settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු දේශප්‍රේමී (දේශමාමක) විය යුතුද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට පිළිතුර රඳා පවතින්නේ "දේශප්‍රේමී" (දේශමාමක) යන වචනයේ තේරුම මත ය. බොහෝ වචන මෙන්, අර්ථයේ විවිධ සූක්ෂ්මතාවයන් ඇති අතර, විවිධ පුද්ගලයින් විවිධ ආකාරවලින් වචනය භාවිතා කරයි. නිදසුනක් වශයෙන්, එහි සරලම අර්ථ දැක්වීම තුළ දේශපේ‍්‍රමී යන්නෙන් අදහස් කරන්නේ "කෙනෙකුගේ රටට ආදරය කිරීමයි." රට කෙරෙහි ඇති එම ප්‍රේමය යමෙකුට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය ඉක්මවා නොයන තාක් කල්, එය නිසි දෘෂ්ටිකෝණයකින් තබා ගන්නේ නම්, කිතුනුවකු දේශප්‍රේමී වීමෙහි වරදක් නැත. කෙසේ වෙතත්, "දේශප්‍රේමී" යන්නෙහි තවත් අර්ථ දැක්වීමකින් ඇඟවෙන්නේ පුද්ගලයා ජාතියේ අවශ්‍යතා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික සහ කණ්ඩායම් අවශ්‍යතාවන්ට වඩා ඉහළින් තැබිය යුතු බවයි. මෙම අන්තයට (උපරිමයට) ගෙන යන විට, දේශපේ‍්‍රමය රූප වන්දනාවේ ස්වරූපයක් බවට පත්විය හැකිය, විශේෂයෙන් යමෙක් තම රට කෙරෙහි ඇති ආදරය දෙවියන් වහන්සේට ඇති ප්‍රේමයට වඩා වැඩි නම් සහ "සෑම ගෝත්‍රයකින්ම, භාෂාවෙන් හා ජාතියකින්ම" මිනිසුන්ව මුදවා ගැනීමේ දෙවියන්වහන්සේගේ සැලැස්මට වඩා (එළිදරව් 7:9).

රජය කෙරෙහි කිතුනුවකුගේ වගකීම තරම්, රෝම 13:1-7 දක්වා අපි පාලක බලධාරීන්ට යටත් විය යුතු බවත් ඔවුන්ට ගෞරව කළ යුතු බවත් අපි දනිමු, ඔවුන් ගෞරවනීය නොවන විට පවා, අවසානයේදී දෙවියන්වහන්සේ ඔවුන් අප කෙරෙහි බලය පවරා ඇත. එබැවින්, කිතුනුවන් වශයෙන්, දෙවියන්වහන්සේ ආදර්ශ පුරවැසියන් වීමට බැඳී සිටිමු. නීතිවලට අවනත වීමෙන්, බදු ගෙවීමෙන් අප පාලනය කරන බලධාරීන්ට යටත් වේ. කෙසේ වෙතත්, අපගේ වගකීම් දෙවියන්වහන්සේට කීකරු වීම පළමුවෙන්ම හා ප්‍රධාන වේ. තනි පුරවැසියන්ට ඡන්දය දීමෙන් හෝ දේශපාලනිකව සම්බන්ධ වීමෙන් ආණ්ඩුව වෙනස් කිරීමට හා බලපෑම් කිරීමට හැකියාවක් ඇති රටවල, හොඳ පුරවැසියෙකු වීමේ කොටසක් වන්නේ ඡන්දය දීම සහ අපට රජයට හැකි ධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

කිතුනුවන්ට ඔවුන්ගේ නායකයින්ගේ තීරණ ගැන කිසිම අදහසක් නැති රටවල, දේශප්‍රේමී වීම වඩා දුෂ්කර ය. පීඩාකාරී ආණ්ඩු වලට ආදරය කිරීම ඉතා අපහසුය. කෙසේ වෙතත්, කිතුනුවන් වශයෙන් අපගේ නායකයන් වෙනුවෙන් යාච්ඤා කිරීමට අපි තවමත් බැඳී සිටිමු (1 තිමෝති 2:1-4). දෙවියන්වහන්සේ මෙම ආඥාවට කීකරු වීමට ගරු කරන අතර, උන්වහන්සේගේ නියම වේලාවට උන්වහන්සේගෙන් ඈත් වන නායකයන් විනිශ්චය කරනු ඇත.

කිතුනුවකු දේශප්‍රේමී විය යුතුද? අභ්‍යයන්තර හේතුව තුළ, ඔව්. ඒ අතරම, කිතුනුවකුගේ අවසාන ඇදහිල්ල, ප්‍රේමය සහ කීකරුකම දෙවියන් වහන්සේට පමණක් වෙන් කළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු දේශප්‍රේමී (දේශමාමක) විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries