settings icon
share icon
ප්‍රශ්නය

පෙලෙගියානුවාදය හා අර්ධ පෙලෙගියානුවාදය යනු කුමක්ද?

පිළිතුර


පෙලගියුස් යනු ක්‍රි. ව. 300 හා 400 යන සියවස්වල ජීවත්වූ පැවදිවරයෙකි, පෙලගියුස්ගේ ඉගැන්වීම වූයේ ජන්ම පාපයෙන් නිදොස්ව කිසිම කැළැල්ලක් නැතිව මානව වර්ගයා නිර්පාපීව ඉපදෙන බවයි. ඔහුගේ විශ්වාසය නම් දෙවියන් වහන්සේ මිනිස් ආත්ම ඇද නැතිව මැවූ බැවින් ඔහු නිසැකවම පාපයෙන් තොර බවයි. පෙලගියුස් සැමවිටම විශ්වාස කළේ ආදම්ගේ පාපය, ඉතිරි මානව වර්ගයාට බලනොපාන බවයි. මෙම සංකල්පය පෙලෙගියානුවාදය ලෙස හැඳින්වය හැක.

ශුද්ධලියවිලි හා එහි අණපණත්වලට සම්පූර්ණයෙන්ම පෙලෙගියානුවාදය පරස්පරවිරෝධීය. බයිබලය පළමුව අපට පවසන්නේ අපව පිළසිඳගැනීමේ මොහොතේ සිට අප පව්කාරී, පාපයට නෑඹුරු වී ඇති බවයි (ගීතාවලිය 51:5). වැඩිදුරටත් බයිබලය අපට උගන්වන්නේ සෑම මානව වර්ගයාම පාපය කරණකොටගෙන මරණයට පත්වන බවය (එසකියෙල් 18:20; රෝම 6:23). විටෙක පෙලෙගියානුවාදය මානව වර්ගයා ස්වභාවයෙන් පාපයට නෑඹුරුකමක් නොමැතිව ඉපදෙන බව පවසන අතර, බයිබලයට එය විරුද්ධ යන කාරණය පැහැදිලිය (රෝම 3:10-18). රෝම 5:12 පැහැදිලිව අපට පවසනු ලබන්නේ ඉතිරවූ මනුෂ්‍යත්වයේ පාපයට ඝෘජුවම බලපෑම් එල්ල කරනු ලබන්නේ ආදම්ගේ පාපයයි යන මතයයි. කුඩා දරුවන්ට හැසිරීමට ඉගැන්විය යුතුයි. නමුත් පව් කිරීමට ඉගැන්විය යුතු නැත. දරුවෙකු ලෙස හැදුනු වැසුනු සෑම පුද්ගලයෙකුම ඉහත කාරණය සමග එක හෙලා එකඟ වෙයි. එබැවින් පැහැදිලිවම පෙලෙගියානුවාදය ශුද්ධලියවිල්ලෙන් තොර අතර එය ප්‍රතික්ෂේප කළ යුත්තක්ය.

අර්ධ පෙලෙගියානුවාදය මූලිකම පාපය මිනිස් සංහතිය දූෂණයට පත් කළ ඇතැයි පැවසූවත් ඒත් සමහරු එය පවසන්නේ දෙවියන් වහන්සේගේ කරුණවාත් සමග සහභාගිකම් නොදැරීමට යන සීමාව නොමැති බවය. අර්ධ පෙලෙගියානුවාදයේ හරය නම් පාපය තුළින් සිදුවන අර්ධ දූශණය සම්පූර්ණ දූශණයට වඩා යහපත් බවය. පෙලෙගියානුවාදය අසත්‍යය බව ඔප්පු කරන ශුද්ධලියවිලි ඒ ආකාරයෙන්ම අර්ධ පෙලෙගියානුවාදය ද අසත්‍යයක් ලෙස ඔප්පු කරනවා. මනුෂ්‍යයා අර්ධ ලෙස පාපයෙන් දූශණය වී ඇති බව රෝම 3:10-18 අපට නොපවසයි. බයිබලය පැහැදිලිව අපට උගන්වනු ලබන්නේ දෙවියන් වහන්සේ අපව උන් වහන්සේ වෙතට ඈඳ ගන්නා අතර එසේ නොවූවහොත් අපට දෙවියන් වහන්සේගේ කරුණාව සමග සහභාගිකම් දැරීමට නොහැකි බවය. යොහන් 6:44 පවසන ආකාරයට මා එවූ පියාණන් වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කෙනෙකුට මා ළඟට එන්ට බැරිය. ඒ ආකාරයට ගත් කළ පෙලෙගියානුවාදය හා අර්ධ පෙලෙගියානුවාදය බයිබලයට අනුකුල නොවූ ප්‍රතික්ෂේප කළ යුත්තක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පෙලෙගියානුවාදය හා අර්ධ පෙලෙගියානුවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries