහ ක්‍රියා 5:17 දීද සද්දුසිවරුන් පිළිබඳව සඳහන් වේ. ජෝසෆගේ ඉතිහාසික ප්‍රවෘත්ති වලට අනුව යාකොබ්ගේ මරණය සිදුවූයේ සද්දුසිවරුන්ගේ අතින් බව මතයයි (ක්‍රියා12:1-2). සද්දුසිවරුන්ගේ මෙම පිබිදීම ක්‍රි.පූ 70 වේදී පමණ සිදු විය. මෙම කණ්ඩායම ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් සඵල කර ගැනීමට වෙහෙස වුන බැවින්, රෝමවරු විසින් දේව මාළිගාව හා යෙරුසලම කඩා විනාශ කිරීමෙන් පසු මෙම කණ්ඩායම ද නිම විය.

පරිසිවරුන් සද්දූසිවරුන්ට වඩා පරිසිවරුන්, මධ්‍යම පන්තිය එනම් සාමාන්‍ය ජනයා සමග ගැටෙන්නට විය. පරිසිවරුන්ට, සද්දූසිවරුන්ට වඩා සමාන්‍ය මිනිසාගෙන් යම්කිසි ගෞරවයක් හිමිවුණි. සන්හෙදරින් රාඡ්‍ය සභාවේ ඔවුන්ට අවම බලතල හිමිවූවත්, ඉතා කුඩා ඇමති ධූර ගනනක් හෙබවූවත්, සද්දුසිවරුන්ට වඩා ඔවුන්ට එහි බලතල හිමි විය. මක්නිසාද ඔවුන්ට මිනිසුන්ගේ සහයෝගය බොහෝ ලෙස තිබුණේය. ආගමානුකුලව, ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය බොහෝ ලෙස ඇදහීමට ලක් වූවාය. යේසුස් වහන්සේගේ ලෝකයේ සිටි අවදියදී, මෙම වචනය පැරණි ගිවිසුම ලෙස එම අවදියේදී හඳුන්වා ඇත. නුමුත් ඔවුන් ඒ සෑම දෙයකටම සමාන බලතල දුන් අතර පැරණි ගිවිසුමද මෝසෙස්ගෙන් පැවති දෙයක් බවද විශ්වාස කළෝය. සියවස් ගණනක් පසු කර, එදා ඔවුන් කළ චාරීත්‍ර, දේව වචනයට එකතු විය (ද්විතිය කථාව 4:2) හා පරිසිවරුන් මෙම පැරණි ගිවිසුම ඉතා තදින් ගරු කිරීමට පෙළඹීය. සුභාරංචි පොත් වල බොහෝ ලෙස, පරිසිවරුන් එම වාරීත්‍ර දේව වචනය සේ ඔවුන් සළකා ඇත(මතෙව් 9:14,15:1-9, 23:5, 23:16, 23, මාර්ක් 7:1-23, ලූක්11:42). කෙසේ වූවත් ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය බොහෝ ලෙස විශ්වාස කළෝය. ඊට අමතරව පහත සඳහන් විශ්වාස ද ඔවුන්ගේ ජීවිත වල විය.

1. ඔවුන් දෙවියන් වහන්සේට අපගේ ඡීවිතයෙහි සෑම දෙයකම පාලනයක් ඇති අතර අප විසින් අපගේ ජීවිත ගැන ගන්නාවූ තීරණ ද එයට බලපානු ලබයි.

2. මළවුන්ගෙන් නැවත නැඟිටීම ගැන ඔවුන් විශ්වාස කළෝය (ක්‍රියා 23:6).

3. මරණයෙන් පසු ඡීවිතයක් ගැන ඔවුන් විශ්වාස කළෝය, එකිනෙකාට ලැබෙන ඵල විපාක හා දඬුවම් ගැන විශ්වාස කළෝය.

4. දේව දූතයන් හා යක්ශයන්ගේ පැවැත්ම විශ්වාස කළෝය (ක්‍රියා 23:8).

පරිසිවරුන්, සද්දුසිවරුන්ගේ පරම එදිරිකාරයා වූවත්, ඔවුන්ගේ අසමානකම් ඔවුන් යේසුස් වහන්සේව පරික්ෂා කරන අවධියේදී අමතක කළෝය. එය සැබවින්ම සද්දුසිවරුන් හා පරිසිවරුන් යේසුස් වහන්සේව මරණයට ලක් කිරීමයි (මාර්ක්14:53, 15:1, යොහාන්11:48-50), සද්දුසිවරුන් යෙරුසලමෙහි විනාශයෙන් පසු ඔවුන්ගේ පැවැත්මට හානියක් වූවත්, පරිසිවරුන් දේශපාලනයට වඩා ආගම ධර්මයට මුල් තැන දුන් නිසා ඔවුන්ට පැවැත්මක් තිබුණි. මෙම හේතුවෙන් අපට නීර්ණය කළ හැක්කේ යෙරුසලමේ විනාශයට එය හේතුවක් විය හැකිව තිබෙනු ඇත. මීට පසුව රෝමවරුන් සමඟ ප්‍රථමයෙන් සාමය ප්‍රකාශ කරනු ලැබුවේ ද මොවුන්ය. මිස්නාහා නම් වූ, යුදා රාඡ්‍යයේ දේවමාළිගාවේ කඩා වැටීමෙන් පසු අතීතය සඳහන් ග්‍රන්ථය, ග්‍රන්ථාරූඩ කරනු ලැබුවේ ද පරිසිවරුන්ගේ අනුග්‍රහයෙනි. පරිසිවරු හා සද්දුසිවරු යේසුස් වහන්සේගේ අනේකවාරයක් දෝශාරෝපණයට පත් වූවෝය. ඒ තුළින් අපට ඉගෙන ගත හැක්කේ අප ඔවුන් සේ නොවිය යුතු බවයි. සද්දුසිවරුන් වගේ නොව, බයිබලයේ සඳහන් සෑම දෙයම එනම් හාස්කම් හා සදා අප විශ්වාස කළ යුතුයි. පරිසිවරුන් ලෙස අප චාරීත්‍ර හා දේව වචනය සැසඳීම නොකළ යුතුයි. අප හා දෙවියන් වහන්සේ අතර ඇති සබඳතාවය මොනයම් හෝ චාරීත්‍ර වාරීත්‍ර වළට යටපත් නොවිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පරිසිවරු හා සද්දුසිවරු යනු කව්රුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries