settings icon
share icon
ප්‍රශ්නය

විවෘත දේවවාදය යනු කුමක්ද?

පිළිතුර


“විවෘත දේවවාදය” එසේම “විවෘතත්වයේ දේවධර්මය” ලෙසද හඳුන්වයි. එය දෙවියන් වහන්සේ හා මිනිසාගේ නිදහස් කැමැත්ත පිළිබඳව පැහැදිලි කිරීමට උත්සහයකි. විවෘත දේවවාදයේ වාදය මෙයයි. මනුෂ්‍ය වර්ගයෝ සැබවින්ම නිදහස්, දෙවියන් වහන්සේ සැබවින්ම අනාගතය ගැන දැනගෙන සිටියා නම්, මිනිස් සංහතියට නිදහසක් නොමැතිවේ. එමනිසා දෙවියන් වහන්සේ සැබවින්ම අනාගතය ගැන සියලුදේ නොදනි. විවෘත දේවවාදය දරන්නේ අනාගතය දැන ගැනීමට නොහැකි බවය. එමනිසා දැනගැනීමට හැකි සියලු දේ දෙවියන් වහන්සේ දනී. නමුත් උන් වහන්සේ අනාගතය නොදනී.

විවෘත දේවවාදය ලියවිල්ලේ සමහර කොටස් දරයි එනම් “දෙවියන් වහන්සේ තම මනස වෙනස් කිරීම” “විශ්මපත්වීම” හෝ “දැනුම ලබා” (උත්පත්ති 6:6; 22:12; නික්මයාම 32:14; යෝනා 3:10). දෙවියන් වහන්සේගේ පිළිබඳ දැනුම ගැන කථා කරන අනෙක් ලියවිලි පාඨවලට ආලෝකයක් ලෙස මෙම ලියවිලි අප තේරුම් ගත යුතුය දෙවියන් වහන්සේ උන් වහන්සේව අපට වැටහෙන ලෙස තෝරා දෙන බවට. දෙවියන් වහන්සේ දන්නවා අපගේ ක්‍රියා හා තීරණ කුමන ලෙසද කියා. නමුත් ඔහු “උන් වහන්සේගේ මනස වෙනස් කරනවා” අපගේ ක්‍රියාවට අදාලව ඔහුගේ ක්‍රියාව නපුරු ක්‍රියා ගැන දෙවියන් වහන්සේගේ කලකිරීම ගැන බලා අපට පැවසිය නොහැක එය සිදුවන බව උන් වහන්සේ නොදැන සිටියා කියා.

විවෘත දේවවාදයට පටහැනිව, ගීතාවලිය 139:4, 16 පවසනවා, “මක්නිසාද, ස්වාමිනි ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය, ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය.” දෙවියන් වහන්සේ අනාගතය ගැන දැන නොසිටියා නම් උන් වහන්සේ කෙසේද යේසුස් වහන්සේගේ ක්‍රියා පැමිණීම පිළිබඳව පරණ ගිවිසුමේ ප්‍රකාශ කළේ? උන් වහන්සේ අපගේ අනාගත ගැලවීම ගැන කථා කරන්නේ කෙසේද උන් වහන්සේ අනාගතය ගැන දැන නොසිටියා නම්?

අවසානයේදී, විවෘත දේවවාදය පැහැදිලි කරීමට අපහසු ‍ෙදයක් පැහැදිලි කිරීමට ගොස් අසාර්ථකවේ. දෙවියන් වහන්සේගේ පෙර දැමනුම සම්බන්ධයෙන් හා මිනිසාගේ නිදහස් කැමැත්ත පිළිබඳව හරියටම කැල්වින්වාදය අසාර්ථකවූ ලෙසට ඔවුනුන් මිනිසා පෙර සැකසූ රොබෝවරු ලෙසට සලසන දෙය. එමනිසා දේවවාදය අසාර්ථක වෙනවා දෙවියන් වහන්සේගේ සැබෑ සර්වඥතා ඥානය හා රාජත්වය එපා කිරීම. දෙවියන් වහන්සේව තේරුම් ගත යුත්තේ ඇදහිල්ලෙන්, “ඇදහිල්ල නොමැතිව දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීමට නොහැක” (හෙබ්‍රෙව් 11:6අ). විවෘත දේවවාදය නම් ලියවිල්ලට එකඟ නැත. එය සීමිත මිනිසා අසීමිත දෙවියන් වහන්සේව තෝරා ගැනීමට තවත් අවස්ථාවකි. විවෘත දේවවාදය කිතුනුවන් එපා කළ යුතුය. දේවවාදය දෙවියන් වහන්සේගේ පෙර දැනුම හා මිනිසාගේ නිදහස් කැමැත්ත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි. එය බයිබලානුකුල පැහැදිලි කිරීම නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවෘත දේවවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries