settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනය විවෘත විවාහය පිළිබදව කුමක් පවසත්ද? දේව වචනය බහු විවාහ සේවනය හෝ ලිංගික ක්‍රියාවන් සදහා සහකරුවන් මාරු කිරිම පිළිබදය ආමන්ත්‍රණය කරත්ද?

පිළිතුර


විවෘත විවාහයක් සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙනුයේ එක් විවාහ සහකරුවෙකු හෝ විවාහක සහකරුවන් දෙදෙනාම විසින් එකිනෙකාට වෙනත් පුද්ගලයන් සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට අවසර දී ඇති විවාහයකි. විවෘත විවාහයන්හී ප්‍රධාන වර්ග දෙක නම් බහු විවාහ සේවනය සහ ලිංගික ක්‍රියාවන් සදහා සහකරුවන් මාරු කිරිමවේ. බහු විවාහ සේවනය නම් විවාහයෙන් පිටත චිත්ත‍වේගී ආලයන් කේන්ද්‍රකොටගත් ප්‍රේම සම්බන්ධතාවේ. ලිංගික ක්‍රියාවන් සදහා සහකරුවන් මාරු කිරිම යනු විනෝදාස්වාදය / අනියම් ලිංගිකත්වය පමණක් ඇතුළත් වීමවේ.

එසේ නොවේ, දේව වචනය කිසිඳු අවස්ථාවක බහු විවාහ සේවනය, ලිංගික ක්‍රියාවන් සදහා සහකරුවන් මාරු කිරිම හෝ විවෘත විවාහයක් පිළිබද ව්‍යක්ත අදහසක් ආමන්ත්‍රණය නොකරයි. එක් විවාහක සහකරුවෙකු අනෙක් සහකරු හෝ සහකාරිය වෙනත් පුද්ගලයන් සමග ලිංගිකව හැසිරීමට එකගතාවය පල කිරිම යන අදහස දේව වචනයට සහමුලින් ආගන්තුක වූවකි. විවාහය තුළ ලිංගිකත්වය පාරිශුද්ධව තබා ගැනීම පිළිබදව දේව වචනය සදහන් කරනු ලබයි (හෙබ්‍රව් 13:4). විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධතා පැවැත්වීම දුරාචාර සහ කාමමිථ්‍යාචාරයන් ලෙස දේව වචනය සදහන් කරයි (1 කොරින්ති 6:13, 18; 10:8; ගලාති 5:19; එපිස 5:3; කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3).

විවාහ සහකරු හෝ සහකාරිය එයට ඉඩ හරින්නේ නම්, අනුමත කරන්නේ නම් හෝ ඊට සහභාගි වන්නේ නම් බහු විවාහ සේවනයක් අනාචාරයක් ලෙස සැලකිය යුතුද යන පැණය මතුවේ. පිළිතුර නම් ඒකාර්ථකව එසේය යන්නය, එය කාමමිථ්‍යාචාරය වේ. විවාහය කුමක්ද කාමමිථ්‍යාචාරය කුමක්ද යන්න නිර්වචනය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ විසිනි. දෙවියන්වහන්සේ, උන් වහන්සේගේ වචනයෙහි විවාහයෙන් පිටත ලිංගිකත්වය කාමමිථ්‍යාචාරය ලෙස ප්‍රකාශ කර ඇති සේක (නික්මයාම 20:14). විවාහ සහකරු හෝ සහකාරිය පව් කිරීමට අවසර දීම තුළින් දෙවියන්වහන්සේගේ නීතිය නිෂ්ප්‍රභා නොවේ. දෙවියන්වහන්සේ විසින් පව්කාර ලෙස ප්‍රකාශ කර ඇති දේවල් වලට ව්‍යතිරේකයන් ඇති කිරීමට අපට බලයක් නොමැත.

පාපයන් ලෙසට දේවවචනානුකූල ප්‍රකාශන් හැරුණු කොට විවාහය දේව වචනයේ කෙසේ පවසා ඇත්ද ඒවා බහු විවාහ සේවනය සම්බන්ධතා මගින් ඉෂ්ට සම්පූර්ණ කරගත නොහැක. බහුව්ද “මාංශයන් කිහිපයක්ම” අන්තර්ගත වී ඇත්නම් විවාහක යුවලකට “එක් මාංශයක්” විය නොහැක (උත්පත්ති 2:24) විවාහක යුවලකට එකිනෙකාට සහමුලින්ම ආදරය කළ නොහැක්කේ, එම ආදරය වෙනත් පුද්ගලයන් අතර බෙදී යාමට සිදුවුවහොත්ය. ලෙන්ගතුකම අන් අයවලුන් සමග හවුලේ භුක්ති විදීනම් එය සැබෑ දැඩි ලෙන්ගතුකමක් විය නොහැක. බහු විවාහ සේවනය විවාහය නොවේ. කිසිඳු අර්ථයකින් විවාහයක්, විවාහයෙන් පිටත ලිංගික ක්‍රියාකාරකම් සදහා විවෘත නොවිය යුතුවේ.

බහු විවාහ සේවනය යථාර්තයෙන්ම “කාමතෘෂ්ණාව” වේ. එය තුළ ආදරය කිරීමට කිසිවක් නොමැත. මෙම විවාහ අවවර්තනය කිරීම “අපගේ හදවත් තුළ සැම චේතනාවක්ම අඛණ්ඩව දුෂ්ට බව” සහ දෙවියන්වහන්සේ නොමැතිව “සියලුදෙනාම තමන්ගේ දෑස් හමූවේ නිවැරදි දේ කරන බවට” තහවුරු කිරීමකි (උත්පත්ති 6:5 සහ විනිශ්චයකාරයන්ගේ පොත 21:25 බලන්න).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනය විවෘත විවාහය පිළිබදව කුමක් පවසත්ද? දේව වචනය බහු විවාහ සේවනය හෝ ලිංගික ක්‍රියාවන් සදහා සහකරුවන් මාරු කිරිම පිළිබදය ආමන්ත්‍රණය කරත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries