settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ දී ලොව පුරා පවතින එකම ලබ්ධිය කුමක් විය හැකිද?

පිළිතුර


එලිදරව් 17:1-18 පද මගින් එම එකම ලබ්ධිය "මහත් වෛශ්‍යාවිය" ලෙස හදුන්වා ඇති අතර, එය අවසාන කාලයේ සිදු විය හැකි සිද්ධින් සම්බන්ධව පරිදර්ශනයේ කොටසක් විය හැකිය. වෛශ්‍යවිය යන වචනය පැරණි ගිවිසුමට අයත් පොත් මගින් භාවිතා කර ඇත්තේ ව්‍යාජ ලබ්ධීන් වල රූපාලංකාරය ස!දහාය. ලබ්ධින් වල නියම ස්වභාවය සහ සැකසුම සම්භන්ධව ශත වර්ෂ ගණනාවක් පුරාම නොයෙක් වාද විවාද පැවති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දේව වචනය විචාරකයන් සහ දේව ධර්මාචාරින් අතර ඒ ගැන විවිධ මත ඇතිවිය. එම ලබ්ධි විය හැකකේ කතෝලික වාදය, ඉස්ලාම් වාදය, නව යුගයේ සංවිධානය හෝ තවම සොයා නොගත් සමහර ලබ්ධි ක්‍රම මෙන්ම අන්තර්ජාලය සැරිසැරීමේ දී සොයා ගන්නා තවත් බොහෝ සිද්ධාන්ත විය හැත. දැනට පවතින විවිධ ලබ්ධින්, නිකායන් සහ න්‍යායයන් ආදින්ගේ එකතුවෙන්, ව්‍යාජ ශා්‍රස්තෘවරයකු යටතේ ලොව පුරා යම්කිසි එකම ලබ්ධියක්, අවසාන කාලයේ දී ඇති වන බවට සැකයක් නොමැත.

එලිදරව් 17:1-18 මගින් ලොව පුරා එකම ලබ්ධියක ලක්‍ෂණ ගැන පෙන්වා දී ඇත. මෙම ව්‍යාජ ලබ්ධිය මෙම පොලොව මත ඇති "සියඵම මනුෂ්‍ය වර්ගයා ද, ජනතාවද රාජ්‍යයන්ද සහ භාෂාවන්" සියල්ලම තම බලයට ග්‍රහණය කර ගන්නා බව 15 පදයේ සදහන් වේ. එයින් අදහස් වනුයේ නිසැකවම අවසාන කාලයේ මෙලොව පාලනය කරන ව්‍යාජ ක්‍රිස්තුවරුන් විසින් එම ලබ්ධියට ජාත්‍යාන්තර පිලිගැනීමක් ලබා දෙන බවය. එසේම පද 2-3 හි විස්තර කර ඇති අන්දමට එම වෛශ්‍යාවිය "පොලොවේ රජවරු" සමග අනාචාර ලෙෂ හැසිරෙමින් එම ව්‍යාජ ලබ්ධියේ බලපෑම ලෝකයේ නායකයන් සහ මනුෂ්‍යයන් වෙතද ලබා දෙන බවය. "ඇයගේ වේශ්‍යාකම් නැමැති මිදියුෂ මගින් මුසපත් වීමෙන්" යනුවෙන් අදහස් වනුයේ, එම ලබ්ධියේ ව්‍යාජ දෙවිවරුන්ට නමස්කාර කිරිමෙන් ලැබෙන බලය තුල කිදාබැසගත් අය ගැනය, මන්ද යත්, සාතන් හැම විටම තම ග්‍රහණයට අසුකර ගන්නේ බල ලෝභින්ය. මෙම ව්‍යාජ ලබ්ධි මගින් සිදු කරන ව්‍යාජ සන්ධානය හේතු කොට ගෙන මිට ප්‍රථම නොතිබු ලෙස සභාවන් සහ රජයන් එකමුතු කරනු ඇත.

පද 6 මගින් විස්තර කරනුයේ එම වෛශ්‍යාව "සැදැහැවතුන්ගේ රුධිරයෙන්" සහ යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරණ අයගේ රුධිරයෙන් ද මත් වී සිටින බවය. පිඩා කාලවලදි ඇදහිලිවතුන් ඝාතනයට ලක් කිරීම ව්‍යාජ ක්‍රිස්තුස්ගේ සැලසුමේ කොටසකි. (එලිදරව් 6:9) මෙම ව්‍යාජ ලබ්ධිය ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනාගේ හිස ගසා දමනු ලබති (එලිදරව් 20:4) එසේම ව්‍යාජ ක්‍රිස්තුගේ සලකුණ පීලිගෙන ඔහුට නමස්කාර නොකරන අයට කිසිවක් මිලදී ගැන්මට හෝ විකිණිමට නොහැකි වීමෙන් ඔවුන්ට ජීවත් වීමට ඉතා දුෂ්කර වනු ඇත (එලිදරව් 13:16–17).

අවසානයේ දී වෛශ්‍යාවට ව්‍යාජ ක්‍රිස්තුස්ගේ අනුග්‍රහය අහිමි වනු ඇත. ඊට හේතු වන්නේ මුඵ ලෝක ජනතාවම තමාට නමස්කාර කරනු ලැබීම ව්‍යාජ ක්‍රිස්තුස් බලාපොරොත්තු වන බැවිනි. ව්‍යාජ ලබ්ධි වල ශාස්තෘවරු කොතරම් යටත් පහත් අය වුවද, ලෝක ජනතාවගේ භක්ත්‍යාදරය ඔවුන් සමග බෙදා ගැනීමට ව්‍යාජ ක්‍රිස්තුස් කැමති නැත. තමාගේ මරණින් පුදුමාකාර ලෙස නැගිට ඔහු ලෝක ජනතාවගේ අවධානය තමා වෙත යොමුකරගත් පසුව, ව්‍යාජ ලබ්ධි වලට එරෙහි වී ඒවා විනාශ කර , තමා දෙවියන්වහන්සේ ලෙස ස්ථාපනය වනු ඇත. එම කාලයේ දී රැවටීම කොතරම් ප්‍රබල වනු ඇද්ද යත්, තෝරාගත්තාවුවන් පවා ඔහුගේ ග්‍රහණයට අසු විය හැකි බව යේසුස් වහන්සේ අපට පවසා ඇත (මතෙව් 24:24).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ දී ලොව පුරා පවතින එකම ලබ්ධිය කුමක් විය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries