settings icon
share icon
ප්‍රශ්නය

මූල පාපය නම් කුමක්ද?

පිළිතුර


“මූල පාපය” යන පදය හොඳ සහ නරක දැනගැනීමේ වෘක්ෂයෙන් කෑම කරණකොටගෙන ආදම්ගේ අකීකරුකම නමැති පාපය හේතු කොටගෙන මුලු මහත් මනුෂ්‍යය වර්ගයාටම ඇතිවූ බලපෑම කෙරෙහි කටයුතු කරයි. මූල පාපය අපට අර්ථ දැක්විය හැක්කේ “ඒදන් උයනෙහි ආදම් විසින් සිදු කළ පාපයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේගේ ඇස් හමූහයෙහි අපට අයිතිව ඇති පාපය සහ එහි වරදකාරිත්වය” ලෙසයි. අප දැනුවත්ව පව් කිරීමට දැනුම් තේරුම් ඇති වයසකට පත් වන්නටත් ප්‍රථමයෙන්, මූල පාපය නම් මතවාදය අපගේ ස්වභාවයට ඇති බලපෑම සහ දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ ස්ථාවරභාවය කෙරෙහි විශේෂයෙන්ම යොමුවේ. එම බලපෑම කෙරෙහි කටයුතු කරන ප්‍රධාන මතයන් 3 ක් (තුනක්) තිබේ.

පෙලෙගියානුවාදය: මෙම මතයෙන් ප්‍රකාශ කරන්නේ, ආදම්ව අනුගමනය කළ වුන්ට පාපයේ යෙදීමට ඔහුගේ පවිටු ආදර්ශය අනුබල දීමක් කලා හැරෙන්නට, ආදම්ගේ පාපය කරණකොටගෙන ඔහුගේ පරම්පරාවෙන් පැවත එන්නන්ගේ ප්‍රාණයට කිසිඳු බලපෑමක් ඇති නොවුන බවය. මෙම මතයට අනුව, මනුෂ්‍යයා එසේ කරන්නට තෝරා ගතහොත් පව් නිරීම නවතා ගැනීමට හැකියාවක් ඔහු සතු වන බවයි. මනුෂ්‍යයා නිරපේක්ෂිත ලෙස පාපයට වහල්වී ඇත යන්න අඟවන පාඨයන් කිහිපයකටම (දෙවියන් වහන්සේගේ මැදිහත්වීමට අමතරව) සහ දෙවියන් වහන්සේගේ උපකාරය ලබා ගැනීමට සුදුස්සන් වීමට ඔහුගේ යහපත් ක්‍රියා මළ නොහොත් ඵලයක් නොවන ඒවාය, යන්නට පටහැනි ලෙස මෙම ඉගැන්වීම ක්‍රියා කරනු ලබයි (එපීස 2:1-2; මතෙව් 15:18-19; රෝම 7:23, හෙබ්‍රෙව් 6:1; 9:14).

අර්මීනියානුවාදය: අර්මිනියනුවන් විශ්වාස කරන්නේ ආදම්ගේ පාපයේ ප්‍රතිපඵලයක් ලෙසෙ මුළු මිනිස් සංහතියම පව් කිරීමට ප්‍රවණතාවයක් උරුම කරගත් බවයි. එය පොදුවේ හඳුන්වනු ලබන්නේ “පව්කාර ස්වභාවයක් ඇති” ලෙසයි. මෙම පව්කාර ස්වාභවය අපට පව් කිරීමට සලස්වන්නේ බළලකුගේ ස්වභාවය ඌට ඤාව් කීමට සලස්වන ආකාරයටයි-එය පැමිණෙන්නේ ස්වභාවිකය. මෙම මතයට අනුව මිනිසාට ස්වකීය ශක්තියෙන් පව් කිරීම නවතාලීමට නොහැක. අපට පව් කිරීම නවතාලීමට හැකි වන පිණිස දෙවියන් වහන්සේ සර්ව අනුග්‍රහයක් සියල්ලන් හටම ලබා දෙන්නේ ඒ නිසාය. අර්මීනියානුවාදයෙහි මෙම අනුග්‍රහය හඳුන්වනු ලබන්නේ “ගැළවීමට පෙර ලැබෙන්නාවූ දේව අනුග්‍රහය” ලෙසයි. මෙම මතයට අනුව, අප‍ෙග් පාපයන් හැරුණුකොට ආදම්ගේ පාපයට වගකිවයුත්තන් ලෙසට අපව නොසැලකේ. ආදම්ට අනූරූප ශෛලයකින්ම සියල්ලන්ම පව් කොට නොතිබුනත්, සියලු දෙනාම පාපයේ දඬුවම උසුලාගෙන යන්නෝය යන කාරණයට පටහැණිව මෙම ඉගැන්වීම ක්‍රියා කරයි (1 කොරින්ති 15:22; රෝම 5:12-18). එසේම ගැලවීමට පෙර ලැබෙන්නාවූ දේව අනුග්‍රහය පිළිබඳ ඉගැන්වීමද ශුද්ධ ලියවිල්ලේ නිශ්චිත ලෙස සොයා ගැනීමට නොමැත.

කැල්වින්වාදය: කැල්වීනියානු මත වාදයෙන් ප්‍රකාශ කරන්නේ, ආදම්ගේ පාපයේ ප්‍රථිඵලයක් ලෙස අපට පව්කාර ස්වභාවයක් ඇති වූවා පමණක් නොව, දඬුවම් ලැබීමට යෝග්‍ය වන තරමටම දෙවියන් වහන්සේ ඉදිරියේ සාවද්‍යතාවයකට අප භාජනය වී සිටින බවය. අප තුල මූල පාපය පිළිසිඳ ගෙන තිබීමේ (ගීතාවලිය 51:5) ප්‍රථිඵලය වන්නේ අප ඉතාමත් දුෂ්ට පව්කාර ස්වභාවය උරුමකර ගැනීම වන අතරම යෙරමියා 17:9 විස්තර කරන ආකාරයට මිනිසාගේ සිත “සියල්ලටම වඩා රැවටිලිකාරව තිබේ, ප්‍රතිකාර කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් ඇත.” ආදම් වරදකාරි තත්වයෙන් පසු වූවා පමණක් නොව ඔහු පව් කළ ‍ෙහයින් ඔහුගේ සාවද්‍යතාවය සහ දඬුවම (මරණය) අපටද හිමි වේ (රෝම 5:12; 19). ආදම්ගේ සාවද්‍යතාවය අපටද හිමිවේය යන්න දෙවියන් වහන්සේ විසින් දැකිය යුතු බවට මතයන් 2 ක් තිබේ. පළමුවැනි මතයෙන් ප්‍රකාශ කරන්නේ, ආදම්ගේ බීජය ආකාරයෙන් මනුෂ්‍යය වර්ගයා ඔහු තුළ අන්තරවූ හෙයින්, ආදම් පව් කළ විට අපද ඔහු තුල පව් කළ බවය. එම මතය, ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත ආවාවූ ලෙවී, ආබ්‍රහම් කරණකොටගෙන මෙල්කිසදෙක්ට දසයෙන් කොටස ගෙවන ලද්දේ (උත්පත්ති 14:20; හෙබ්‍රෙව් 7:4-9), ඔහු ශතවර්ශ ගණනාවක්ම පසු වන තුරුත් උපත ලබා නොසිටිය නමුත්ය යන බයිබල් ඉගැන්වීම හා අනුරූප වේ. අනෙක් ප්‍රධාන මතය නම්, ආදම් අපගේ නියෝජිතයා ලෙස සේවය කළ හෙයින්, ඔහු පව් කළ විට අපද වරදකරුවන් ලෙස පෙනී ගිය බවයි.

කැල්වීනියානු මතය දකින ආකාරයට, යම් කෙනෙකුට ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය, එනම් එම බලය හිමි වන්නේ යම් කෙනෙකු ක්‍රිස්තුස් වහන්සේ වෙතට විශ්වාසයෙන් හැරුණ හොත් පමණක් සහ කුරුසියේ අපගේ පාපයන් වෙනුවෙන් කළාවූ පව් කමා කිරීමේ පූජාව කරණකොටගෙනය. මූල පාපය පිළිබඳව කැල්වීනියානු මතය, බයිබලය හා සම්බන්ධ ඉගැන්වීම් සසඳන විට බොහෝ කොට වෙනස් නොවන්නකි. අප පෞද්ගලිකව සිදු නොකලාවූ පාපයකට වගකිව යුත්තන් ලෙස, දෙවියන් වහන්සේ අපව රඳවා ගන්නේ කෙසේද? අපගේ පව්කාර ස්වභාවය අප පිළිගෙන එයට අනුරූපව ක්‍රියා කිරීමට තෝරා ගත් කළ අපගේ මූල පාපයට වගකිව යුත්තන් ලෙස අප පත්වන බවට ව්‍යාජ අර්ථ කථනයක් ඇත. අප අපගේම පාපකාරි තත්වය පිළිබඳව පරීක්‍ෂාකර දැන ගන්නාවූ නියමිත මොහොතක් අප‍ෙග් ජීවිතයේ පැමිණෙනු ඇත. ඒ මොහෝතේදී අපගේ පව්කාර ස්වභාවය ප්‍රතික්ෂේප කොට අප පසුතැවිලි විය යුතුය. ඒ වෙනුවට අප විසින් කරනු ලබන්නේ එම පව්කාර ස්වභාවය “අනුමත කොට” එය ඇත්ත වශයෙන්ම යහපත් යැයි පැවසීමය. අපගේ පාපකාරී තත්වය අනුමත කිරීම තුලින් ඒදන් උයනේ ආදම් සහ ඒව කළ ක්‍රියා හා සමග එකඟතාවය ප්‍රකාශ කරන්නෙමු. එම පාපය අප ඒකාන්තයෙන්ම සිදු නොකල නමුත් අප ඒ පිළිබඳව වරදකාරිත්වයකින් පසු වන්නෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මූල පාපය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries