settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ සෙනඟ යනු කවුද?

පිළිතුර


දෙවියන්වහන්සේගේ සෙනඟ සැම විටම දෙවියන්වහන්සේ සමඟ පැහැදිලි සමඳතාවයක් දක්වයි. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට (පසුව ආබ්‍රහම්ට) කථා කොට, නුඹේ දේශය අත් හැර මා විසින් පෙන්වන අලුත් දේශයට යන්නට කීසේක. (උත්පත්ති 12:2) “මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට, නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙයන්න. පොළොවේ සියළු පවුල් නුඹ කරණකොටගෙන ආශිර්වාද ලබන්නෝ යැයි කීසේක.” මෙම සෙනඟ දෙවියන්වහන්සේ විසින් නියම කළ දෙවියන්වහන්සේගේ පළමු සෙනඟ වන ඊශ්‍රායෙල් සෙනඟ වේ.

යෙසායා අනාගතවක්තෘ තුළින් ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන්වහන්සේ මෙසේ කීසේක. එනම්, “මා විසින් අහස පිහිටුවීමටත්, පොලොවේ පදනම් තැබීමටත්, නුඹ මාගේ සෙනග යැයි සීයොන්ට කීවෙත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවනෙහි සැගෙවිවෙමි” (යෙසායා 51:16). එසේ දෙවියන් වහන්සේ, ඊශ්‍රායෙල් සෙනඟ උන්වහන්සේගේ සමීපම සෙනඟ බවට එසේකියෙල් 38:14හි තහවුරු කළ සේක.

යුදෙව් නොවන ඇදහිලිවතුන්, දෙවියන්වහන්සේගේ සෙනඟ ලෙසට පිළිගන්නෙහිද? යේසුස්වහන්සේ පැමිණියේ ඊශ්‍රායෙල් සෙනඟ පමණක් ගළවන්නට නොවේ නමුත් සියළුම ජාතීන් ගළවා ගැනීමට වේ (රෝම 1:16, 10:12, ගලාති 3:28). උන්වහන්සේගේ සබඳතාවය, මනුෂ්‍යයාගේ කැඳවීමට වඩා උතුම්ය. එසේ කැඳවාගත් සෙනඟට උන්වහන්සේ, දෙවියන්වහන්සේ වන සේක. “මාගේ දෙවියන්වහන්සේ, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න වන බවත් දනිමි. මම වනාහි මාගේ සිතෙහි අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් පූජා කරන බව ප්‍රීතියෙන් දුටිම” යැයි දාවිත්, 1 ලේකම් 29:17 හි පවසයි. ජාතියක් ලෙස ඔවුන් තමන්වම දෙවියන්වහන්සේට සිය කැමැත්තෙන් කැප කළ නිමිත්තෙන්, ඔවුන් උන්වහන්සේගේම සෙනඟ බවට හැඳින්වේ.

යමෙක් යේසුස්වහන්සේව තමන්ගේ ගැළවුම්කරු ලෙස පිළිගන්නෙහිද, ඔවුන් දෙවියන්වහන්සේගේ සෙනඟ අතර කෙනෙකු බවට පත්වෙයි. දෙවියන් වහන්සේ අතර සබඳතාවය, දේව ස්ථානයට යාමෙන් හෝ ඔහුගේ යහපත් ක්‍රියා නිමිත්තෙන් ඇති නොවන අතර, දෙවියන්වහන්සේව පමණක් අනුගමනය කිරීමට තෝරා ගැනීමෙන් ඇති වේ.

එම නිසා 2 කොරින්ති 6:16 හා මාර්ක් 8:38 යන පදයන් තුළ පෙන්නුම් කරන්නේ, අප විසින් යේසුස්වහන්සේව පිළිගත යුතු බව. එසේ දෙවියන් වහන්සේව වැළඳ ගැනීමට කැමති වන්නේ නම්, උන්වහන්සේ අපව පිළිගන්නා සේක. එවිට අපි, දෙවියන්වහන්සේගේ සෙනග බවට පත් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ සෙනඟ යනු කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries