දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලික සබඳකමක් ඇතිකර ගැනීම යනු කුමක්ද? ආගමක් හා සබඳකමක් අතර ඇති වෙනස කුමක්ද?



ප්‍රශ්නය: දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලික සබඳකමක් ඇතිකර ගැනීම යනු කුමක්ද? ආගමක් හා සබඳකමක් අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර:
අපට උන් වහන්සේගේ අවශ්‍යතාවය හැඟෙන්න පටන්ගත් මෙහොතේ පටන් දෙවියන් වහන්සේ හා අප අතර සම්බන්ධතාවයක් ආරම්භ වේ. අප පව් කරුවන් ලෙස සිතන මෙහොතේ පටන්, අප උන් වහන්සේව විශ්වාස කළ යුතුය. ස්වර්ගීක පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ අප සමඟ සැමවිටම ළඟින් සිටීමටත් අප සමඟ කිට්ටු සබඳකමක් ඇති කර ගැනීමට බලා සිටියි. ඒදන් උයනේ ආදම් පාප කිරීමට පෙර (උත්පත්ති 3 වන පරිච්ඡේදය) ආදම් සහ ඒව, දෙවියන් වහන්සේත් සමඟ බොහෝ කිට්ටු ලෙස ඇසුරු කළෝය. ඔවුන් දෙවියන් වහන්සේ සමඟ එකට ගමන් ගත් අතර ද කෙලින් කථා ද කළේය. මිනිසාගේ හිතේ තිබුන පාපය නිසා, අප දෙවියන් වහන්සේත් සමඟ තිබුන සම්බන්ධතාවය හා අපව උන් වහන්සේගේන් වෙන් කෙරුණි.

බොහෝ මිනිසුන් දන්නෙ නැති, දැනගැනීමට උත්සහ කරන්නෙ නැති හා සැළකිළිමත් වෙන්නෙ නැති, යේසුස් වහන්සේ නම් වූ පුදුමවූ ආශ්වර්යමත් තෑග්ග-එනම් සදාකාලිකව උන් වහන්සේගේ සදාතනික ඡීවිතය අත් පත්කර ගැනීමට හැකි වන්නේ ස්වාමින් තුළ විශ්වාස කළහොත් පමණි. මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි, නුමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාතනික ඡීවිතයයි (රෝම 6:23) දෙවියන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් මිනිසෙකු ලෙසින් මේ ලෝකයට ආවේ අපේ පව් වලට වන්දියක් ලෙස උන් වහන්සේගේගේ ඡීවිතය පුද කිරීමටත් ඒ තුළින් උත්ථාන වූ නැවතත් ඡීවය රැගෙන, පාපය හා මරණය ඡයගන්නටයි. එහෙයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත (රෝම 8:1). අප මේ තෑග්ග එනම් යේසුස් වහන්සේව පිළිගන්නා වේලේ පටන් අප දෙවියන් වහන්සේ සමඟ සබඳකමක් ඇති කර ගනියි.

දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලික සබඳකමක් ඇති කර ගැනීම යනු දිනපතා උන් වහන්සේව අපගේ ඡීවිත වලට සම්බන්ධ කර ගැනීමයි. උන් වහන්සේට යාච්ඤා කරමින්, දේව වචනය කියවමින්, එම සෑම පදයක්ම මෙනෙහි කරමින් උන් වහන්සේව වඩ වඩා දැන ගැනීමට උත්සුක විය යුතුය. අප ප්‍රඥාව ලබා ගැනීම පිණිස යාච්ඤා කළ යුතුය (යාකොබ්1: 5) යේසුස් වහන්සේ යනු අපට ලැබී තිගෙන උතුම්ම ත්‍යාගයයි. අප අපගේ ඉල්ලීම් උන් වහන්සේ වෙත යේසුස් වහන්සේගේ නාමයෙන් දැන්විය යුතුයි (යොහාන්15:16) යේසුස් වහන්සේ අප උදෙසා ඡීවිතය දීමට තරම් අපට ප්‍රේම කළ සේක (රෝම5:8) අප හා දෙවියන් වහන්සේ අතර ඇති හිස්කමක් තිබේද එය යේසුස් වහන්සේට පිරවිය හැකිය.

ශුද්ධාත්මයාණන්ව අපට උපදේශකයෙක් ලෙස දෙවියන් වහන්සේ දී තිබේ. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ශා කරන්නහුය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන් වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලකාරයෙකු නුඹලාට දෙන සේක (යොහාන්14:15-17) යේසුස් වහන්සේ උන් වහන්සේගේ මරණයට පෙර, අපට ශුද්ධාත්මයාණන් වහන්සේ සදාකාළයටම දෙන බව හා උන්වහන්සේව සොයන්නන්ට උන්වහන්සේව සම්බවන බවය හා සියළු විශ්වාසකයන්ගේ සිත් තුල, ඔවුන් සමඟම රැඳි සිටින බවය. ශුද්ධාත්මයාණන් නොමැතිව අපට යක්ශයාට හා පොළඹවීම් වලට අපව අසු වෙයි. නුමුත් ආත්මයාණන් වහන්සේගේ අප සමඟ සිටී නම් අප දරන ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම. පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය (ගලාති 5:22-23).

මෙම පෞද්ගලික සබඳතාව අප සිතන ආකාරය තරම් සරල නොවේ. තවද විශේෂ වු ක්‍රීයා පටිපාටිද මේ තුළ ගැබ් වී නොමැත. අප උන් වහන්සේගේ දරුවන් වූ සැනකින් අප ශුද්ධාත්මයාණන් ලබා ගන්නා අතර අප අපගේ සිතෙන් වැඩ කිරීමට පටන් ගනියි. අප නොනවත්වා යාච්ඤාවෙහි නිරත විය යුතු අතර, බයිබලයද කියවමින්, බයිබලය විශ්වාස කරන දේවස්ථානයකට සම්බන්ධ විය යුතුයි. මේ සියළු දේ අපගේ ආත්මික ඡීවිතය නවතාවයකට හා අපව වර්ධනය කරයි. දිනපතා උන් වහන්සේව විශ්වාස කරමින්, උන් වහන්සේ අපව උසුලාගෙන යන බව හදවතින්ම විශ්වාස කරන කල්හී අපට දෙවියන් වහන්සේ සමඟ ඉතා දැඩි සබඳතාවයක් රැගෙන යා හැක. අපට එය එක සැනකින් බලාපෙරොත්තු විය නොහැක, නුමුත් කාලයගේ ඇවෑමෙන් සෑම සත්‍යතාවයක්ම පැහැදිලි වනු ඇත.



නැවතත් සිංහල මුල් පිටුවට



දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලික සබඳකමක් ඇතිකර ගැනීම යනු කුමක්ද? ආගමක් හා සබඳකමක් අතර ඇති වෙනස කුමක්ද?