settings icon
share icon
ප්‍රශ්නය

ඉවසීම පිළිබඳව බයිබලය දරන්නේ කිනම් මතයක්ද?

පිළිතුර


“ සෑම දෙයක්ම අප සිතු ආකාරයට සිදුවන විට ඉවසීම පෙන්වීම ඉතා පහසු කරුණක්ය. සැබෑ ඉවසීමේ පරීක්ෂණය පැමිණෙන්නේ අපගේ අයිතීන් උල්ලංගනය වන විටය. තවත් කාර් රථයක් අපව පසුකර යාමේදී, අපට අසාධාරණ ලෙස සැළකීමේදී, අපගේ සේවකයා අපේ විශ්වාසය කඩ කිරීමේදී අපගේ ඉවසීම අපට මැන ගත හැක. සමහර මිනිසුන් සිතන්නේ කෝපයකදී, කනස්සලු වීම ඔවුන්ගේ අයිතියක් කියාය. නොඉවසීම දරුණු කෝපයෙහි ප්‍රතිඵලයකි. කෙසේ වුවත් බයිබලය පවසන්නේ ඉවසීම ආත්මීක ඵලයක් බවයි (ගලාති 5:22). එනම් උන් වහන්සේගේ අනුගාමිකයන් සියලු දෙනා එවා නැවත උත්පාදනය කළ යුතුය. (1 තෙසලෝනික 5 :14) ඉවසීම, දෙවියන් වහන්සේගේ ආදරය, අවදිව සිටීම හා සර්වබළධාරීකම අපගේ ඇදහිල්ල තුළින් අපට පෙන්වා දෙයි.

බොහෝ මිනිසුන් පවසන්නේ ඉවසීම වනාහි රැඳී සිටීමත්, සියුම් පාලනයත්ය. ඉවසීමට බෙහෝ නව ගිවිසුමෙහි ග්‍රීක පරිවර්ථනයන් වන්නේ ක්‍රියාශීලි බව හා ශක්තිමත් වචන යනුයි. උදාහරණයක් ලෙස, හෙබ්‍රව්12:1, එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා. සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපය ද අහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාවු යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

සැබවින්ම කෙනෙකු, තවත් කෙනෙකුගේ බැන වැඳීම හා සියුම් පාලනයත් සමඟ තමාගේ දිවීම දිව හැකිද? එසේ නොමැත. සැබවින්ම ඉවසීමෙහි පරිවර්ථික තේරුම නම් දරා සිටීමයි / ස්ථීරකමත්ය. කිතුනුවෙකු මේ අමාරුකම් තුළදී තිබෙන්නාවු දිවීම, ආරක්ෂාවෙන් හා ඉවසිල්ලෙන් දිවිය යුතුය. බයිබලයෙහි ඉවසීම යනු, ආරක්ෂා සහිතව ඉලක්කය කරා ලඟා වීමත්, ප්‍රශ්න දරා සිටීමත්, පොරොන්දුවක් ඉටුවන තුරු බලාපොරොත්තු සහගතව බලා සිටීමයි. එක් රැයකින් ඉවසීම ගොඩ නොනැගේ. දෙවියන් වහන්සේගේ කරුණාව හා බලය කරණකොටගෙන ඉවසීම මනාව ගොඩනැගේ. කොලොස්සි 1:11 පවසන්නේ අප ශක්තිමත් වන්නේ උන් වහන්සේගේ ස්ථීරකමටත් හා ඉවසීමටත් යනුයි එසේම යාකොබ් 1:3-4 අපව ධෙර්‍යමත් කරන්නේ, ප්‍රශ්න හෙවත් කඩඉම අපගේ ඉවසීම සම්පූර්ණ කරන පිණිස සිඳුවන්නක් බවයි. අපගේ ඉවසීම තවත් බොහෝ දුරට දියුණු හා ශක්තිමත් කරණු ලබන්නේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත හා වේලාව අනුවයි. නපුරාගේ මිනිසා වූවද නපුරු ක්‍රියා කරන විට වුවත් ඔවුන්ගේ මාර්ග සාර්ථක වන බව ගීතාවලිය 37:7 පවසයි. අපගේ ඉවසීමට අප දීමනා ලබන්නේ අවසානයේදීය, ස්වාමින් වහන්සේගේ ඊම ලංව තිබෙන බැවින් (යාකොබ් 5:7-8).

ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්නන්ටත්, උන් වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය (විලාප ගී 3:25).

බයිබලයෙහි අපි දකින බොහෝ උදාහරණ, එනම් ඉවසීමෙන් ඡයගත්තවුන් දෙවියන් වහන්සේගේ මාර්ගයෙහි ගියවුන්ය. යාකොබ් පෙන්වා දෙන්නේ පීඩාවිඳිමෙත් ඉවසීමෙත් අද්‍යෂයක් කොට ගනිල්ලා. (යාකොබ් 5:10) ඔහු නැවතත් පෙන්වා දෙන්නේ ඉවසූ අය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන බවයි (යාකොබ් 5:11).

අබ්‍රහම් සැබවින්ම ඉවසීමෙන් රැඳීසිට, පොරොන්දු වූ දේ අත්පත් කර ගත්තේය (හෙබ්‍රව් 6:15). යේසුස් වහන්සේ අපගේ සෑම දෙයකම ආකෘතිය හා එය අපගේ ඉවසීමෙහි රැඳී සිටීම මනාව පිළිඹ්බු කරයි. උන් වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබිණ ප්‍රීතිය නිසා ලැඡ්ඡාව නොසළකා හැර, කුරුසිය දරා ගෙන, පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයෙහි දකුණු පැත්තෙහි වැඩ හිඳ ගත් සේක (හෙබ්‍රව්12 :2).

ක්‍රිස්තුස් යේසුස් වහන්සේව සංකොතවත් කරන, ඉවසීම අප සංකේතවත් කරන්නේ කෙසේද? පළමුව, අප ස්තුති කළ යුතුයි. මිනිසෙකුගේ ප්‍රථම පියවර නම්, ඇයි මම, යන්නයි, නුමුත් බයිබලය පවසන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සතුටින් භාර ගන්නා ලෙසයි (පිලිප්පි 4:4, 1 පේත්‍රැස්1:6)දෙවනුව උන් වහන්සේගේ අරමුණ අප සෙවිය යුතුයි. සමහර අවස්ථාවලදී දෙවියන් වහන්සේ අපව ඉතා අපහසු පියවරහි තබා අපව සාක්ෂිකරුවන් කරයි. විටෙක එක් චරිතයක් අත්හදා බැලීමට අපව යොමුකරයි. අප මතක තබා ගත යුත්තේ, දෙවියන් වහන්සේගේ අරමුණ නම් අපගේ වැඩීම හා උන් වහන්සේගේ නාමය අපගේ අත්හදා බැලීම් වල එසවීමයි. තුන්වනුව, අපගේ ඡීවිත තුළ උන් වහන්සේ දී ඇති පොරොන්දුය. රෝම 8:28 ගත් කළ, අපට පවසන්නේ, තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. මෙහි සියළු දේම යනු, අපගේ ඉවසීමට බලපාන දේය.

ඊළඟ අවස්ථාවේදී. ඔබ වාහන ගමනා ගමනයෙහි, ඔබගේ යහළුවෙකු ඔබගේ විශ්වාසය බිඳ දමා ඔබව පසුකර යයි නම් හා ඔබගේ සාක්ෂියට සරදම් කළා නම්, ඔබ එයට කෙසේ ප්‍රත්චාර දක්වයිද? ස්වාභාවික ප්‍රතිවාරය නම් නොඉවසිලිවන්තකම, මානසික පීඩනය, කෝපය හා අසාර්ථකයි යන හැඟීම අපට අවදි කරයි. අප උන් වහන්සේට ප්‍රශංසා කළ යුත්තේ අප ස්වාභාවිකව හැඟීම් ප්‍රකාශ නොකරන අතර අප කිතුනුවන් නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අළුත් මැවිල්ලන්ය (2 කොරින්ති 5:17) එපමණක් නොව, අපට දෙවියන් වහන්සේගේ ශක්තියෙන් හා බලයෙන්ද, ඉවසීමෙන් හා සම්පූර්ණ විශ්වාස කමෙන් උන් වහන්සේගේ අරමුණ කරා ළඟා විය හැක. ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන්, මහිමයද ගෞරවය ද අමරණීය භාවයද සොයන්නන්ට සදාකාල ඡීවනය දෙන සේක (රෝම 2:7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඉවසීම පිළිබඳව බයිබලය දරන්නේ කිනම් මතයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries