settings icon
share icon
ප්‍රශ්නය

පාවුලූවාදි ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද?

පිළිතුර


ඇතුම් අය තේරුම් ගෙන ඇති අන්දමට පාවුලු දේවධර්මය (දේවවේදය) වනාහි ඔවුටම ආවේනික වු සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට වඩා වෙනස් ලියවිලි විශේෂයකි, එනම් පාවුලුගේ ඉගැන්වීම, ය්සුස් වහන්සේ ඉගැන්වු දෙයට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වු වකී. පාවුලූගේ ඉගැන්වීම් ගැන විශ්වාස කරන අයගේ හැඟීම චක්‍රයේ, වර්තමාන කිතු දහම තුල යේසුස්වහන්සේව කෙලෙසා ඇති බවත්ය.

අපගේ විශ්වාසය චක්‍රයේ නව ගිවිසුම වනාහි සම්පුර්ණ ඒකාබද්ධ වීමක් බවය. ශුභාරංචි සියල්ලෙන්ම මෙසියස් තුමා වන යේසුස්වහන්සේගේ ජිවිතය සහ ක්‍රියාවන් ඉදිරිපත් කර ඇති අතර, හසුන් පත් මඟින් යේසුස්වහන්සේගේ ක්‍රියාවන්හි අර්ථය සහ එවා අපගේ දෛනික ජිවිත වලට අදාල වන අන්දම පෙන්වා දී ඇත. උදාහරණයක් වශයෙන් මතෙව් 28 මඟින් යේසුස් වහන්සේගේ උත්තාන වීම ගැන විස්තර කරන අතර, 1 කොරෙන්ති 15 මඟින් උන්වහන්සේගේ උත්තානයේ වැදගත් කම ගැනද, මාර්ක් 15:38 මඟින් යේසුස් වහන්සේ උකුත් වු විට දේවමාලිගාවේ තිරය දෙකඩ වීම ගැනද හෙබ්‍රෙව් 10:11-23 දක්වා එම සිද්ධියේ වැදගත්කම ද පෙන්වා දී ඇත. ශුභාරංචි ලිවිමේදී එයට අනුග්‍රහය දැක්වු ශුධාත්මයාණන්වහන්සේ, හසුන් පත් ලිවීමේදී ද දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලසුම අපහට සම්පුර්ණ ලෙස අවභෝධ කර දීමට අනුග්‍රහය දැක්වු සේක.

කේසේවුව ද, "පාවුලූ වාදි කිතු දහම" ගැන මතධාරින් පවසන්නේ වෙනස් ආකාර දෙයකි. එනම්: ශ්‍රේෂඨ ගුරුවරයෙකු වු යේසුස්වහන්සේ, තමන් යුදෙව්වන් බොහෝ කලක් සිට බලාපොරොත්තුවෙන් සිටි මෙසියස් බව සලකා ගනී. දෙවියන්වහන්සේ රෝම අධිරාජ්‍යය නෙරපා දමා තමන්ගේ රාජ්‍යය මිහිපිට පිහිටවු බව උන්වහන්සේ විශ්වාස කලේය. මේ සඳහා සුදානමක් වශයෙන් යේසුස්වහන්සේ ඉගැන්වු පණිවිඩය නම් කොන්දේසි රහිත ප්‍රේමය, ඉවසීම සහ විනිශ්චයකින් තොරව සෑම දෙනාම පිලිගැනිමය. අහෝ! නව ලොවක් නිර්මාණ කිරිමේ එතුමාගේ මෙහෙවරය නිම වුයේ රෝම අධිරාජින් එතුමාව කුරුසියේ මරණයට පත් කිරිමෙන්ය.

තමන්ගේ ගුරු දේවයා මරණින් උත්තානය කළ බව පිලිගත් යේසුස් වහන්සේගේ අනුගාමිකයන්, උන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ්ගේ මඟ පෙන්වීම යටතේ යෙරුසලමේ දී නොකඩවා රැස් වුහ. ඔවුන්ගේ අරමුණ වුයේ උන්වහන්සේගේ රාජ්‍යය බලාපොරොත්තුවෙන් මිත්‍යාවාදයෙන් මිදුනාවු යේසුස් වහන්සේගේ ඉගැන්වීම තුල රැදී සිටීමය. නමුත් තාර්සස්හි සාවුල්, සාභාවේ තොරතුරු රහසින් ලබාගැනීම සඳහා ව්‍යාජ ගැරිමක් සිදු කලේය. නමුත් කිසිදිනක යේසුස්වහන්සේව මුණගැසී නැති සාවුල්ගේ හැසීරීම ගැන යේසුස්වහන්සේ හොඳින් දන්නා පේදුරු, යාකොබ් සහ අන් අය ඔහුව සැක කළහ.

"පාවුලු" යන නම ආරූඨ කරගත් සාවුල් අසාමාන බුද්ධියක් ඇති කෙනෙක් විය. ඔහු ඉතා දක්ෂ ලෙස හෙබ්‍රෙව් වරුන්ටවේනික අදහස්, ග්‍රීක මුලධර්මයන් හා ඒකාබද්ධ කොට, යුදෙව්වන්ට සහ අන්‍ය ජාතින්ට ගැලපෙන අන්දමේ නව ධර්මයක් නිර්මාණය කළේය. යේසුස්වහන්සේ සැබවින්ම දෙවියන්වහන්සේම බවත්, යේසුස් වහන්සේගේ මරණය යුදෙව්වන්ගේ පරිත්‍යාග ක්‍රමයට සම්බන්ධ බවත්, මොසෙස්ගේ නීතිය යල්පැන ගිය ක්‍රමයක් බවත් ඔහු උගන්වන්ට පටන් ගත්තේය. පාවුලූගේ අත් උනන්දු ධර්මදුත ක්‍රියාවන් සහ අනුනව වූ ලියවිලි මගින් ඔහුගේ නව සුභාරංචිය රෝම අධිරාජ්‍යය පුරාවටම පැතිර ගියේය. පේදුරු සහ යාකොබ් ඇතුළු යේරුසලමේ සභාව පාවුලූ මිත්‍යා ලබධි නායකයෙකු ලෙස පිලිගැනීමට ප්‍රතික්ෂේප කළහ.

ක්‍රි.ව 70 දී යේරුසලමේ බිඳවැටීම සිදුවු විට යුදෙව් සභාවේ අධිපත්‍ය නැතීවී ගිය නමුත් පාවුලු ගොඩනැගු අන්‍ය ජාතික සභාවේ බලපෑම ඉහල ගියේය. පාවුලූගේ උද්යෝගිමත් අනුගාමිකයකු විසින් ලියන ලද ක්‍රියා පොත මඟින් සභාවේ වීරයෙකු ලෙස පෙන්නුම් කරන තත්වයක් පාවුලු හට හිමි විය. ඉන්පසුව නොහදුනාගත් තැනැත්තන් 4 දෙනෙක් යේසුස්වහන්සේ ගැන තොරතුරු එක්රැස් කොට මතෙව්, මාර්ක්, ලූක් සහ යොහාන් නමින් පොත් 4ක් නිර්මාණය කරන ලදී. නමුත් එවකට ප්‍රචලිත වී තිබු පාවුලුගේ ධර්මය විසින් ඔවුන්ගේ ව්‍යායාමය බොඳ කර දැමීය. ඒසේ හෙයින් පාවුලූගේ ධර්මය යේසුස් වහන්සගේ ධර්මය අභිමවා ගියේය.

කෙටියෙන් පවසන්නේ නම්, පාවුලු යනු බොරුකාරයෙක්, එවැන්ජලිස්ත කම වෙළදාමක් කරගත් කෙනෙක් වන අතර යේසුස්වහන්සේ විසින් අනුමත නොකරන අන්දමට එතුමන්ගේ පණිවිඩය විකෘති කිරිමේ ක්‍රියාවෙන් ජයගත්තේය. වර්ථමාන කිතු දහම නිර්මාණය කලේ පාවුලූ මිස යේසුස් වහන්සේ නොවේ.

පොදුවේ සලකා බලන කල, ඉහත න්‍යායට අනුගත වන අය ද පහත දේ ගැනද විශ්වාස කරති:

1) යේසුස්වහන්සේදෙවියන් වහන්සේ නොවේ. එසේම එතුමා තමන් දෙවියන්වහන්සේ බව කිසිවිටක ප්‍රකාශ කර නැත. එසේ නව ධර්මයක් පිහිටුවීමට එතුමාට අදහසක් නොතිබුනි.

2) බයිබලයේ බොහෝ පරස්පර විරෝධි කරුණු අඩංගු වන අතර එය දේවඅනුග්‍රහයෙන් තොරය. යාකොබ් තුමාගේ පොත හැර අන් කිසි පොතක් යේසුස්වහන්සේව හඳුනන අය විසින් ලියා නැත. සුභාරංචි වල යේසුස් වහන්සේගේ ඉගැන්වීම් සුළු වශයෙන් අඩංගු වී ඇතත්, එයින් අදහස් වන්නේ කුමක්දැයි වටහා ගැනීම දුෂ්කරය.

3) පාවුලූ කිසිදිනක පරිසිවරයෙක් නොවු අතර, ඔහු උසස් අධ්‍යාපනයක් ලබා නැත. ඔහුගේ හැරීම මිත්‍යා අත්දැකීම් හෝ වංචනීය ක්‍රියාවකි. සභාවේ ඔහුගේ අධිපත්‍ය වැඩිදියුණු කර ගැනීම සඳහාය. තමා අපොස්තුළු කෙනෙක් බව ඔහු ප්‍රකාශ කරයි.

4) පාවුලුගේ ධර්මයේ "නව නිපැයුම්"යටතේ අ) යේසුස් වහන්සේගේ දේවත්වය; ආ) ඇදහිල්ලේ කරුණාව මඟින් ගැලවීම; ඇ) යේසුස් වහන්සේගේ රුධිරය මඟින් ගැලවීම ලැබීම; ඈ) යේසුස් වහන්සේගේ පාප රහිත සභාවය; ඉ) මුල් පාපයේ සංකල්පය; සහ ඊ)ශුධාත්මය යන කරුණු ඇතුලත් වේ. නමුත් මෙම "නව ධර්මයන්" කිසිවක් යේසුස්වහන්සේගේ නියම අනුගාමිකයන් පිළිනොගත්හ.

5) සාම්ප්‍රදායික බයිබලයේ සුවිශේෂයන් හතරට වඩා ඥානවාදී සුවිශේෂයන් යේසුස්වහන්සේ පිළිබඳ සත්‍යයට සමීප ය.ෙ

"පාවුලුවාදි දේවධර්මය" බයිබලය දේව වචනයය යන සංකල්පයට විරුද්ධ ක්‍රියා කරයි. පාවුලුගේ ධර්මයේ එල්බ ගෙන සිටින අය යේසුස්වහන්සේගේ ඉගැන්වීම් විකෘති කර දක්වති. උන්වහන්සේගේ වචන වල ප්‍රේමය ගැන පවසා ඇති කරුණු ඔවුන් විශ්වාස කරන නමුත් විනිශ්චය ගැන උන්වහන්සේගේ ඉගැන්විම් පිලිනොගනිති (මතෙව් 24). ඔවුන් අවධාරණය කරනුයේ මනුෂ්‍යයකුවු යේසුස්වහන්සේව වෙන් වන අතර උන්වහන්සේගේ දේවත්වය පිලි නොගති. යොහාන් 10:30 වැනි පද මගින් යේසුස්වහන්සේව තමන් වහන්සේ දෙවියන්වහන්සේට සමාන බව උගන්වා ඇතත් ඔවුන් එය පිලිනොගනිති. ඔවුන්ට අවශ්‍ය වක්‍රයේ "ප්‍රේමණිය" යේසුස් කෙනෙකු මිස ස්වාමින් හා ගැලවුම් කරු ලෙස නොවේ.

ඔනෑම විටකදී සැකයෙන් පිරුණු කෙනෙක් බයිබලයේ කුමන හෝ වාක්‍යයක් "එකගවිය නොහැකි" ලෙස සලකන අතර ඔවුන් පවසන්නේ මෙම පාඨය ව්‍යාකූල බවත් හෝ එය ලියා ඇත්තේ අප දන්නා පරිදි බොරුකාරයෙකු වු පාවුල් විසින්ය කියාය. යොහාන් 1:29 පෙන්වා දී ඇති පරිදී යේසුස්වහන්සේ අපව පාපයෙන් නිදහස් කළ බව එවැනි අය පිලිනොගන්නේ එය පාවුලූගේ අනුගාමිකයන්ගේ ප්‍රකාශයක් බව පවසමිනි.

පාවුලූගේ අපෝස්තුළු භාවය ඔවු ජිවතුන් අතර සිටි කාලය තුලදීම අභියෝගයට ලක්වුයේ සභාව නිත්‍යානුකූලව සහ වෙනත් වැරදි සහගත මතවලින් බැහැර කිරිමට උන්නදු වූ අය විසින්ය. 1කොරෙන්ති 9; 2 කොරින්ති 12; සහ ගලාති 1 මඟින් පාවුලූ තමන්ට එරෙහිවන අයගේන් බේරිමට ක්‍රියා කළේය.

පාවුලූගේ අපෝස්තුළු භාවය, ඔහු සිදු කල ප්‍රාතිහාරයන් මඟින් ද : රෝම 15:19, ඔහු ලැබු පුහුණුවෙන්ද (ගලාති 1:15-20) සහ අනෙකුත් අපෝස්තුළුවරුන්ගේ සාක්ෂි මඟින් ඔප්පු විය. පාවුලූගේ සතුරෙකු වුවද, පේදුරු ඔහු ගැන මෙසේ සඳහන් කරයි. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලූ තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වෙත් මේ දේ මය. තවද මේ කාරණා ගැන ලියන විට ඔහු තමාගේ හසුන්වල කියන්නෙත් මේ දේ මය. ඒවායේ තේරුම් ගැනීමට දුෂ්කර සමාහර දේ ඇත. නුගත් අස්ථීර අය අන් ලියවිලි මෙන් මේවායෙන් අර්ථය නොපිට පෙරලා ගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදුවේ (2 පේත්‍රැස් 3:15-16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාවුලූවාදි ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries