settings icon
share icon
ප්‍රශ්නය

පැරණි ගිවිසුමේ ඇදහිලිවන්තයන් මිය ගිය විට යනු ලැබුවේ කොතැනටද?

පිළිතුර


පැරණි ගිවිසුම මරණින් පසුව ජීවිතය පිළිබදව උගන්වනු ලබන අතර සියලූම මනුෂ්‍යයන් ශෙයෝලය නම්වූ සචේතනික පැවැත්මක් ඇති ස්ථානයකට යනු ලැබූහ. එහි දුෂ්ටයන් සිටිනු ලැබූහ (ගීතාවලිය 9:17; 31:17; 49:14; යෙසායා 5:14) එසේම ධර්මිෂ්ඨයන්ද වූහ (උත්පත්ති 37:35; යෝබ් 14:13; ගීතාවලිය 6:5; 16:10; 88;3; යෙසායා 38:10).

නව ගිවිසුමෙහි ශෙයෝලයට සම වන්නේ පාතාලයවේ. ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීමට ප්‍රථමයෙන් ලුක් 16:19–31 මගින් පෙන්වා දෙනු ලබන්නේ පාතාලය ක්ෂේත්‍ර දෙකකට බෙදා වෙනු කරනු ලබන බවයථ ලාසරුස් සිටියාවූ සැනසිල්ලේ ස්ථානය සහ පොහොසත් මනුෂයයා සිටියාවූ වධහිංසා ලබන ස්ථානයවේ. 23 වන පදයේ නිරය යන වචනය වූ කලී ගෙහෙන්නා යන්නෙන් පරිවර්තනය වූවක් නොවන අතර (සදාකාල වධහිංසා ලබන ස්ථානයවේ) පාතාලය (මළවුන්ගේ ස්ථානය) එසේ වේ. ලාසරුස්ගේ සැනසිල්ලේ ස්ථානය වෙනත් සථානයක "පාරාදීසය" යනුවෙන් හඳුන්වනු ලබයි (ලුක් 23:43). පාතාලයේ මෙම ප්‍රදේශයන් දෙක අතර "මහත් කුහරයක්" තිබේ (ලුක් 16:26).

යේසුස්වහන්සේ පිළිබදව විස්තර කර ඇත්තේ උන්වහන්සේගේ මරණින් පසුව නිරයේ පහළට ගමන් කළ බවය (ක්‍රියා 2:27, 31; එපිස 4:9). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානයෙන් අනතුරුව පාතාලයේ සිටින්නාවූ ඇදහිලිවතුන් (නිදසුන් ලෙස පාරාදීසයෙහි වාසය කරන්නන්) වෙනත් පිහිටීමකට මාරු කර යවනු ලැබූහ. එසේ නම් පාරාදීසය පහළ නොව ඊට වඩා දැන් ඉහළින් තිබේ (2 කොරින්ති 12:2–4).

වර්තමානයේදී ඇදහිලිවන්තයෙකු මිය ගිය විට ඔහු "ස්වාමින්වහන්සේ හා සමග සිටින සේක" (2 කොරින්ති 5:6–9). නොඇදහිලිවන්තයෙකු මිය ගිය විට ඔහු විසින් පාතාලයට අනුගමනය කරනු ලබන්නේ පැරණි ගිවිසුමේ නොඇදහිලිවන්තයන්ය. අවසාන විනිශ්චයේදී පාතාලය මහත් සුදු සිංහාසනය ඉදිරියේ හිස් කරනු ලැබ එහි වාසය කරන්නවුන් ගිනි විලට හෙලීමට පෙර විනිශ්චය කරනු ලබති (එළිදරව් 20:13–15).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පැරණි ගිවිසුමේ ඇදහිලිවන්තයන් මිය ගිය විට යනු ලැබුවේ කොතැනටද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries