settings icon
share icon
ප්‍රශ්නය

පැරණි ගිවිසුම සමිබන්ධ දේව ධර්මය යනු කුමක්ද?

පිළිතුර


පැරණි ගිවිසුම සම්බන්ධ දේව ධර්මය යනු දෙවියන්වහන්සේ තමන්වහන්සේ ගැන පැරණි ගිවිසුම මගින් එළිදරව් කර ඇති කරණු අධ්‍යයනය කිරීමවේ. පැරණි ගිවිසුම සම්බන්ධ දේව ධර්මය යන ක්‍රමය මගින් පැරණි ගිවිසුමේ පොත් මගින් උගන්වන දෙවියන්වහන්සේ පිළිබද සත්‍යය කරුණු වඩා විධිමත් අයුරින් ඉදිරිපත් කරනු ලැබේ. දෙවියන්වහන්සේ තමන්වහන්සේ ගැන එළිදරව් කිරීම උත්පත්ති 1:1 මගින් ආරම්භ කරන සේක. "ආරමිභයේදී දෙවියන්වහන්සේ අහසත් පොළවත් මැවූ සේක." දෙවියන්වහන්සේ ගැන පූර්ව කල්පනාව සහ උන්වහන්සේගේ නිර්මාණාත්මක ක්‍රියා සියලූම සැදැහැවතුන් විශ්වාසයෙන් පිළිගන්නා අතර එම කරුණ දේව වචනයේ උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වාම අවධාරණය කොට ඇත.

පැරණි ගිවිසුම සම්බන්ධ දේව ධර්මය වූ කලී දෙවියන්වහන්සේගේ ස්වභාවය, ගුණාංග යනාදිය පැරණි ගිවිසුම මගින් අනාවරණය කළ කරුණු පිළිබද වටිනා මෙන්ම ප්‍රතිලාභ සහිත අධ්‍යයනයකි. දෙවියන්වහන්සේගේ යුදෙව් ජනතාව සමග ඇති කරගත් සම්බන්ධතාවය පැරණි ගිවිසුම මගින් පිළිඹ්බු වන අතර එය ආරම්භ වනුයේ උත්පත්ති 12 සදහන් පරිදි උන්වහන්සේ ආබ්‍රහම් කැදවීම මගිනි. උන්වහන්සේ ජනතාව තෝරා ගෙන ඔවුන් සමග ගිවිසුමකට එළඹී තමන්වහන්සේගේ පණිවුඩය ලොවට ලබා දීම සහ අපගේ පව් වලින් මුදා ගැනීම සදහා මෙසියස්වහන්සේ මෙළොවට කැදවූ සේක. යුදෙව් ජනතාව සමග එතුමාගේ සම්බන්ධතාවය මගින් උන්වහන්සේ මුළු ලොවටම ආශිර්වාද කළ සේක. දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ ප්‍රගතිශීලී එළිදරව්වීම, පැරණි ගිවිසුමේ වංශාවලිය මගින් විශේෂයෙන් උන්වහන්සේ තෝරාගත් ජනතාවට එමෙන්ම අන්‍යය ජාතීන්ට පෙන්වා දෙන අතර එසේ කරනුයේ උන්වහන්සේ කවිරුන්දැයි සහ මෙලොව උන්වහන්සේගේ සැළැස්ම පිළිබද අප දැනුවත් වනු සදහාය. පැරණි ගිවිසුමේ හදවතේ මුල් බැස ගෙන ඇත්තේ දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇතිවූ ගිවිසුමය. එහි පළමු ගිවිසුම ඇතිවූයේ ආදම් සමග වන අතර අනෙකුත් ගිවිසුම් ඇති වූයේ ආබ්‍රහම්, ඉශ්‍රායෙල් ජාතිය සහ දාවිත් සමගය.

දෙවියන්වහන්සේ පිළිබද වටහා ගැනීම පිණිස සහ මෙලොව උන්වහන්සේගේ කාර්‍යයභාරය තේරුම් ගැනීම සදහා පැරණි ගිවිසුම සම්බන්ධ දේව ධර්මය අඩිතාලමක්වේ. වන්දි ගෙවා නිදහස්වීමේ ආදේශකය, විමුක්තිය, තෝරා ගැනීම, ශුද්ධවන්තකම, දයාව, විනිශ්චය සහ කමාවිමේ ගතිය යන ගුණාංග වල බීජයන් සියල්ලම පැරණි ගිවිසුමෙන් හමුවේ. පැරණි ගිවිසුම සම්බන්ධ දේව ධර්මය අධ්‍යයනය කිරීමේදී දේව ධර්මය නිවැරදි ලෙස දැනුවත්වීම, මානව විද්‍යාව, මරණය සහ අවසන් ඉරණම ආදී වෙනත් වැදගත් මාතෘකා ඇතුළත්වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පැරණි ගිවිසුම සමිබන්ධ දේව ධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries