settings icon
share icon
ප්‍රශ්නය

දේව දූතයන්ගෙන් තුනෙන් එකක් දෙනා ලූසිෆර් හා සමග පහතට හෙලනු ලැබූවෝද?

පිළිතුර


"දේව දූතයන්ගෙන් තුනෙන් එකක් දෙනා ස්වර්ගයෙන් පහතට හෙලනු ලැබූ" බව ප්‍රකාශ කරන කිසිදු පදයක් දේව වචනයේ සදහන් නොවන අතර සමහර පද එකට එකතු කළ විට එම නිගමනයට අපව ගෙන යයි. ඔවුන් මැවීමෙන් ටික කලකට පසුව සියල්ල "ඉතා යහපත්" යයි ප්‍රකාශ කළ සයවෙනි දවසට පසුව (උත්පත්ති 1:31) සාතන්ගේ කැරලි ගැසීම හේතුකොටගෙන ස්වර්ගයෙන් නෙරපා දමනු ලැබීය. "දීප්තිමත් පහන් තාරකාව, අලූයම් පුත්‍රය, ඔබ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළා දැමුවාවූ ඔබ බිමට සිද දමනු ලැබූ හැටි!" (යෙසායා 14:12). යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි" (ලුක් 10:18). එළිදරව් පොතෙහි සාතන්ව දක්නට ලැබෙනුයේ "අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබුණා දුටිමි"(එළිදරව් 9:1).

තවද අපට ප්‍රකාශ කර ඇත්තේ "ගණන් නැති දේව දූත සේනා" වන්ගෙන් (හෙබ්‍රෙව් 12:22) තුනෙන් එකක් දෙනා සාතන් හා සමග කැරලි ගැසීමට තෝරාගත් බවය. යොහාන් මේ බලවත් ආශ්චර්‍යය ස්වර්ගයේදී දුටවේය. "මහත් රතු සර්පයෙක් විය. ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් එකක් ඇද ඒවා පොළොවට හෙලුවේය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන් යයි කියන ලද මහා සර්පයා නමැති පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය" (එළිදරව් 12:3-9).

සාතන්ව හඳුන්වනු ලබන්නේ පොළොවට වැටුණු හෝ පහතට හෙළනු ලැබූ තාරකාවක් ලෙසටය. එසේම එළදරව් 12:4 හී ප්‍රකාශ කරනු ලබන්නේ තාරකාවන්ගෙන් තුනෙන් එකක් දෙනා ඔහු සමගම පහතට හෙළනු ලැබූ බවය. එවිට නිගමනය වන්නේ එළදරව් 12 හී සදහන් වන තාරකා වැටුණාවූ දූතයන්ට එනම් සම්පූර්ණ ස්වර්ගික සේනාවෙන් තුනෙන් එකක් දෙනාට සමාන වන බවය. තුනෙන් එකක් යන සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම නිරවද්‍ය නම් එය කුමන සහතිකයක්ද දේව දූතයන්ගෙන් තුනෙන් දෙකක පිරිසක් තවමත් දෙවියන් වහන්සේගේ පාර්ශවයේ සිටින අතර ක්‍රිස්තු අනුගාමිකයන් සදහා ඔවුන්ද අපගේ පාර්ශවයේද සිටිති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව දූතයන්ගෙන් තුනෙන් එකක් දෙනා ලූසිෆර් හා සමග පහතට හෙලනු ලැබූවෝද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries