settings icon
share icon
ප්‍රශ්නය

අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබිබැහී විමෙන් මම ජයගන්නේ කෙසේද?

පිළිතුර


අධ්‍යයන මගින් පෙන්වා දෙනු ලබන්නේ කාමුක දර්ශන සම්බන්ධ භාෂිතයන් වනාහී බොහෝ දුරට ඉතාමත් සුලබ ලෙස අන්තර්ජාලයේ ද්වාරයන් තුළින් සෝදිසි කරනු ලබන භාෂිතයන් බවය. දිනපතා වචනානුසාරයෙන් කිවහොත් මිලියන ගණනින් සෙනග කාමුක දර්ශන හා සම්බන්ධ ප්‍රයත්නයන්හී සෝදිසි කිරීම් කරනු ලබති. අන්තර්ජාලීය කාමුක දර්ශනයන්හී ඇති ප්‍රබල සංකල්පරූප වනාහී අධික ඇබ්බැහීවීමක් ඇති වන්නකි. බොහෝ පුරුෂයන් (සහ කාන්තාවන්) අන්තර්ජාලීය කාමුක දර්ශනය නමැති උගුලට හසුවී ඇති අතර මෙම දෘෂ්‍ය උත්තේජනයට ඉතාමත් අසරණ ලෙස ඇබ්බැහි වී සිටිති. මෙහි ප්‍රතිඵලය වන්නේ පාලනය කළ නොහැකි රාගය, විවාහය තුළින් ඇතිවන සැබෑ ලිංගික සමීපභාවය අත්විදීමට ඇති නොහැකියාව මෙන්ම වරදකාරිත්වය සහ බලාපොරොත්තු රහිත විම පිළිබද ඇති වන අධිකතර හැගීමය. කාමුක දර්ශන වූ කලී ස්වයං ශුක්‍රමොචනය, ලිංගික අඩත්තේට්ටම සහ ලිංගික අපගමනතාවයට අංක එකේ හේතුකාරකයවේ. ඉතාමත්ම වැදගත් කාරණය නම් කාමුක දර්ශන දෙවියන්වහන්සේට අප්‍රසන්න මෙන්ම පාපොච්චාරණය සහ පසුතැවිලි විය යුතු සහ ජයගත යුතු පාපයකි.

අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබ්බැහී විම කෙරෙහි ජය ගත යුතු සටනෙහි මූලික ලක්ෂණ දෙකක් ඇත: අධ්‍යාත්මික සහ ප්‍රායෝගික. අධ්‍යාත්මිකව අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබ්බැහී විම දෙවියන් වහන්සේ ඔබට ජය ගැනීම අභිප්‍රාය කරනු ලබන පාපයක් වන අතර එසේ හෙයින් එය කිරීමට ඔබට හැකියාව දෙනු ලබන සේක. ප්‍රථම පියවර නම් ඔබ විසින් සහතික කරගත යුත්තේ ඔබ විසින් අව්‍යාජ ලෙස ඔබගේ යේසුස් වහවන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් ලෙස විශ්වාසය තබා තිබෙන බවය. ඔබට ඒ පිළිබදව සැකයක් ඇත්නම් ගැළවීම සහ සමාව පිළිබදව අපගේ පිටුව බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැළවීම නොමැතිව කාමුක දර්ශන කෙරෙහි නිත්‍ය සහ සත්‍යය ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් නොමැත: "මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට ඔබ සැමට බැරිය" (යොහාන් 15:5).

ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු සහ අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබ්බැහී විමට අරගල කරන්නෙකු නම් ඔබට බලාපොරොත්තුව සහ උපකාරය ඇත! ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ඔබට ලබාගත හැකිවේ (එපීස 3:16). දෙවියන්වහන්සේගේ සමාව දීම නමැති පවිත්‍ර කිරීම ඔබට ලබාගත හැකිවේ (1 යොහාන් 1:9). දේව වචනය අලූත් කිරීමේ හැකියාව ඔබ සතුවේ (රෝම 12:1–2). ඔබගේ මනස සහ දෑස් ස්වාමින්වහන්සේ වෙතට භාර දෙන්න (1 යොහාන් 2:16). ඔබව ශක්තිමත් කර ඔබට කාමුක දර්ශන කෙරෙන් ජය ලැබීමට උපකාර කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න (පිලිප්පි 4:13). කාමුක දර්ශන වලට තවදුරටත් නිරාවරණය වීමෙන් ඔබව ආරක්ෂා කරන ලෙස දෙවියන්වහන්සේලෙන් ඉල්ලන්න (1 කොරින්ති 10:13) එසේම උන්වහන්සේව ප්‍රසන්න වන දේ වලින් ඔබගේ මනස පුරවාගන්න (පිලිප්පි 4:8). මෙම අයදුම් වනාහී දෙවියන්වහන්සේ විසින් ගෞරවය කරනු ලැබ පිළිතුරු දෙනු ලබන ඒවාවේ.

ප්‍රායෝගිකව කථා කරන්නේ නම් අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබ්බැහී විමට විරුද්ධව සටන් කිරීමට විවිධවූ ආම්පන්න ඇත. www.PureOnline.com යන වෙබි අඩවියේ ශ්‍රේෂ්ඨ වැඩසටහනක් දැක ගැනීමට හැකිවේ. www.BSafeOnline.com වැනි වෙබි අඩවියන් ආදිය තුළින් ඔබගේ පරිගණකය කාමුක දර්ශන කෙරෙහි ප්‍රවේශ වීම මුළුමනින්ම අවහිර කරනු ලබන ගුණාත්මක අන්තර්ජාල පෙරහන් වැඩසටහන් කිහිපයක් තිබේ. www.X3Watch.com යන වෙඩි අඩවියේ තවත් අරුම පුදුම ආම්පන්නයක් ඇත. X3watch යනු වගකිවයුතු මෘදුකාංගයකි. එතුළින් ඔබගේ අන්තර්ජාල පිරික්සුම නිරීක්ෂණය කරනු ලබන අතර ඔබ විසින් පිළිකුල් කටයුතු වෙඩි අඩවියකට පිවිසුනහොත් ඔබ තෝරාගනු ලැබූ වගකිව යුතු සහකරුවෙකුට එය විසින් වාර්තාවක් යවනු ලබයි. අන්තර්ජාලීය කාමුක දර්ශන සම්ප්‍රේක්ෂණය කීරීමේ පෙළඹවීම බෙහෙවින් අඩු වනු ලබන්නේ ඔබගේ යෞවන පාලකතුමා, දෙමව්පියන්, මිතුරා, පාලකතුමා හෝ තමාගේ සහකාරයා ඒ පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබා ගන්නා බවට ඔබ දන්නෙහි නම්ය.

කළනොකිරෙන්න! අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබ්බැහී විම "සමාව දිය නොහැකි පාපයක්" නොවේ. දෙවියන්වහන්සේට සමාව දිය හැකි මෙන්ම සමාව දෙනු ලබන සේක. අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබ්බැහී විම "අනභිභවනීය පාපයක්" නොවේ. ඉන් ජය ගැනීමට හැකියාව දීමට දෙවියන්වහන්සේට හැකි මෙන්ම උන්වහන්සේ එසේ කරනු ලබන සේක. ඔබගේ මනස සහ දෑස් ස්වාමින්වහන්සේ වෙතට භාර දෙන්න. දේව වචනය තුළින් ඔබගේ මනස පුරවා ගැනීමට කැපවන්න (ගීතාවලිය 119:11). දිනපතා යාච්ඤාව තුළින් උනවහන්සේගේ උපකාරය සොයන්න; ඔබගේ මනස උන්වහන්සේගේ සත්‍යයෙන් පිරවීමටත් අනවශ්‍ය සිතුවිලි සහ අභිරුචියන් අවහිර කිරීමටත් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. ඔබ වගකිව යුත්තෙක් බවට පත්වීමට සහ අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ප්‍රවේශවීම අවහිර කිරිමටත් ඉහත කී ප්‍රායෝගික පියවරයන් වැළදගන්න. "ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේටම වඩා ඉතා අධික ලෙස කරන්ට බලය ඇත්තාවූ තැණන්වහන්සේටම" (එපිස 3:20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබිබැහී විමෙන් මම ජයගන්නේ කෙසේද? අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇති ඇබිබැහී විම පරාජය කළ හැකිවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries