settings icon
share icon
ප්‍රශ්නය

පංච පුස්ථකය යනු කුමක්ද?

පිළිතුර


පංච පුස්ථකය යනු බයිබලයේ පලමු පොත් පහට කියන නම වන අතර, බොහෝ බයිබල් විද්වතුන් මෙය මෝසේස් විසින් ලියු බවට විශ්වාස කරයි. කෙසේ වුවත් මෙහි කතෘ ගැන පැහැදිළි හැදින්විමක් නොතිබුනත්, එහි බොහො කොටස් මොසේස් ලියු බව පැහැදිලි කරයි. (නික්මයාම17:14; 24:4-7; ගණන් කථාව 33:1-2; දිවිතිය කථාව 31:9-22). එසේම යේසුස් වහන්සේ ද ලුක් 24:44 පරණ ගිවිසුම මෝසේස්ගේ ව්‍යවස්ථා පොත ලෙස හැදින්වු සේක. සමහර වගන්ති දෙස බැලු විට, මෝසේස් නොව තවත් කතෘ කෙනෙකු විසින් මෙම පංච පුස්ථකය ලියා තිබෙන බව අපට හැඟෙයි. උදාහරණයක් වශයෙන් ද්විතිය කථාව 34:5-8 මෝසේස්ගේ මරණය හා භුමිදානය යන ඒවා වේ. නමුත් බයිබල් විද්වතුන් පවසන්නේ මෙම පොත් වල බහුතරයක් මෝසෙස් ලියු බවයි. දෙවියන්වාන්සේ මෝසේස්ට එළිදරව්වී කල යැයි සිතන අතර මෙම පොත් වල කතෘන් කවුරු වූවත්, ප්‍රධාන කතෘ දෙවියන්වහන්සේ වන සේක. එසේම මෙම පොත් අදටත් එසේම පවතියි.

“Pentateuch” යන වචනය ග්‍රීක වචන වල එකතුවකි. “five,” යනු පහ ය. මෙම පංච පුස්ථකය, පළමු කාණ්ඩ තුනෙන් එකකට අයත්, යුදෙව්වරුන්ගේ ත්‍රිපිටකයට සමාන වේ. ක්‍රි.ව. 200 කට පමණ ඈත අතීතයේ, පෙන්ටටියුක් යන නම පළමු පොත් පහ සඳහා ටර්ටියුලියන් නැමැත්තා විසින් නම් කරනු ලදි. ව්‍යවස්ථාව යන අර්ථය ගෙන දෙන, ටෝරා නම් හෙබ්‍රෙව් වචනයද දෙනු ලැබේ. උත්පත්ති, නික්මයාම, ලෙවි කථාව, ගණන් කථාව සහ ද්විතිය කථාව මෙම පොත් පහ වේ.

යුදෙව්වරු පරණ ගිවිසුම කොටස් 3 කට බෙදන ලදි. ව්‍යවස්ථාව, දිවැසිවරු සහ ලියවිලි යනුය. ව්‍යවස්ථාවේ, මැවිල්ලේ පසුබිම අඩංගු වන අතර, දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම් සහ තෝරාගත් ජාතිය වන යුදෙව්වරුන් ගැන සඳහන් වේ. එසේම සීනායි කන්දේදී ඊශ්‍රායෙල් සෙනගට දෙන ලද ව්‍යවස්ථාවද අඩංගු වේ. විවිධ නම් වලින් මෙම පොත් පහ විස්තරවේ. යොෂුවා 1:7, ව්‍යවස්ථා පොත ලෙස හැඳින්වේ. මෝසෙස් විසින් දෙනු ලැබු ටෝරාව නිසා, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ (1 රාජාවලිය 2:3).

පෙන්ටටියුක් නම් බයිබලයේ පළමු පොත් පහ දෙවියන් වහන්සේගේ ආරම්භක ප්‍රගතිය මනුෂ්‍යට එළදරව් කළ සේක. උත්පත්ති පොතෙහි මැවිල්ලේ ආරම්භය, මනුෂ්‍යාගේ වැටීම, ගැළවීමේ පොරොන්දුව, මනුෂ්‍යාගේ සංස්කෘතිය සහ දෙවියන්වහන්සේ තෝරාගත් ජාතිය වන ඊශ්‍රායෙල් සමඟ ගිවිසුමේ සම්බඳතාවය මෙහි අඩංගු වේ. ඊශ්‍රායෙල් ජනතාවගේ වහල් කමින් නිදහස් විමේ ගිවිසුම සහ පොරොන්දු දේශයට යෑම සඳහා සූදානම, නික්මයාම පොතෙහි සදහන් වේ. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවූ ලෙස (උත්පත්ති 15:13) අවුරුදු 400 ක වහල්කමින් ඊශ්‍රායෙල් ජනතාව නිදහස් කර පොරොන්දු දේශයට ගෙන ගිය සේක් යැයි සඳහන් වේ. සීනායි කන්දේදි ඊශ්‍රායෙල් සෙනග සමග දෙවයන් වහන්සේ ඇති කළ ගිවිසුමද, මණ්ඩපය සැදීම සඳහා සැලැස්මද, දස පනත දීම සහ ඊශ්‍රායෙල් සෙනග උන්වහන්සේට නමස්කාර කළ යුතු ක්‍රමද මෙම පොතේ සඳහන් වේ.

ගිවිසුම් ලත් සෙනගක් වූ ඊශ්‍රායෙල් සෙනග දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු විධි සහ ඔවුන් කෙරෙහි ආණ්ඩු කිරීම ගැන උපදෙස් ලෙවි කථා පොතෙහි සඳහන් වේ. යේසුස්වහන්සේගේ සම්පූර්ණවූ කුරුසි පූජාවට පෙර දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනග කෙරෙහි ඇති දැක්ම සඳහා තිබෙනා පූජා ක්‍රම මෙම පොතෙහි සඳහන් වේ.

අවුරුදු 40 ක කාන්තාර ගමන සහ එහි සිදුවූ අවස්ථා, දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට උපදෙස් සහ උන්වහන්සේගේ ගිවිසුම ලත් සෙනග ලෙස ජීවත්වීම ගැන ලෙවි කථාවේ සඳහන් වේ. ද්විතිය කථාව පංච පුස්ථකයේ අවසාන පොත වේ. මෙම පොත දෙවැනි ව්‍යවස්ථාව ලෙස ද හැඳින්වේ. මෙහි ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශයට යාමට පෙර මෝසෙස් විසින් කියනු ලැබු අවසාන වචනද සඳහන් වේ (ද්විතීය කථාව 1:1). ද්විති කථාවේ දෙවියන් වහන්සේ විසින් සීනායි කන්දෙදි දෙනු ලැබු ව්‍යවස්ථාව ගැන නැවත නැවතත් සඳහාන් වේ. ඊශ්‍රායේල් සෙනඟ ඔහුන්ගේ නව ජීවනයට ඇතුල්වීමත් සමගම දෙවියන් වහන්සේ විසින් දෙන ලද දස පනත හා ආශිර්වාද ලබා ගැනිමට හැකි බවත්, අකිකරු වුවොත් ලැබෙන ශාපය ගැනත් මෝසේස් සිහි කරයි. පංච පුස්ථකයේ අඩංගු පොත්වල ඓතිහාසික සිදුවීම් ඇතුලත්වු බැවින් එය ඓතිහාසික පොත් බවට හැඳින්වේ. මෙම පොත් පහ ටෝරා නැතහොත් ව්‍යවස්ථාව නමින් හැඳින්වු නමුත් ඊට වඩා තේරුමක් ඇතුලත් පොත් වේ. දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්මට මෙම පොත් පහ පසුබිමක් වේ. බයිබලේ සඳහන් අනිකුත් පොත් ලෙසම පොරොන්දු දිවැස්වැකි සහ අවසාන වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පුර්ණත්වය ගැනද පංච පුස්ථකයේ සඳහන් වේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

පංච පුස්ථකය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries