settings icon
share icon
ප්‍රශ්නය

සමලිංගිකයෙකු ලෙස පිටතට (එළියට) එන මිතුරෙකුට කිතුනුවකු ක්‍රියා කළ යුත්තේ කෙසේද?

පිළිතුර


වැටුණු ලෝකයක ජීවත් වන කිතුණුවන් වශයෙන්, අපට ස්වභාවිකවම විවිධ සමාජ තරාතිරම්වල මිතුරන් සහ / හෝ ඥාතීන් සිටිනු ඇත. වර්තමාන සංස්කෘතිය තුළ, අපගේ නොගැලපෙන මිතුරන්ගෙන් සමහරක් "සමලිංගික" ලෙස පිටතට පැමිණීමට වැඩි ඉඩක් ඇති අතර, අප නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතුය.

අපි සමලිංගික බව පවසන මිතුරන් ඇතුළු අප අවට සිටින අය කෙරෙහි නිසි ඉදිරි දර්ශනයක් ඇති කර ගැනීම සඳහා දෙවියන්වහන්සේ සහ මිනිස් පව්කාර ස්වභාවය පිළිබඳ යම් යම් කරුණු අවබෝධ කර ගත යුතුය. කිතුණුවන් වශයෙන්, සමලිංගිකයින් ලෙස එළියට එන මිතුරන් ඇතුළු සියලු මිනිසුන්ට ආදරය සහ කරුණාව අවශ්‍ය බව අපි හඳුනා ගනිමු. තවද, කිතුණුවන් වශයෙන්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතිවරුන් වෙමු (2 කොරින්ති 5:20). ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට ජීවමාන දෙවියන්වහන්සේ සමඟ සබඳතාවක් ඇති අතර අපට අන් අයට පිරිනැමිය හැකි සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව ඇත.

සමලිංගික ලෙස පිටතට එන නොගැලවුනු මිතුරන් සමඟ සබඳතා කපා නොදැමිය යුතුය. යේසුස්වහන්සේ ගණිකාවන් සහ උන්වහන්සේගේ සමාජයේ නීචයන් (චන්ඩාලයන්) ඇතුළු පව්කාරයන් සමඟ නිදහසේ ඇසුරු කළේය (ලූක් 5:30; 7:34 බලන්න). යේසුස්වහන්සේ තම පියාව දැන සිටි අතර, මිනිසා තුළ ඇති දේ උන්වහන්සේ දැන සිටියේය (යොහන් 2:25). දෙවියන් වහන්සේගෙන් ඈත්ව සිටි අයට ගැළවීම සඳහා මඟ පෙන්වීමට මෙය යේසුස් වහන්සේ හොඳින් සූදානම් කළේය. කිතුණුවන් වශයෙන්, අපි බයිබලය අධ්‍යයනය කර ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නේ නම්, අපටද සූදානම් විය හැකිය.

දෙවියන්වහන්සේ පරම ධර්මිෂ්ඨ බවත් ඒ අතරම පරම ප්‍රේමනීය බවත් මතක තබා ගැනීම වැදගත්ය (නික්මයාම 34:6-7). දෙවියන්වහන්සේට තම පුත්‍රයාගේ වන්දිගෙවීමේ පූජාවෙන් තොරව පාපයට සමාව දිය නොහැක. පුද්ගලයෙකු කරන සෑම පාපයක්ම ගණන් ගත යුතු අතර, මිනිසෙකුට තමාගේම පාපය ගෙවිය නොහැක. පාපයට සමාව ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළින් පමණි.

එසේම, සමලිංගික ලෙස පිටතට එන මිතුරන් ඇතුළුව දෙවියන් වහන්සේ අපගේ මාර්ගය එවන අය සමඟ කටයුතු කිරීමේදී පේතෘස්ගේ අණ පිළිපැදිය යුතුය: “ඔබේ හදවත් තුළ ක්‍රිස්තුස්වහන්සේට ස්වාමීන් ලෙස ගරු කරන්න. ඔබ තුළ ඇති බලාපොරොත්තුවට හේතුව පවසන ලෙස ඔබෙන් අසන සෑම කෙනෙකුටම පිළිතුරක් දීමට සැමවිටම සූදානම්ව සිටින්න. නමුත් නිරවුල් හෘදය සාක්ෂියක් ඇතිව මෘදුකමින් හා ගෞරවයෙන් මෙය කරන්න” (1 පේතෘස් 3:15-16). එබැවින් දෙවියන්වහන්සේ, පාපය සහ ගැලවීම පිළිබඳ සත්‍යය ඉදිරිපත් කිරීමට අප සූදානම් විය යුතුය; අපි “මෘදුකම සහ ගෞරවය” සමග ඉදිරිපත් කිරීම කරන්නෙමු; තවද අපි සියල්ලටම වඩා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන්නෙමු.

සමලිංගිකත්වය පිළිබඳ අපගේ ස්ථාවරය බයිබලයේ ස්ථාවරය බව සමලිංගික ලෙස එළියට එන මිතුරන් තේරුම් ගත යුතුය: සමලිංගික හැසිරීම පව්කාර (රෝම 1:26-27 බලන්න). බයිබලය සමලිංගිකත්වය වෙනත් කිසිම පාපයකට වඩා “වැඩි” හෝ “පහත්” පාපයක් ලෙස විස්තර නොකරන බවද ඔවුන් තේරුම් ගත යුතුය. බයිබලයට අනුව, දෙවියන්වහන්සේගේ සමාව සැමට ලබා ගත හැකි බව ඔවුන් දැන සිටිය යුතුය. ශුභාරංචිය යනු “අදහන සියල්ලන්ට ගැළවීම ගෙන දෙන දෙවියන්වහන්සේගේ බලයයි” (රෝම 1:16).

මිතුරෙකු අපට ඔහු හෝ ඇය සමලිංගික බව පවසන විට, ඔහුගේ හෝ ඇයගේ සමලිංගික ජීවන රටාව අනුමත නොකර එම පුද්ගලයාට ආදරය හා ගෞරවය දැක්විය යුතුය. අපි යාච්ඤා කළ යුත්තේ “දෙවියන්වහන්සේ ඔවුන්ට සත්‍යය දැනගැනීම සඳහා පසුතැවිල්ල ලබා දෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්” (2 තිමෝති 2:25). අප ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පිරී ආත්මයේ ඵල ප්‍රදර්ශනය කිරීමට වග බලා ගත යුතුය. අපි “ක්‍රිස්තුස්වහන්සේ ස්වාමින් වහන්සේට ගරු කරමු” (1 පේතෘස් 3:15). තවද අපගේ සංවාදය සෑම විටම කරුණාවෙන් පිරී ඇති බවත්, ලුණුවලින් පදම් කර ඇති බවත්, එවිට සෑම කෙනෙකුටම පිළිතුරු දිය යුතු ආකාරය දැන ගැනීමටත් අපි වගබලා ගනිමු (කොලොස්සි 4:6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සමලිංගිකයෙකු ලෙස පිටතට (එළියට) එන මිතුරෙකුට කිතුනුවකු ක්‍රියා කළ යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries