settings icon
share icon
ප්‍රශ්නය

අපි අපගේ සභාපාලකවරුන්ට අවනත විය යුතුවෙමුද?

පිළිතුර


ප්‍රශ්ණයට අදාළව ඝෘජුවම කතා කරන කොටස හෙබ්‍රෙව් 13:17 වේ. " නුඹලාගේ ප්‍රධානියෝ ගණන් දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළහොත් නුඹලාට අලාභ බැවින් සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරණ පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා".

සභාපාලකවරුන්ට බොහෝ රිදුම් දෙන්නාවූ කරුණක් වන්නේ, සෙනඟට බෙදා දෙන දෙවියන් වහන්සේගේ මන්ත්‍රණය නොසළකා හරින බව දැකීමයි. සෙනඟ දෙවියන් වහන්සේගේ වචනය නොසළකා හරිනවිට, එසේ ඔවුන් සිදු කරනු ලබන්නේ ඔවුනට රිදුන නිසාම නොව ඔවුන් වටා සිටින අනෙක් කණ්ඩායම් වල පාඩුව / අවාසිය නිසාය. තරුණ ප්‍රජාව බොහෝවිට වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය හෙළා දැකීමේ ප්‍රවණතාවයක් ඇත. මීට හේතුව වන්නේ තමන්ග්ම ඥානය හා තමන්ගේම හදවතේ මන්ත්‍රණය යන වැරද්දට අසුවීමයි. භක්තිවන්ත සභාපාලකවරයෙකු උපදේශයන් දෙනු ලබන්නේ දේව වචනයට ආදාළවය. මක්නිසාද යේසුස් වහන්සේ පොරොන්දුවූ බහුල ජීවනයේ අත්දැකීම ලබන පිණිස ඔවුන්ව ආත්මික ආහාරයෙන් පෝෂණය කිරීම හා දෙවියන් වහන්සේට සේවය කිරීමේ ඇති ආශාව නිසාය (යොහාන් 10-10බී).

භක්තිවන්ත සභාපාලකයන්නට ප්‍රතිවිරුද්ධ පදය "ව්‍යාජ එඬේරා වන අතර ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය ඔවුනට ඉගෙන ගැනීමට නොහැකිවූ හෙයින් දේව වචනය ඉගැන්වීමට වඩා මනුෂ්‍යයන්ගේ වචන උගන්වන අතර රැළෙහි සුභසාධනයට වඩා ඔවුන්ව පාලනය කරමින් ඔවුන් මත ස්වාමිත්වය පතල කිරීම පිළිබඳව මනා උනන්දුවක් දක්වයි. යේසුස් වහන්සේගේ කාලයේදී පරිසිවරුන් "අන්ධ මඟ පෙන්වන්නන්" ලෙස වරදකරුන් බවට පත්විය (මතෙව් 15:14). එමෙන්ම වැරදි ඉගැන්වීම් ගැන ක්‍රියා පොතෙහි මෙන්ම එළිදරව් පොතෙහි නැවත නැවත සිහි ගැන්වීම් කරයි. මන්දයත් තමන් ගැන පමණක් සිතන මෙවැනි නායකයන් නිසා, දෙවියන් වහන්සේට කීකරුවන පිණිස මනුෂ්‍යයන් අකීකරුවූ අවස්ථාද වේ (ක්‍රියා 4:18-20). කෙසේ නමුදු, සභානායකයෙකුට විරුද්ධව ඇති දෝෂාරෝපණයන් සුළුවෙන් නොසැලකිය යුතු අතර, එක සාක්‍ෂිකරුවෙකුට වඩා සනාථ කළ යුතු වේ (1 තිමොති 5:19). භක්තිවන්ත සභාපාලකවරයෙකු රන් වලට වඩා වටිනාකමින් වැඩිය. මන්ද සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස සේවයෙහි යෙදුනත් ගෙවනු ලබන්නේ ඉතා අඩුවෙන්ය / සුළුවෙන්ය. හෙබ්‍රෙව් 13:17 පවසන අන්දමට ඔවුන් මහත් වගකීම් දරන්නා වූ අයයි. මන්ද යත් දවසකදී ඔවුන් ඔවුන්ගේ සේවාවන් ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දිය යුතුය. 1 පේත්‍රස් 5:1-4 දක්වා ගෙන හැරපාන්නේ, ඔවුන් ආඥාදායෙකු / ඒකාධිපතියෙකු නොවී හදවතෙහි යටහත් පහත්කමින් රැළට ආදර්ශයක්ව සිටිමින්, සම්පූර්ණ වූ ඉගැන්වීමෙහි පැවතෙන්න යන්නයි (1 තිමෝති 4:16). පාවුල්තුමා මෙන් ඔවුන් සැබවින්ම දරුවෙක් රැකබලා ගන්නා සැබෑ ප්‍රේමයෙන් යුතු තමදරුවන්ට ප්‍රේම කරන මවක මෙන් විය යුතුය. භක්තිවන්ත සභාපාලකවරුන් තමන්ව රැළ උදෙසා දෙමින් මෘදුකමින් රැළ බලාගන්නට ආශා වේ (1 තෙසලෝනික 2:7-12, යොහාන් 10:11). ඔවුන්ගේ අවංකව චනයට ඇති බලවත් ඇල්ම හා යාච්ඤාව ඔවුන්ගේ චරිත ලක්‍ෂණයන් පෙන්වා දේ (ක්‍රියා 6:4). එවිට ඔවුන්ට දෙවියන් වහන්සේගේ බලයෙන් හා ඥානයෙන් සෙනඟ හසුරුවන්නට හැකි වන අතර, නීරෝගී හා ලෙලෙන / දෙදෙරන කිතුණුවන් සභාවේ ආත්මික ආහාර කරණකොටගෙන බිහි කරන්නට හැකිය. මෙම වර්ණනාව / විස්තරය ඔබගේ සභාපාලකවරයා ගැන නම්, හෝ ඊට ආසන්නව තිබේ නම් (පොළොවේ කිසිදු මනුෂ්‍යයෙක් සර්වසම්පූර්ණ නැත) ඔහු කීකරුකමෙන් යුක්තව දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන විට ඔහු "දෙගුණයක ගෞරවයක් ලබන්නට" සුදුසු වන්නේය (1 තිමොති5:17).

එබැවින් ප්‍රශ්ණයට පිලිතුර වන්නේ එසේය, අප අපගේ සභාපාලකවරුන්ට අවනත / කීකරු විය යුතුය. එමෙන්ම අප ඔවුන් උදෙසා දෙවියන් වහන්සේගෙන් ඥානය, යටහත් පහත්භාවය, රැළට ප්‍රේමය මෙන්ම ඔවුන් භාරයේ සිටින්නන්ට රැකවරණය සපයන්නා ආකාරයෙන්ම ඔවුන්ටද රැකවරණය ලැබෙන පිණිස යාච්ඤා කළ යුතුය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

අපි අපගේ සභාපාලකවරුන්ට අවනත විය යුතුවෙමුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries