settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ ඒකඡාතක පුත්‍රයා යන වදනෙහි තේරුම කුමක් ද?

පිළිතුර


ඒකඡාතක පුත්‍රයා යන වදන අපට සම්බවන්නේ යොහාන් 3:16 හි, මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකඡාතක පුත්‍රයාණන්වහන්සේ දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සියළු දෙනා සදාකාල ඡීවනය ලබන පිණිසය. මෙ ම ඒකඡාතක යන නාමය පැමිණෙන්නේ මොනෝඡනස් නම් ග්‍රීක අනුවාදයෙනි. මෙම වචනය ඒක, එකම හා ඒකඡාතක යන තේරුම ගෙන දෙයි.

මෙම ඒකඡාතක යන නාමය බොහෝ පැනයන් අපට ගෙන දෙයි. අන්තවාදී ගුරුවරුන් බොහෝ මෙම ඒකඡාතක යන නාමය සිය වැරදි ඉගැන්වීම් වලට භාවිත කරනු ලබයි. පියාණන්වහන්සේගේ උරුමය ලැබිය යුතු පුත්‍රයා යේසුස් වහන්සේ නොවන බව මෙම ඉගැන්වීම් වල අරුතයි. මෙහි සැබෑ අරුත නම් යේසුස්වහන්සේට පළමුව උපත ලද් කෙනෙකු සිය ඒකඡාතක පුත්‍රකම ලද් බවයි. මෙහි අපට නොවැටහෙන කාරණය නම් ඒකඡාතක යන නමෙහි තේරුම ඉංග්‍රීසි බසින් පැවත ඒමයි. එබැවින් අප සැමවිටම එහි සැබෑ අරුත නම් තේරුම් ගත යුතුය.

ග්‍රීක-ඉංග්‍රීසි අනුවාදය හා කිතුනු අනුවාදයන් අනුව මොනෝඡනස් යන නමෙහි තේරුම් දෙකක් ඇත. එහි පළමු තේරුම නම් යම්කිසි සබඳතාවයක තිබෙන්නාවු කුළුදුල් ඵලයයි. මෙම තේරුම අපට පැහැදිලිව පෙනෙන්නේ හෙබ්‍රව් 11:17, මෙහි ආබ්‍රහම් සිය පුත්‍රයා වන ඊසාක්ව සිය ඒකඡාතක පුත්‍රයා ලෙස හඳුන්වනු ලබයි. අබ්‍රහම්ට බොහෝ පුතුන් සිටි නුමුත් සාරාගෙන් ලැබුණු හා පොරොන්දුවේ පුත්‍රයා ඊසාක්ය.

දෙවන තේරුම නම් තම වර්ගයේ විශේෂවූ කෙනෙක් වීමයි, එම වර්ගයේ ඉදිරියට ගෙන යාමයි. මෙම වදන් පෙළ යොහාන් තුමා විසින් සිය අළුත් ගිවිසුම් ඉගැන්වීම් වලදී භාවිත කරන ලදී. (යොහාන් 3:16, යොහාන් 1:14,18,1 යොහාන් 4:9) යොහාන්ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ යේසුස් වහන්සේව පියාණන්වහන්සේගේ පුත්‍රයා ලෙස පෙන්වීමයි. (යොහාන් 20:31) හා යේසුස්වහන්සේව බොහෝ ලෙස කැපී පෙනෙන්නට යොහාන් සිය වවන භාවිත කරනු ලැබුවා. ඒ තුළින් අපටද උන්වහන්සේ කෙරෙහි අදහාගැනීමට හැකියාව ලැබුණි.

අවසාන වශයෙන් සාරාංශයක් ලෙස ගත් කළ සැබෑ පිය පුතු සබඳතාවය අපට මනාව පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්වහන්සේ කරණකොටගෙන පෙනේ. කෙසේ වූවත් යොහෝවා සාක්ශිකාරයන් හට මෙම සබඳතාවය තේරුම් ගැනීමට නොහැකි ව සිටින අතර ඔවුන් සැමවිට විශ්වාස කරන්නේ පියාණන් වහන්සේගෙන් නොවන දෙයක් බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ ඒකඡාතක පුත්‍රයා යන වදනෙහි තේරුම කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries