settings icon
share icon
ප්‍රශ්නය

කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්?

පිළිතුර


ඔබ කවදාවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට බාර ගෙන තිබේද? උත්තර දීමට පෙර මට ප්‍රශ්නය පහදා දීමට අවශ්‍යයයි. නියම ලෙස ප්‍රශ්නය තේරුම්ගැනීමට නම්, පළමුව ඔබ හරි ලෙස තේරුම්ගැනීමට අවශ්‍යයයි, එනම්යේසුස් ක්‍රිස්තුස්, පෞද්ගලික සහ ගැලවුම්කාරයා.

කවුද මේ යේසුස් ක්‍රිස්තුස්? බොහෝ අය පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් නම් හොඳ මනුෂ්‍යයෙක්, උසස් ගුරුවරයෙක්, එපමණක් නොව දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘ වරයෙක් කියා. යේසුස් තුල මේ සියලු දෙයක්ම ඒ කාන්තයෙන්ම සත්‍යයක්, නමුත් ඔවුන් ඇත්තෙන්ම අර්ථ දක්වන්නේ නැහැ. ශුද්ධ බයිබලය අපට පෙන්වා දෙන අන්දමට යේසුස් නම්දෙවියන් වහන්සේ මාංශ ගතවී, මනුෂ්‍යයෙකු ලෙස ලොවට බිහි උනා (යොහන් 1 : 1,14). දෙවියන් වහන්සේ ලොවට පැමිණියේ අපට ඉගැන්වීමට, සුව කිරීමට, අපව නිවැරුදි කිරීමට, අපට සමාව දීමට සහ අප වෙනුවෙන් මරණයට පත්වීමට. යේසුස් ක්‍රිස්තුස් නම් දෙවියන් වහන්සෙයි, මැවුම්කාරයා, ශ්‍රෙෂ්ඨ ස්වාමියා. ඔබ මේ යේසුස්ව පිළිගත්තාද?

කවුද මේ ගැලවුම්කාරයා? ඇයි අපට ගැලවුම්කාරයෙක් අවශ්‍ය? ශුද්ධ බයිබලය අපට පෙන්වා දෙන අන්දමට අපි සියල්ලෝම පව්කලෙමු, ඒ වගේම අපි සියල්ලෝම දුෂ්ට ක්‍රියාද කර ඇත (රෝම 3 : 10 - 18). අපගේ පාපයේ ප්‍රතිඵලය ලෙස අපි දෙවියන් වහන්සේගේ උදහසට සහ විනිශ්චයට සුදුසුයි. නමුත් අපරිමිත සහ සදාතන දෙවියන් වහන්සේට විරුද්ධව කල පව්වලට අපේ දඬුවම සීමාරහිතයි (රෝම 6 : 23, එළිදරව්20 : 11-15). එම නිසා තමයි අපට ගැලවුම්කාරයෙක් අවශ්‍ය!

යේසුස් ක්‍රිස්තුස් මෙලොවට ඇවිත් මැරූණේ අප වෙනුවෙන්. යේසුස්ගේ මරණය දෙවියන් වහන්සේගේ මාංශ ගතවීමයි. අපගේ පව්වලට අප්‍රමාණ කුලියක් ගෙවිවා (2 කොරින්ති 5 : 21). යේසුස් මැරුණේ අපේ පාපයට දඬුවමට ගෙවීමටයි (රෝම 5 : 8). යේසුස් අපගේ පව්වලට අපට උරුම කුලිය ගෙවා දැම්මා. යේසුස් මළවුන්ගෙන් නැවත නැගිටීමෙන් ඔප්පු කර පෙන්නුවා අපේ පාප වලට දඬුවම ප්‍රමාණ වත් බව. එම නිසා තමයි යේසුස් එකම ගැලවුම්කාරයා (යෝහන් 14 : 6, ක්‍රියා 4 : 12)! ඔබ විශ්වාස කරනවාද යේසුස් ඔබගේ ගැලවුම්කාරයා බව?

යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයාද? බොහෝ අයගේ මතය නම්ක්‍රිස්තියානි ආගම කියන්නේ පල්ලියකට හෝ සභාවකට යෑම, ආගමීක චාරිත්‍ර ක්‍රම කිරීම හෝ සමහර පව්නොකර සිටීම. ක්‍රිස්තියානි ආගම කියන්නේ එය නොවේ. සැබෑ ක්‍රිස්තියානි කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයයි. යේසුස් වහන්සේව ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට පිළිගන්නවා කියන්නේ, එතුමන් කෙරෙහි ඔබගේ පෞද්ගලික ඇදැහිල්ල සහ විශ්වාසය තැබීමයි. කිසිම කෙනෙක් අනුන්ගේ ඇදැහිල්ල නිසා ගැලවෙන්නේ නැත. සමහර ක්‍රියා අප කලා කියලා අපට සමාව නැත. ගැලවීමට ඇති එකම මාර්ගය නම්යේසුස් වහන්සේව අපගේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට බාර ගැනීමත්, යේසුස්ගේ මරණය අපගේ පාපයට මිලක් බව විශ්වාස කිරීමත්, එතුමන්ගේ මළවුන්ගෙන් නැගිටීම අපගේ සදාකාල ජීවනය සහතික කිටරීමත් (යොහන් 3 : 16) යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුම්කාරයාද?

ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ පෞද්ගලික ගැලවුම්කරුවානන් ලෙස පිලිගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා සුදුසු යාච්ඤාවක් පහත දක්වයි. මෙම යාච්ඤාව හෝ වෙනයම් යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගලවනු ලබන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව්කල බවත්, ඒ සඳහා දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රුගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්! (ආමෙන් යන වචනයේ තේරුම - එසේම වේවා)

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries