settings icon
share icon
ප්‍රශ්නය

සර්වදේවවාදය යනු කුමක්ද?

පිළිතුර


දෙවියන්වහන්සේ සියලුදේ සහ සියලුදෙනා බව මෙන්ම සියලුදේ සහ සියලුදෙනා දෙවියන්වහන්සේ ලෙස දකින්නේ සර්වදේවවාදයයි. සර්වදේවවාදය බහුදේවවාදයට සමාන වන (බොහෝ දෙවිවරුන් ඇදහීම) නමුත් දෙවියන්වහන්සේ සියලුදේ බව පරමාර්ථවාදය ඉක්මවා යමින් උගන්වනු ලබයි. දෙවියන්වහන්සේ ගසක්, කන්දක්, සත්වයෙක්,ඉර, ඔබ ඇතුළු සියලුදේ දෙවියන්වහන්සේය. බොහෝ පූජාවිධි සහ මිත්‍යා ඇදහීම් වල සංකල්පනය සර්වදේවවාදයයි (උදා: යම් ප්‍රමාණයකට හින්දු ආගම සහ බෞද්ධාගම, විවිධ සමඟි සහ එක්සත් පූජාවිධි, සහ "ස්වභාවධර්ම මාතාවට" වන්දනාමාන කරන්නන්).

බයිබලය සර්වදේවවාදය උගන්වන්නේද? කෙහෙත්ම නැත. සර්වදේවවාදය යැයි බොහෝ අය වැරදි වැටහීමක් ඇති කරගන්නේ දෙවියන්වහන්සේගේ සර්වබලධාරි වැඩසිටීමටය. "ඔබේ බලයට ළඟා විය නොහැකි මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද? ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද? මා මිනී වලෙහි සැඟවී සිටියත් එතැනදීද ඔබට මා පෙනේ" ගීතිකා 139:7-8 පවසයි. දෙවියන්වහන්සේගේ සර්වබලධාරි වැඩසිටීම යනු උන්වහන්සේ සෑමතැනකම වැඩසිටින බවය. දෙවියන්වහන්සේගේ වැඩනොසිටින තැනක් විශ්වයේ නොමැත. මෙය සර්වදේවවාදය මෙන් නොවේ. දෙවියන්වහන්සේ සෑම තැනකම වැඩසිටින නමුත් සෑම දෙයක්ම උන්වහන්සේ නොවේ. ගසක් තුළ සහ පුද්ගලයෙක් තුළ දෙවියන්වහන්සේ "වැඩසිටින" නමුත් එම ගස හෝ පුද්ගලයා දෙවියන්වහන්සේ වන්නේ නැත. සර්වදේවවාදය කිසිසේත්ම බයිබලීය විශ්වාසයක් නොවේ.

සර්වදේවවාදයට එරෙහි ප්‍රධාන බයිබලීය තර්කය වන්නේ රූප වන්දනාවට විරුද්ධ අසීමිත ආඥා ප්‍රමාණයයි. දේව ප්‍රතිමා, දේවදූතයින්, ආකාශ වස්තු, ස්වභාවධර්මයේ වස්තුන් වැනි දෑ වලට වන්දනාමාන කිරීම බයිබලය තහනම් කර ඇත. සර්වදේවවාදය සත්‍යයක් නම් එවැනි වස්තුන් වන්දනය වරදක් නොවන්නේ එවැනි වස්තුවක් සත්තකින්ම දෙවියන්වහන්සේ වන බැවිනි. සර්වදේවවාදය සත්‍යයක් වූයේ නම්, කන්දක් හෝ සත්වයෙක් හට වන්දනා කිරීම අදෘශ්‍යමාන ආත්මයක් වන දෙවියන්වහන්සේ වන්දනා කිරීම තරමටම වලංගු විය හැකිව තිබුණි. බයිබලයේ පැහැදිලි සහ ස්ථාවර විරෝධය වන රූප වන්දනයව සර්වදේවවාදයට එරෙහි ඒකාන්ත තර්කයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සර්වදේවවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries