settings icon
share icon
ප්‍රශ්නය

පැස්කල්ගේ ඔට්ටුව කුමක්ද?

පිළිතුර


පැස්කල්ගේ ඔට්ටුව නම් කර ඇත්තේ 17 වන සියවසේ ප්‍රංශ දාර්ශනිකයා සහ ගණිතඥ බ්ලේස් පැස්කල්ගේ නමිනි. පැස්කල්ගේ වඩාත් ප්‍රසිද්ධ කෘති වලින් එකක් වන්නේ 1670 දී මරණින් පසු ප්‍රකාශයට පත් කරන ලද පෙන්සීස් ("සිතුවිලි") ය. පැස්කල්ගේ ඔට්ටුව ලෙස හැඳින්වෙන දේ අපට හමුවන්නේ මෙම කෘතිය තුළය.

පැස්කල්ගේ සාරාංශය නම්, පැස්කල්ට අනුව යමෙකුට දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ දැනුමක් ලබා ගත හැක්කේ තර්කානුකූලව පමණක් නොවේ, එබැවින් කළ යුතු ඥානවන්ත දෙය නම් දෙවියන්වහන්සේ ජීවමානසේ සලකා ඔබේ ජීවිතය ගත කිරීමයි. මන්ද එවැනි ජීවිතයකට සෑම දෙයක්ම ලබා ගත හැකි අතර අහිමිවීමට කිසි දෙයක් නැත. අප ජීවත් වන්නේ දෙවියන්වහන්සේමෙන්, උන්වහන්සේ සැබවින්ම සිටිනවා නම්, අපි ස්වර්ගය ලබා ගත්තෙමු. උන්වහන්සේ නොසිටින්නේ නම්, අපට කිසිවක් අහිමිවී නැත. අනෙක් අතට, අප ජීවත් වන්නේ දෙවියන්වහන්සේ නොපවතින බවත් උන්වහන්සේ සැබවින්ම සිටින බවත් නම්, අප නිරය හා දඩුවම ලබා ගෙන ස්වර්ගය හා ප්‍රීතිය නැති කර ගෙන තිබේ. යමෙක් විකල්පයන් කිරා බැලුවහොත්, පැහැදිලිවම දෙවියන්වහන්සේ සිටින ලෙස ජීවත්වීමට තාර්කික තේරීම හැකි තේරීම් වලට වඩා හොඳය. පැස්කල් පවා යෝජනා කළේ සමහරුන්ට එකල දෙවියන්වහන්සේව විශ්වාස කිරීමේ හැකියාවක් නොතිබිය හැකි බවයි. එවැනි අවස්ථාවක, යමෙකු කෙසේ හෝ ඇදහිල්ලක් ඇතිව ජීවත් විය යුතුය. සමහරවිට යමෙකු ඇදහිල්ල ඇති කෙනෙකුමෙන් ජීවත් වීමෙන් කෙනෙකු ඇදහිල්ලට පැමිණිය හැකිය.

දැන් විවිධ කඳවුරු වලින් වසර ගණනාවක් තිස්සේ විවේචන එල්ලවී තිබේ. උදාහරණයක් ලෙස, නොගැලපෙන හෙළිදරව් කිරීම් වලින් තර්කය තිබේ. මෙම තර්කය පැස්කල්ගේ ඔට්ටුව විවේචනය කරන්නේ ක්‍රිස්තියානි දෙවියන් වහන්සේට තේරීම් සීමා කිරීමට හේතුවක් නොමැති නිසාය. මිනිස් ඉතිහාසය පුරාම බොහෝ ආගම් පැවතුන බැවින් විභව දෙවිවරුන් බොහෝමයක් සිටිය හැකිය. තවත් විවේචනයක් අදේවවාදීකවයන්ගෙන් පැමිණේ. අවංක අවිශ්වාසයට විපාක දෙන සහ අන්ධ හෝ විශ්වාස කළ ඇදහිල්ලට දඩුවම් කළ හැකි දෙවිකෙනෙකුට ඇති හැකියාව රිචඩ් ඩෝකින්ස් පෙන්වා දුන්නේය.

එය එසේවුවත්, අප සැලකිලිමත් විය යුත්තේ පැස්කල්ගේ ඔට්ටුව ශුද්ධ ලියවිල්ල සමඟ වර්ග කළ හැකිද නැද්ද යන්නයි. වේජර් ගණන් ගණනාවකින් අසමත්වේ. පළමුවෙන් මහා ප්‍රධාන වශයෙන්, රෝම 1 හී ප්‍රේරිත පාවුල්ගේ තර්කය සැලකිල්ලට නොගනී, දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම සැමට පැහැදිලිව පෙනේ, එබැවින් අප නිදහසට කරුණක් නැත (රෝම 1:19-20). දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ දැනුමට අපව ගෙන ඒමට හේතුව පමණක් හේතුවේ. එය දෙවියන්වහන්සේ පිළිබඳ අසම්පූර්ණ දැනුමක් වනු ඇත, නමුත් එය කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ දැනුමයි. තවද, දෙවියන්වහන්සේගේ දැනුම දෙවියන් වහන්සේගේ විනිශ්චයට පෙර නිදහසට කරුණක් නොමැතිව අප සියල්ලන්ම ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත්ය. අධර්මිෂ්ධ කමින් දෙවියන් වහන්සේගේ ස්‍යයයට පත් කිරීම ගැන අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ උදහසට ලක්ව සිටිමු.

දෙවනුව, යේසුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා වැය කිරිමක් පිලිබඳ සඳහනක් නැත. ශු.ලූක්තුමාගේ ශුභාරංචියේ, යේසුස්වහන්සේ තමන් වහන්සේගේ ගෝලයෙකුවිමට වැය කිරිම ගණනය කරන ලෙස දෙවරක් අපට අනතුරු අඟවයි (ලූක් 9:57-62; 14:25-33). යේසුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා වැය කිරිමක් ඇති අතර එය ගෙවීමට පහසු මිලක් නොවේ. යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ ඔවුන්ව ගලවා ගැනීම සඳහා තමකම නැසිය යුතු බවයි (මතෙව් 10:39). යේසුස්වහන්සේ අනුගමනය කිරීමෙන් ලෝකයේ ගැරහුම් වලට ලක්වේ. (යොහන් 15:19). පැස්කල්ගේ ඔට්ටුවේහි මේ කිසිවක් ගැන සඳහනක් නොකරයි. එනිසා, එය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හුදු විශ්වාසනීයත්වයක් දක්වා අඩු කරයි.

තෙවනුව, එය මිනිස් ස්වභාවයේ දුෂ්ටකම මුළුමනින්ම වැරදි ලෙස නිරූපණය කරයි. ස්වාභාවික මිනිසා — ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන නැවත ඉපදී නැති (යොහන් 3:3) — පැස්කල්ගේ ඔට්ටුව වැනි පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයකින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැලවීමේ ඇදහිල්ලකට ඒත්තු ගැන්විය නොහැක. ඇදහිල්ල යනු නැවත ඉපදීමේ ප්‍රතිඵලයක් වන අතර එය ශුද්ධාත්මයාණන්ගේ දිව්‍යමය ක්‍රියාවකි. මින් අදහස් කරන්නේ කෙනෙකුට ශුභාරංචියේ කරුණු පිළිගැනීමට හෝ දෙවියන්වහන්සේගේ නීතියට බාහිරව කීකරුවීමට නොහැකි බව නොවේ. යේසුස්වහන්සේගේ වපුරන්නාගේ උපමාවෙන් (මතෙව් 13) එක් කරුණක් නම්, ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන තෙක් බොරු පරිවර්තනයන් ජීවිතයේ සත්‍යයක් වනු ඇති බවයි. කෙසේ වෙතත්, සැබෑ ගැලවීමේ ඇදහිල්ලේ ලකුණ එය නිපදවන පලයයි (මතෙව් 7:16-20). ස්වාභාවික මිනිසාට දෙවියන්වහන්සේගේ දේවල් තේරුම් ගත නොහැකි බවට පාවුල් තර්ක කරයි (1 කොරින්ති 2:14). මන්ද? ඔවුන් ආත්මිකව වටහා ගෙන ඇති බැවිනි. පැස්කල්ගේ ඔට්ටුව ඇදහිල්ල සුරැකීමේ දැනුම ලබා ගැනීම සඳහා ආත්මයේ මූලික වැඩ ගැන සඳහන් නොකරයි.

හතර වනුව සහ අවසාන වශයෙන්, සමාව අයැදීමේ / එවැන්ජලිස්ත මෙවලමක් ලෙස (වේජර් අදහස් කළේ එයයි), එය අවධානය යොමු කර ඇත්තේ අවදානම් / විපාක දෘෂ්ටියකට වන අතර එය ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑ ගැලවීමේ ඇදහිල්ල සම්බන්ධතාවයකට නොගැලපේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන බවට සාක්ෂියක් ලෙස තම ආඥාවලට කීකරුවිය (යොහන් 14:23). පැස්කල්ගේ ඔට්ටුවට අනුව යමෙක් ස්වර්ගය විපාකයක් ලෙස පිළිගැනීමේ පදනම මත දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට හා කීකරුවීමට තෝරාගනී. මෙය ස්වර්ගය විපාකයක් බවත් එය අප බලාපොරොත්තු විය යුතු හා ආශා කළ යුතු දෙයක් බවත් හීන කිරීම නොවේ. නමුත් අපගේ කීකරුකම තනිකරම හෝ මූලික වශයෙන් ස්වර්ගයට ගොස් නිරයෙන් වැළකී සිටීමට පෙළඹී ඇත්නම්, ඇදහිල්ල සහ කීකරුකම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැවත ඉපදී ඇදහිල්ල ප්‍රකාශ කරන හදවතක ප්‍රතිපලයට වඩා අපට අවශ්‍යදේ සාක්ෂාත්කර ගැනීමේ මාධ්‍යයක් බවට පත්වේ, එනම් කීකරුකම ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් බව.

අවසාන වශයෙන්, පැස්කල්ගේ ඔට්ටුව සිත්ගන්නා සුලු දාර්ශනික චින්තනයක් වන අතර, කිතුනුවකුගේ එවැන්ජලිස්ත හා සමාව අයැදීමේ ප්‍රසංගයක කිසිදු ස්ථානයක් නොතිබිය යුතුය. කිතුනුවන් යනු යේසුස් ක්‍රිස්තුස්ගේ ශුභාරංචිය බෙදා ගැනීම හා ප්‍රකාශ කිරීමය. එය "ඇදහිලිවන්ත සියල්ලන්ට ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලයයි" (රෝම 1:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පැස්කල්ගේ ඔට්ටුව කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries