settings icon
share icon
ප්‍රශ්නය

රාගය ජය ගැනීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


"රාගය" ලෙස පරිවර්තනය කර ඇති බයිබලයේ බොහෝ වචන වල තේරුම "දැඩි ආශාවක්" යන්නයි. දැඩි ආශාව හොඳ හෝ නරක විය හැක්කේ එම ආශාවේ පරමාර්ථය සහ එය පිටුපස ඇති චේතනාව අනුවය. දෙවියන්වහන්සේ මිනිස් හදවත මැව්වේ උද්‍යෝගිමත් ආශාවන්ට ඇති හැකියාව නිසා අපි උන්වහන්සේට සහ උන්වහන්සේගේ ධර්මිෂ්ධකම පසු පස යන පිනිසයි. (ගීතාවලිය 42:1-2; 73:25). කෙසේ වෙතත්, "රාගය" යන සංකල්පය දැන් සාමාන්‍යයෙන් දෙවියන්වහන්සේ විසින් තහනම් කර ඇති දෙයක් කෙරෙහි ඇති දැඩි ආශාව සමඟ සම්බන්ධවී ඇති අතර, එම වචනය ලිංගික හෝ භෞතිකවාදී ආශාවට සමාන අර්ථයක් ලෙස දැකිය හැකිය.

යාකොබ් 1:14-15 අපට අසීමිත රාගයේ ස්වාභාවික දියුණුව ලබා දෙයි. "සෑම පුද්ගලයෙකුම තමන්ගේම නපුරු ආශාවෙන් ඇදගෙන ගොස් පොළඹවන විට පරීක්ෂාවට ලක්වේ. ආශාව පිළිසිඳ ගැනීමෙන් පසු එය පාපය බිහි කරයි; පාපය පූර්ණ ලෙස වැඩුණු විට මරණය බිහි කරයි."

මෙම ඡේදයට අනුව, පව්කාර රාගය ආරම්භ වන්නේ නපුරු ආශාවෙනි. නපුරෙන් පෙළඹවීම පාපයක් නොවේ. යේසුස්වහන්සේ පරීක්ෂාවට ලක්විය (මතෙව් 4: 1). පාපය ආරම්භ වන්නේ නපුරු ආශාව අපගේ හදවත් තිබිය යුතු තැනින් "අපව ඇදගෙන" යන විටය. නපුරු ආශාවක් හඳුන්වා දුන් විට අපට තේරීමක් තිබේ. යේසුස්වහන්සේ කළාක් මෙන් අපට එය ප්‍රතික්ෂේප කළ හැකි අතර දෙවියන්වහන්සේ අප ඉදිරියෙහි තබා ඇති මාවත කෙරෙහි අවධානය යොමු කළ හැකිය (මතෙව් 4:10). නැතහොත් අපට එය වින්දනය කළ හැකිය. කවුරුහරි වරක් පැවසූ පරිදි, "කුරුල්ලන්ට ඉහළින් පියාසර කිරීම අපට වළක්වා ගත නොහැක, නමුත් අපගේ කොණ්ඩය තුළ කූඩුවක් සෑදීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත." පරීක්ෂාව ඇතිවූ විට, අප අසරණ නොවන බව මතක තබා ගත යුතුය. අපට විරුද්ධවීමට හෝ තෝරා ගැනීම තෝරා ගත හැකිය.

පරීක්ෂාවෙන් අපව "ඇදගෙන" යාමට හේතුව අප "පොළඹවා" තිබීමයි. ග්‍රීක භාෂාවේ එම වචනය ඇමක් ලෙස මාළු ඇල්ලීමකට යොමුවේ. මාළුවෙක් පණුවන් දුටුවිට, ඔහු එයට පොළඹවා අල්ලා ගනී. කොක්කක් සකස් කළ පසු ඔහුව "ඇදගෙන යා හැකිය." අපට පරීක්ෂාවන් හමුවූවිට, පොතිපර්ගේ බිරිඳ විසින් පරීක්ෂාවට ලක් කළවිට යෝසෙප් කළාක් මෙන් අප එය වහාම ප්‍රතික්ෂේප කළ යුතුය (උත්පත්ති 39:11-12). ද්වේෂය පොළඹවා ගැනීමට දොර විවර කරයි. රෝම 13:14 එවැනි පැකිලීමක් හඳුන් වන්නේ "මාංසය සඳහා ආහාර සැපයීම" ලෙසයි. නොසැලකිලිමත් මසුන්මෙන්, අප පෙළඹවීමේ සිතුවිල්ල අල්ලාගෙන, එය අපව සතුටට පත්කරාවි යැයි විශ්වාස කරයි. අපි මනංකල්පිත රස විඳින්නෙමු, නව හා පව්කාර සිදුවීම් මවා ගන්නෙමු, දෙවියන්වහන්සේ අපට සන්තෝෂය සඳහා අවශ්‍ය සියල්ල සපයා නැත යන අදහස භුක්ති විඳිති (උත්පත්ති 3:2-4). මෙය මෝඩකමකි. 2 තිමෝති 2:22 පවසනවා, "යෞවනවයසේ තෘෂ්ණා වලින් පලායන්න. …" " පලායාම "යන්නෙන් අදහස් වන්නේ වහාම ඉවත් වීමයි. ඔහුගේ විකල්ප සලකා බැලීමට යෝසෙප් නොසැලී සිටියේය. ඔහු ලිංගික පරීක්ෂාවන් හඳුනාගත් අතර ඔහු දිව ගියේය. අප පසුබට වන විට, අපි මාංශ සඳහා ප්‍රතිපාදන සලසා නපුර තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙමු. බොහෝවිට, එහි බලයෙන් අපයට පත්වී ඇත. සැම්සොන් ශාරීරිකව ශක්තිමත් මිනිසෙකි, නමුත් ඔහු තමාගේම රාගයට නොගැලපේ (විනිශ්චයකාරයෝ 16:1).

යාකොබ් 1 ට අනුව, පරීක්ෂාවේ පහළට යාමේ ඊළඟ පියවර වන්නේ "ආශාව පිළිසිඳ ගැනීමයි." රාගය ආරම්භ වන්නේ බීජයක් ලෙසිනි. රාගයේ බීජ ප්‍රරෝහණය වීමට අපි ඉඩ දුන්නොත්, ඒවා විශාල, වඩා බලවත්, මුලිනුපුටා දැමීමට අපහසු දෙයකට පැළවනු ඇත. ප්‍රරෝහණය වීමට ඉඩ දුන්විට පරීක්ෂාව පාපයක් බවට පත්වේ. ආශාව තමන්ගේම ජීවිතයක් ගත කර රාගය බවට පත්වේ. රාගය පාපයක් බව යේසුස්වහන්සේ පැහැදිලි කළේය, අප ඒ පිළිබඳව භෞතිකව ක්‍රියා නොකළත් (මතෙව් 5:27-28). අපගේ හදවත් දෙවියන්වහන්සේගේ වසම වන අතර, එහි නපුර වර්ධනය වීමට ඉඩ දෙන විට, අපි උන්වහන්සේගේ දේව මාළිගාව කෙලෙසන්නෙමු (1 කොරින්ති 3:16; 6:19).

වැරදි ආශාවන් සෑම මිනිසෙකුටම පීඩා කරයි. දහවන ආඥාව තණ්හාව තහනම් කරයි, එයින් අදහස් කරන්නේ අපගේ නොවන දෙයකට රාගය ඇති කිරීමයි (ද්විතීයකථාව 5:21; රෝම 13 9). මිනිස් හදවත නිරන්තරයෙන් තමාව සතුටු කිරීමට උත්සාහ කරන අතර, එය යමක් හෝ එය විශ්වාස කරන කෙනෙකු තෘප්තිමත් වේයැයි දැන ගත් විට, රාගය ආරම්භ වේ.

අපගේ හදවත් දෙවියන්වහන්සේගේ මහිමයට කැපවූවිට පමණක් අපට ආක්‍රමණශීලී ආශාවන් ජය ගෙන රාගය ජය ගත හැකිය. අප සමිඳාණන් වහන්සේට යටත් වනවිට, අපගේ අවශ්‍යතා උන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකින් අපට හමුවේ. අප "සෑම සිතුවිල්ලක්ම ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමට වහල් කර ගත යුතුය" (2 කොරින්ති 10:5). අපගේ සිතුවිලි උන්වහන්සේට අවශ්‍ය තැන තබා ගැනීමට ශුද්ධාත්මයාණන්ට අප ඉඩ දිය යුතුය. ගීතාවලිය 19:14 හී සඳහන් වචන දිනපතාම යාච්ඤා කිරීමට එය උපකාරවත්වේ. අපට වඩා දෙවියන් වහන්සේව සතුටු කිරීම අපගේ හදවතේ ආශාව වනවිට, අපට රාගය වළක්වා ගත හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

රාගය ජය ගැනීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries