settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ එක් ලෝක ආණ්ඩුවක්, එක් ලෝක මුදල් වර්ගයක් පිළිබදව දේව වචනය අනාවැකි පල කරන්නේද?

පිළිතුර


අවසාන කාලය පිළිබදව සදහන් කිරීමේදී දේව වචනයෙහි "එක් ලෝක ආණ්ඩුවක්" හෝ "එක් ලෝක මුදල් වර්ගයක්" යන වාක්‍ය ඛණ්ඩයන් භාවිතා කරනු නොලබයි. කෙසේ නමුත් අවසාන කාල වකවානුයේ අන්ත ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ මේ දෙආකාරයම පවතිනු ඇතැයි නිගමනය කිරීම සදහා එය ප්‍රමාණවත් සාක්ෂ්‍යය සපයයි.

එළිදරව් පොත තුළින් තමාට ලබා දුන් අනාගතවාචක දර්ශනය කරණකොටගෙන අපෝස්තුළු වූ යොහාන් විසින් දකිනු ලබන්නේ අන්ත ක්‍රිස්තුස් ලෙසද හඳුන්වනු ලබන "මෘගයා" මුහුදෙන් මතු වන අයුරුය. මෙම මෘගයාට හිස් සතක්ද අං දසයක්ද තිබිණි (එළිදරව් 13:1). මෙම දර්ශනය දානියෙල්ගේ ඊට අනුරූප දර්ශනය (දානියෙල් 7:16-24) හා සමග සංයෝජනය කිරීමේදී අපට නිගමනය කළ හැක්කේ යම් ආකාරයක ලෝක දේශපාලන ක්‍රමයක් මෘගයා විසින් අරඹා ඇති බවත් රජවරුන් දස දෙනාගෙන් තිදෙනෙකු පරදවා කිතුණුවන්ට විරුද්ධව යුද්ධ කරනු ලබන ඉතා ප්‍රබලම "අඟද" ඌ වනු ඇති බවත්ය. දානියෙල් 2:41-42 හී දානියෙල්ගේ ප්‍රතිමාව පිළිබද චිත්ත රූපයෙන් දස ජාතී සංයුක්තයක්ද දක්නට ලැබේ. මෙම දර්ශනය තුළ ප්‍රතිමාවෙහි පාගිළි දසයෙන් නියෝජනය වන ඒකක දසයකින් සමන්විත වන අවසාන ලෝක ආණ්ඩුවක් පිළිබදවද කියැවේ. දසදෙනා කව්රුන් වුවත් ඔවුන් කුමන ආකාරයකින් බලයට පැමුණුත් මෘගයා ඔවුන් අතරින් බලයට පැමිණ ඔවුන් අතර අතර වඩාත් කැපී පෙනෙන රජුන් බවට පත්වන බව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලි සදහන්වේ. අවසානයේදී අනෙකුත් රජවරු ඔහුගේ ලංසු තැබීම කරනු ඇත.

මෙම දැවැන්ත අධිරාජ්‍යයේ පාලකයා පිළිබදව යොහාන් විස්තර කරනු ලබන්නේ සාතන් විසින්ම ඔහුට දී ඇති බලය සහ මහත් ආධිපත්‍යය පිළිබදවය (එළිදරව් 13:2). ඔහුට "මුළු ලෝකයෙන්ම" නමස්කාර ලැබෙන අතර (13:3-4) "සෑම ගෝත්‍රයක්ම, මනුෂ්‍යයෙක්ම, භාෂාවක්ම සහ ජාතියක්ම" කෙරෙහි ආධිපත්‍යයක් ඇත (13:7). මෙම පුද්ගලයා අනෙකුත් සියලූම ආණ්ඩු වලට වඩා ශ්‍රේෂ්ඨ යයි හඳුනාගෙන ඇති එක් ලෝක ආණ්ඩුවේ නායකයා ලෙස මෙම විස්තරය කරණකොටගෙන උපකල්පනය කිරීම තර්කානුකූලවේ. වර්මානයේ බලයේ සිටින්නාවූ නානාප්‍රකාර ආණ්ඩු කැමැත්තෙන්ම තනි පාලකයෙකු පාලනයට පත් කරගනු ලබන්නේ කෙසේද යන්න සිතීම දුෂ්කර වන අතර මෙම විෂය පිළිබද බොහෝ න්‍යයායන්ද ඇත. එහි එක් අදහසක් නම් එළිදරව් පොතෙහි මුද්‍රා සහ හොරණෑ විනිශ්චයන් ලෙස විස්තර කර ඇති ව්‍යසන සහ වසංගත (6-11 පරිච්ඡේද) බොහෝ විනාශකාරී වනු ඇති අතර සහනයක් ලබා දෙන බවට පොරොන්දු වන ඕනෑම අයෙකු වැළදගන්නා තරම් අනුස්මරණ ගෝලීය අර්බුදයක් නිර්මාණය කරනු ඇත.

බලයට මුල් බැස ගත් පසු මෘගයා (අන්ත ක්‍රිස්තුස්) සහ ඔහු පිටුපස ඇති බලය (සාතන්) මේ පොළොවේ සිටින සියලූ ජනතාව කෙරෙහි නිරපේක්ෂ පාලනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගනු ඇත. ඔවුන්ගේ සැබෑ අවසානය නම් සාතන්ව ස්වර්ගයෙන් පහලට හෙලනු ලැබූ මොහොතේ සිට ඔහු විසින් ලබා ගැනීමට උත්සාහ දැරූ නමස්කාරය ලබා ගැනීමය (යෙසායා 14:12-14). ඔවුන් මෙය ඉෂ්ට සම්පූර්ණ කරගනු ලබන එක් ක්‍රමයක් වන්නේ සියලූ වෙළහෙළදාම් පාලනය කිරීම තුළිනි. එහිදී එක් ලෝක මුදල් වර්ගයක් පිළිබද අදහස ඇතුළුවේ. එළිදරව් 13:16-17 හී විස්තර කරනු ලබන්නේ මිලදී ගැනීමට සහ විකිණීමට අවශ්‍යය වන යම් ආකාරයක සාතන්ගේ සලකුණක් පිළිබදවය. මෙම සලකුණ ප්‍රතික්ෂේප කරනු ලබන යම් කෙනෙකු වේද එම පුද්ගලයාට ආහාර ද්‍රව්‍යය, ඇඳුම් පැළඳුම් හෝ වෙනත් අවශ්‍යයතා කිසිවක් මිලදී ගැනීමට නොහැකිවේ. මේ ලෝකයේ අතිමහත් බහුතරය නොනැසී පැවතීම පිණිස මෙම සළකුණ ලබා ගනු ලබන බවට කිසිඳු සැකයක් නොමැත. 16 වන පදයෙහි පැහැදිලි කරනු ලබන්නේ මෙය විශ්වීය ක්‍රමයක් වන අතර ධනවත් සහ දිළිඳු අය මෙන්ම බලවත් සහ කුඩා අය යන සියල්ලන්ම ඔවුන්ගේ අතෙහි හෝ නළලෙහි මෙම සළකුණ දරනු ඇති බවය. මෙම සළකුණ තත්වාකාරයෙන්ම අනුබන්ධනය වන්නේ කෙසේද යන්න පිළිබදව විශාල සමපේක්ෂණයක් ඇති නමුත් වර්තමාන තාක්ෂණයට එය ඉතා පහසුවෙන් ඉටු කර ගත හැකිවේ.

සභාව ඔසවා ගැනීමෙන් අනතුරුව ඉතිරි වී සිටින අයට අතීශය වේදනාකාරී තීරණයකට මුහුණ දීමට සිදුවේ – එනම් සාගින්නෙන් හෝ අන්ත ක්‍රිස්තුස් සහ ඔහුගේ අනුගාමිකයන්ගේ දරුණු හිංසනයන්ගෙන් නොනැසී පැවතීමට හෝ මුහුණ දීමට මෘගයාගේ සළකුණ පිළිගැනීමය. එනමුත් මේ කාල වකවානුව තුළ ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්නාවූ බැටළු පැටවාගේ ජීවන පොතෙහි නම් සදහන් වන අයව (එළිදරව් 13:8), විඳ දරාගැනීමට හෝ වේද සාක්ෂිකයක් ලෙස දිවී පිදීමට තෝරා ගනු ලබති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ එක් ලෝක ආණ්ඩුවක්, එක් ලෝක මුදල් වර්ගයක් පිළිබදව දේව වචනය අනාවැකි පල කරන්නේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries