settings icon
share icon
ප්‍රශ්නය

පෞද්ගලිකව අනාවැකි කීමේ සංකල්පය දේව වචනාකූලද?

පිළිතුර


ප්‍රභාසම්පන්න / පෙන්තකොස්ත සභාවන් වැනි ප්‍රමුඛ ක්‍රිස්තියානි ඇදහිලිවත් සභාවන් වලට අයත් සමහර අය හුවාදක්වනුයේ, අනාවැකි කීමේ වරම වූ කලී "ස්වාමීන් වහන්සේ එලෙස පවසන සේක" යනුවෙන් හගවා පෞද්ගලික ලෙස ඔවදන් දීම බවය. එහි ඇති කණගාටුවට කරුණ නම් මෙම ක්‍රමයට පෞද්ගලිකව අනාවැකි කීමේ යෙදෙන අය, හා තමන් පේනකරුවන් යයි හදුන්වා ගන්නා අය අතර බොහො විට කිසිම වෙනසක් නොමැති වීමය. ඇත්ත වශයෙන්ම පේන කියන්නන් හට විකල්පයක් වනුයේ "කිතුණු" අනාවැකි කියන්නන්ය. පෞද්ගලිකව අනාවැකි පවසන අය අතරින් සමහර අය "එන්න ඔබ සම්බන්ධව අනාවැකි දැනගන්න" යනුවෙන් තම ප්‍රචාරක කටයුතු කිරීම, පේන කරුවන් භාවිතා කරන ක්‍රියාවලියට බොහො සෙයින් සමානය. අනාවැකි කීමේ වරම භාවිතා කිරීම ශුද්ධ ලියවිල්ලට සම්පූර්ණයෙන්ම පටහැනිය.

දේව වචනය අනුව ප්‍රකාශ වන්නේ අනාවැකි කීමේ වරම යනු ශුද්ධාත්ම බලය කරණකොට ගෙන දෙවියන් වහන්සේගේ අභිප්‍රාය එලිදරව් කිරිමට ඇති හැකියාවය. (රෝම 12:6–8, 1 කොරෙන්ති 12:4–11, 28) සෑම විටම නොවුනත්, අනාවැකි තුලින් අනාගතය ගැන දෙවියන් වහන්සේගේ එළිදරව්ව සිදු වේ. පැරණි සහ නව ගිවිසුම් දෙකෙහිම දෙවියන් වහන්සේ අනාගත වකතෘවරන් සහ / හෝ අනාවැකි කීමේ වරම උපයෝගී කොට ගෙන මනුෂ්‍යයාට සත්‍යය ප්‍රකාශ කළ සේක. අනාවැකි කීම යනු දෙවියන් වහන්සේ පිළිබදව සත්‍යය භාවය ප්‍රකාශ කිරීමය. එය විශේෂ එළිදරව්වක් වන අතර, එම සත්‍යතාවය අන් කිසි ක්‍රමයකින් පැහැදිලි කළ නොහැක. දෙවියන් වහන්සේ අනාගතවකතෘවරුන් මගින් මනුෂ්‍යයා දැනගත යුතු සත්‍යයතාවය හෙළි කරන අතර, සමහර අවස්ථාවන්හි එම සත්‍යයතාවය ලියවිලි මගින් සටහන් කර ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, දේව වචනයේ අඩංගු ශුද්ධ ලියවිල්ල නිර්මාණය වීම වන අතර, එය දෙවියන් වහන්සේගේ අවසාන විශේෂ එළිදරව්ව වේ.

ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වීම, අනාවැකි කීමේ වරමේ ස්වාභාවයට බලපායි. අපගේ ජීවිත වලට අවශ්‍ය සෑම යහපත් දේ දේව වචනය මගින් එළිදරව් වේ. (2 පේතෘස් 1:3) දේව වචනය ජීවමාන හා ක්‍රියාකාරී වන අතර එය දෙමුවහත් කඩුවකට වඩා තියුණු ය. (හෙබ්‍රෙව් 4:12) "දේවානුභාවයෙන් යුත් මුඵ ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමටද, දුර්මත දුරු කිරීමටද, හික්මීමටද, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම සදහා උපදෙස් දීමටද ප්‍රයෝජනවත් වේ. දෙවියන් වහන්සේට කැපවූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී ඕනෑම යහපත් සේවයකට සූදානම්ව සිටින්නේ එසේය." (2 තිමෝතියස් 3:16–17) එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙවියන් වහන්සේගේ නව එළිදරව්ව පිළිබ!දව අනාවැකි ප්‍රකාශ කිරීම සදහා මූලිකවූ අනාවැකි කීමේ වරම, පසුව දේව වචනයේ සදහන් වන දෙවියන් වහන්සේ එළිදරව් කර ඇති කරුණු ප්‍රකාශ කිරීමක් බවට පත් විය.

දෙවියන් වහන්සේ එක් තැනැත්තකු මගින් තවත් කෙනෙකුට පණිවිඩයක් කිසිවිටකවත් නොදෙන බව මෙයින් අදහස් නොවේ. තමන්වහන්සේට සුදුසු යයි සිතන අකාරයකට මනුෂ්‍යයන් මෙහෙයවීමට දෙවියන්වහන්සේට හැකි වන අතර, උන්වහන්සේ එය දැනටමත් සිදුකරන අතර ඉදිරියේදීත් එසේ සිදු කරන සේක. නමුත් දේව වචනය සර්ව සමුපූර්ණ බැවින් මගපෙන්වීම ලබා ගැනීම සදහා අප එය මත යැපිය යුතුවේ. අනාවැකි, අනාගතවකතෘන් හා අන් පේනකරුවන් හෝ දිවැස්වැකි මත අප යැපිය යුතු නැත. දේවවචනයේ අඩංගු උන්වහන්සේගේ සැබෑ සත්‍යතාවය හරි හැටි අවබෝධ කර ගැනීම සදහා ඥානශක්තිය දේව වචනය මගින් ලැබේ. ඊට අමතරව අපට මග පෙන්වීමට, සැනසීමට සහ ඉගැන්වීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුල වැඩවසන සේක. (ගලාති 5:16 , ක්‍රියා 9:31) පෞද්ගලිකව අනාවැකි කීමේ සංකල්පය මගින් මනුෂ්‍යයන්ගේ හොද හිත දිනා ගෙන ඔවුන් "අනාවැකි මගින් මගපෙන්වීම" මත යැපීමට සැලැස්වීම යනු දේව වචනාකූලව අනාවැකි කිමේ වරම බරපතල ලෙස විකෘති කිරීමකි. ඕනෑම විටකදී දෙවියන් වහන්සේගේ සත්‍යවූ වචන වලට වඩා මනුෂ්‍යයාගේ අසත්‍ය වචන ජනතාව විශ්වාස කරති. එය වනාහි දේව වචනය හෑල්ලූවට ලක් කිරීමකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පෞද්ගලිකව අනාවැකි කීමේ සංකල්පය දේව වචනාකූලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries