settings icon
share icon
ප්‍රශ්නය

වරක් ගැලවීම සැමදා ගැලවීමයි?

පිළිතුර


පුද්ගලයෙකු වරක් ගැලවීම ලැබුයේ නම් ඔහු සැමදා (සදහටම) ගැලවීම ලබනවාද? මිනිසුන් තමන්ගේ පුද්ගලික ගැලවුම්කරු ලෙස යේසුස් වහන්සේව පිළිගත් විට ඔවුන් දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයකට පත්වන අතර, මේ මගින් ඔවුන්ට ඔවුන්ගේ ගැලවීම සදාතනික ලෙස සුරක්‍ෂිත වන බවට ඇපයක් ලැබෙනවා. ශුද්ධ ලියවිල්ලේ කොටස් ගණනාවකින් මේ කරුණු ප්‍රකාශ කරනවා.

(අ) රෝම 8 : 30 ප්‍රකාශ කරනවා, “පූර්වයෙන් නියම කළවුන් උන් වහන්සේ කැඳවා ගත් සේක. කැඳවාගත්තවුන් උන් වහන්සේ ධර්මිෂ්ඨ කළ සේක. ධර්මිෂ්ඨ කළ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවු සේක.” මෙම පද වලින් කියවෙන පරිදි උන් වහන්සේ අපිව තෝරා ගත් මොහෙතේ පටන්, අපව ස්වර්ගයේදී උන් වහන්සේ ඉදිරියේ මහිමයට පත් කරනු ලබනවා. එසේ හෙයින් ඇදහිලිවන්තයකු මෙසේ එක දිනක උන් වහන්සේ ඉදිරියේ මහිමයට පත් වීම වැලැක්වීමට කිසිවකුට නොහැකිය. මන්ද එය දෙවියන් වහන්සේ දැනටමත් ස්වර්ගයේ ක්‍රියාත්මක කර ඇති නිසාය. වරක් පුද්ගලයෙකු වරදින් නිදහස් කළ විට ඔහුගේ ගැලවීම සහතික වේ. ඔහු දැනටමත් ස්වර්ගයේ මහිමයට පත් වූවාක් මෙන් සුරක්‍ෂිතය.

(ආ) පාවුල් තුමා රෝම 8 : 33-34 හි තදබල ප්‍රශ්න දෙකක් අසනවා, “දෙවියන් වහන්සේගේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨ කරන්නේ දෙවියන් වහන්සේය; වරදට පත්කරන්නේ කවුද? මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස් වහන්සේය.” දෙවියන් වහන්සෙගේ තෝරාගත් අයට විරුද්ධව පැමිණිලි කළ හැක්කේ කාටද? මන්ද යේසුස් වහන්සේ අපේ අධිනීතිඥයා. අප වරදට පත් කළ හැක්කේ කාටද? කිසිවකුට නොහැකිය, මන්ද යේසුස් වහන්සේ අප වෙනුවෙන් මැරුණාවූ අය තමා වරදට පත් කරගත් නිසාය. අපිට අපේ අධිනීතිඥයාත්, විනිශ්චයකරුවත් ලෙස අපේ ගැලවුම්කාරයා සිටිනවා.

(ඇ) ඇදහිලිවන්තයන් නැවත උත්පත්තිය ලබනවා (නව ජීවිතයක්) ඔවුන් ඇදහිමට පත්වූ විට (යොහන් 3 : 3; තීතස් 3 : 5). කිතුණුවකුට තම ගැලවීම අහිමි වීමට නම් ඔහු හිතුවක්කාර ලෙස වැරදි හෝ නරක කළ යුතුය. නැවත උත්පත්තිය ආපසු ගැනීමට හැකි බව ශුද්ධ බයිබලයේ කොතැනකවත් සඳහන් වී නොමැත.

(ඈ) ශුද්ධාත්මයාණන් වහන්සේ ඇදහිලිවතුන් සමඟ නැවතී සිටින සේක (යොහන් 14 : 17; රෝම 8 : 9) සහ සෑම ඇදහිලිවන්තයෙකුම යේසුස් වහන්සේගේ ශරීරය තුළ බව්තිස්ම කරනු ලබනවා (1 කොරින්ති 12 : 13). ඇදහිලිවන්තයකුට ගැලවීම නොලබන්නට නම් ඔහු යේසුස් වහන්සේගේ ශරීරයෙන් වෙන් කරනු ලැබිය යුතුය.

(ඉ) යොහන් 3 : 15 දක්වා ඇති පරිදි යේසුස් වහන්සේ තුළ අදහන සැමදෙනාම “සදාකාල ජීවනය” ලබා ගන්නේය. ඔබ අද යේසුස් වහන්සේව අදහාගෙන, සදාකාල ජීවනය ලබාගෙන, එය හෙට දිනදී අහිමි වෙනවා නම්, එය කිසිසේත් කිසි ලෙසකත් සදාතනික නැත. තවද ඔබට ගැලවීම අහිමි වෙනවා නම් ශුද්ධ බයිබලයේ සඳහන් සදාතනික පොරොන්දු වැරදි වෙනවා.

(ඊ) මම හිතන හැටියට ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඉතාමත් තීරණාත්මක තර්කය නම් “මක්නිසාද මරණයටවත්, ජීවනයටචත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රම වලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇත්තාවු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නට නොහැකිවන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි” (රෝම 8 : 38-39). මෙය ඔබව ගලවාගත්තාවූ දෙවියන් වහන්සේම ඔබච ආරක්‍ෂා කරන දෙවියන් වහන්සේ බව අමතක නොකරන්න. එක් වරක් අප ගැලවීම ලැබුවහොත් ඇත්ත වශයෙන්ම ස්ථීරවම සුරක්‍ෂිතය!

English



නැවතත් සිංහල මුල් පිටුවට

වරක් ගැලවීම සැමදා ගැලවීමයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries