settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයෙහි ද්වී ලිංගිකත්වය / සර්ව ලිංගිකත්වය පිළිබදව කුමක් පවසත්ද රෑ

පිළිතුර


ද්වී ලිංගිකත්වය සහ සර්ව ලිංගිකත්වය යන්න සමීපව සම්බන්ධ වූවකි. ද්වී ලිංගිකත්වය යනු ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා නොගත් පුද්ලගයන්ගේ ලිංගික ආකර්ෂණවේ. සර්ව ලිංගිකත්වය යනු ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගත් පුද්ලගයන්ගේ ලිංගික ආකර්ෂණයවේ. ප්‍රායෝගිකව බලන කළ මේ දෙආකාරයෙහි කිසිඳු වෙනසක් නොමැත. ද්වී ලිංගිකයන් සහ සර්ව ලිංගිකයන් යන දෙපිරිසම විෂමලිංගික පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට, සමලිංගික පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට, ද්වී ලිංගික පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට, සංක්‍රාන්ති පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට සහ ස්ත්‍රී පුරුෂභාවය යන දෙකම ඇති පුරුෂයන් සහ ස්ත්‍රීන් ආදීන් කෙරෙහි ආකර්ෂණය වෙති. වෙනස්කම නම් ද්වී ලිංගිකයෙකු කිසි විටෙකත් ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා නොගන්නා ලෙසට කටයුතු කරන අතර සර්ව ලිංගිකයන් ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගනු ලැබූවත් එය ගණනකට නොගනිති. දෙපිරිසගේම නිල නොවන උද්යෝග පාඨය නමි “හදවත් පමණකි එසේත් ශාරිරික කොටස් නොවේ” යන්නවේ.

දේව වචනය නිශ්චිත වශයෙන්ම ද්වී ලිංගිකත්වය සහ සර්ව ලිංගිකත්වය පිළිබදව සදහන් නොකරයි. කෙසේ නමුත් ඇතැම් විට ද්වී ලිංගිකත්වය සහ සර්ව ලිංගිකත්වය එකම ලිංගය සමග ලිංගික සම්බන්ධකම් අන්තර්ගත වන හෙයින් ද්වීලිංගිකත්ව සහ සර්ව ලිංගිකත්ව ක්‍රියාවලියෙහි යෙදෙන්නන්ටද සමලිංගික සේවනයෙහි යෙදෙන්නන් හෙළා දකින ආකාරය හා සමානවම අදාළ වේ (ලෙවී කථාව 18:22; 20:13; රෝම 1:26-27; 1 කොරින්ති 6:9). දේව වචනය අනුග්‍රහය දක්වන එකම ලිංගික ක්‍රියාකාරකම නම් විවාහ සීමාව තුළ ඇති විෂමලිංගිකත්වය පමණකි (ක්‍රියා 15:20; 1 කොරින්ති 6:13; ගලාති 5:19; එපීස 5:3; කොලොස්සි 3:5).

ස්ත්‍රී පුරුෂභාවය නොසලකා හැරීම හෝ එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමේ මැතකාලීන ප්‍රවණතාවය මුළුමනින්ම දේවවචනානුකූල නොවේ. දෙවියන් වහන්සේ පුරුෂයා සහ ස්ත්‍රිය මැවූ අතර ඔවුන්ව ශාරිරිකව සහ ලිංගිකව පමණක් නොව චිත්තවේගිව සහ අධ්‍යාක්මිකවද එකිනෙකාට අනුපූරකව නිර්මාණය කළ සේක (උත්පත්ති 2). ස්ත්‍රී පුරුෂ භේද ප්‍රතික්ෂේප කොට ද්වී ලිංගිකත්වය සහ සර්ව ලිංගිකත්වය වැනි විකල්ප ලිංගිකත්වයන් වැළද ගැනීම යනු යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම වඩාත් වැදගත් ලෙස දෙවියන් වහන්සේ මැවුම්කරුවාණන්වහන්සේ සහ නිර්මාණකරුවාණන්වහන්සේ ලෙස ප්‍රතික්ෂේප කිරීම වේ. සරලවම ප්‍රකාශ කළහොත් ද්වී ලිංගිකත්වය හෝ සර්ව ලිංගිකත්වය තුළ නියැලීම පාපයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයෙහි ද්වී ලිංගිකත්වය / සර්ව ලිංගිකත්වය පිළිබදව කුමක් පවසත්ද රෑ
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries