settings icon
share icon
ප්‍රශ්නය

මම තෝරා ගත් අයගෙන් කෙනෙක් දැයි දැනගන්නේ කෙසේද?

පිළිතුර


ගැලවීම සම්බන්ධයෙන් තෝරා ගැනීම යනු කුමක්ද යන්න පිලිබඳව බොහෝ අදහස් තිබුණද, ඇදහිලිවන්තයන් තෝරා පත් කරගැනීම විවාදයෙන් තොරය. (රෝම 8:29-30, එපීස 1: 4-5, 11:1, 1 තෙසලෝනික 1:40). සරලව කිවහොත් තෝරා ගැනීමේ මූලධර්මය නම් දෙවියන් වහන්සේම ගැලවීම ලැබිය යුතු අය තෝරා ගැනීම / තීරණය කිරීම / තෝරා පත් කරගැනීම කලින්ම නියම කරගනු ලැබේ. තෝරා ගැනිම ක්‍රියාත්මකවනආකාරය මෙම විෂය පථයට අයත් නොවේ. ඒ වෙනුවට ප්‍රශ්ණය වන්නේ "මම තෝරා ගත් අයෙක් දැයි දැන ගන්නේ කෙසේද?" පිළිතුර අතීශයින්ම සරලය. විශ්වාස කරන්න.

තෝරා පත් කරනොගත් හා තෝරා නොගත් අයගේ තත්වය පිළිබඳ බයිබලය කොතැනකවත් අපට උපදෙස් දී නැත. ඇදහිල්ල කරණකොටගෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ගැලවුම්කරු ලෙස පිළිගැනිමට දෙවියන් වහන්සේ අපට ආරාධනා කරයි (යොහාන් 3:16, එපීස 2:8-9). ගැළවීම සඳහා යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහනසේව පමණක් විශ්වාස කරන්නේ නම්, එම පුද්ගලයා තෝරා ගත් අයගෙන් කෙනෙකි. විශ්වාසය තෝරා ගැනීමට සුරක්ෂිතද, නැතහොත් තෝරා ගැනීම විශ්වාසයට හේතු වේද යන්න එයතවත් විවාදයකි. එහෙත් විශ්වාසය යනු තෝරා ගැනීම පිළිබඳ සාක්ෂියකි. දෙවියන් වහන්සේ ඔහු / ඇය ඇද ගන්නා තුරු කිසිවෙකුට යේසුස් වහන්සේව ගැලවුම්කරු ලෙස පිළිගැනීමට නොහැකිය (යොහාන් 6:44). දෙවියන් වහන්සේ කළින් නියම කළ / තෝරා ගත් අය කැඳවයි / ඇදගනී (රෝම 8:29-30). දිව්‍යමය තෝරා ගැනීමකින් තොරව ඇදහිල්ල සුරුකිය නොහැක. එබැවින් විශ්වාසය සුරුකීම තෝරා ගැනිමට සාක්ෂියක්.

ගැලවීම ලැබීමට කැමති නමුත් තේරී පත් වූ අයෙකු නොවීම නිසා එයකළ නොහැකිවීම යන අදහස බයිබලයට සැබවින්ම නුපුරුදු / ආගන්තුක ය. කිසිවෙකු දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම තමන්ගේ අභිමතය පරිදි සොයන්නේ නැත (රෝම 3:10-18). ක්‍රිස්තුස් වහන්සේ නොමැති අය ඔවුන්ගේ ගැලවීමේ අවශ්‍යතාවය ගැන අන්ධව සිටිති. (2 කොරින්ති 4:4). මෙය වෙනස් වන්නේ දෙවියන් වහන්සේ පුද්ගලයෙකු තමා වෙතට ඇද ගැනීමට පටන්ගත් විට පමණි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන ගැළවුම්කරුවාගේ අවශ්‍යතාවය පිළිබඳ දෑස් විවරකර මනස ආලෝකමත් කරන්නේ දෙවියන් වහන්සේය. දෙවියන්වහන්සේ විසින් පුද්ගලයෙකුට පසුතැවීම නොදෙන්නේ නම් (පාපය පිළිබඳ සිත වෙනස් කර ගැලවීමේ අවශ්‍යතාවය) මනුෂ්‍යයෙකුට පසුතැවීමට නුපුළුවන (ක්‍රියා 11:18). එම නිසා, දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ඔබ තේරුම් ගන්නේ නම්, ඒ සඳහා ඔබගේ අවශ්‍යතාවය හදුනාගෙන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ගැලවුම්කරු ලෙස පිළිගැනීමට බල කෙරේ නම් විශ්වාස කරන්න. එවිට ඔබ ගැලවීම ලබයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔබගේ ගැලවුම්කරු ලෙස ඔබ පිළිගෙන තිබේ නම්, ගැළවීම සඳහා උන්වන්සේව පමණක් විශ්වාස කර, උන්වහන්සේගේ පූජාව ඔබගේ පව් සඳහා සම්පූර්ණ ගෙවීම යයි විශ්වාස කරයි නම්, සුබ පැතුම්... ඔබ තෝරා ගත් අයෙකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම තෝරා ගත් අයගෙන් කෙනෙක් දැයි දැනගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries