settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළේ මන්ද?

පිළිතුර


නික්මයාම 7:3-4 පවසන්නේ මම පාරාවෝගේ සිත දැඩි කොට මාගේ ලකුණු ද හාස්කම් ද මිසර දේශයෙහි වැඩි කරන්නෙමි. නුමුත් පාරාවෝ නුඹලාට ඇහුම්කන් නොදෙනසේක, මමද මාගේ හස්තය මිසරය පිට හෙළා මහත් විනිශ්චයන් කරණකොටගෙන මාගේ සේනාවන්ද මාගේ සෙනගද වූ ඊශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි. එය පෙනුමට දෙවියන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කරමින් මිසර සෙනඟට පහර එල්ල කිරීම සැබවින්ම ආසාධාරණ බව පෙනේ. දෙවියන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළේ තවතවත් ඊඡිප්තුවට දඬුවම ගෙන දෙන පිණිස ද?

පළමුව අප සිහියේ තබා ගත යුත්තේ පාරාවෝ යනු දේවත්වයේ සිටි මිනිසෙකුවත්, අහිංසක මිනිසෙකුවත් නොවේ යන කරුණයි. ඔහු ප්‍රචණ්ඩ ආඥාදායකයෙක් හා දෙවියන් වහන්සේගේ සෙනග එනම් 1.5 ක් පමණ වූ ඊශ්‍රායෙලිතයන්ගේ අපයෝඡනය හා හිංසාව ඉතා ඕනෑකමෙන් සිටි කෙනෙක්ය. ඊශ්‍රායෙලිතයන්ව වසර 400 කට වැඩි ගණනක් වහල් සේවයේ යෙදවීමට පාරාවෝ සමත් විය. පාරාවෝ එම කාලයේදී අණ කලේ පුරුශ ඊශ්‍රාලෙතියන් උපතේදී මරා දමන ලෙසය (නික්මයාම1:16). දෙවියන් වහන්සේ විසින් දැඩි කළ පාරාවෝ ඉතා නපුරු දුෂ්ඨ මිනිසෙක් වී සිටියේය. ඔහුගේ ඡාතිය පවා ඔහුගේ දැඩි ක්‍රියා ප්‍රතික්ශේප කළේ නැත.

දෙවනුව, පළමු වසංගත වලට ප්‍රථමයෙන්, පාරාවෝගේ සිත තමාටම දැඩි කරගෙන සිටියේ ඊශ්‍රායෙලිතයන් මුදවා හරින ලෙසටය. පාරාවෝගේ සිත දැඩි විය (නික්මයාම7:13 හා 22, 8:19) එහෙත් පාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමින් වහන්සේ කියා තිබුණ ලෙස තමාගේ සිත දැඩි කර ගත් සේක (නික්මයාම 8:15). එහෙත් පාරාවෝ මේ අවස්ථාවෙත් තමාගේ සිත දැඩි කරගත්සේක (නික්මයාම 8: 32) පාරාවෝ ඔහුගේ සිත දැඩි කළ නොගත්තා නම්, මිසරයන්ගේ වසංගත හමුවේ එය ලිහිල්ව විඳීමටද හැකියාවක් උදාකර ගන්නට ඉඩ තිබුණි. දෙවියන් වහන්සේ සැමවිටම පාරාවෝට එන්නට තිබෙන විනාශය ගැන කලින් දැනුම් දුන්නේය. දෙවියන් වහන්සේගේ අණට විරුද්ධ වී පාරාවෝ තමාට හා තමගේ ඡාතියට විරුද්ධව විනිශ්චය කර ගත්තේය.

පාරාවෝගේ මෙම දැඩි සිත නිසා, දෙවියන් වහන්සේ තව තවත් එනම් අවසාන වසංගත වන තෙක් පාරාවෝ සිත බොහෝ ලෙස දැඩි කළේය (නික්මයාම 9:12,10:20, 27). පාරාවෝ හා ඔහුගේ මිසර ඡනතාව කෙරෙහි විනිශ්වය ලැබුණු අතර අවුරුදු 400 පමණ ඔවුන් වහල් සේවයෙහි නිරත වූණෝය. පාපයෙහි කුලිය නම් මරණයයි (රෝම 6:23 ) මිසර වැසියන් හා පාරාවෝ දෙවියන් වහන්සේට විරුද්ධව බෙහෝ සේ පව් කළ අතර, එම නිසා දෙවියන් වහන්සේ මිසර ඡනයාව සහමුළින්ම වනසා දැමුසේක. එබැවින් දෙවියන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කිරීම සාධාරණය. දෙවියන් වහන්සේ යළි යළිත් වසංගත මිසර ඡනයාට එවීමද සාධාරණය. එම වසංගත දරුණුවට තිබුණ අතර, සැබවින්ම ඒ තුළින් ද දේව කරුණාව පිළිඹ්බු නොවන අතර දෙවියන් වහන්සේ මුළු මිසරය විනාශ කලේය.

රෝම 9:17-18 පවසන්නේ, මක්නිසාද නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශ වන පිණිසම නුඹ නැගිටිවීමයි. ලියවිල්ලේ පාරාවෝට කියා තිබේ. එබැවින් දෙවියන් වහන්සේ ප්‍රේම කළ යුත්තාට ප්‍රේම කරන අතර සිත දැඩි කළ යුත්තාගේ සිත දැඩි කරයි. මිනිස් ඇසින් ගත් කළ, මිනිසෙකුගේ සිත දැඩි කර ඒ මිනිසාටම දඬුවම ගෙන දීම අසාධාරණය. බයිබලය වදාරන්නේ, කෙසේවූවත් සියල්ලේ දෙවියන් වහන්සේට විරුද්ධව පව්කර ඇති බවය (රෝම 3:23) හා එම පාපයට ඇති දඬුවම නම් මරණයයි (රෝම 6:23). එබැවින් දෙවියන් වහන්සේ විසින් සිත් දැඩි කිරීම හා දඬුවම් දීම සාධාරණය. එය මිනිසාගෙන් අපට ලැබෙන දේට වඩා කාරුණිමය, ප්‍රේමවන්තය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries