settings icon
share icon
ප්‍රශ්නය

ගුප්ත විද්‍යාව යනු කුමක්ද?

පිළිතුර


ශබ්දකෝෂය ගුප්ත විද්‍යාව "සැඟවුණු, රහසිගත හා අද්භූත, විශේෂයෙන් අද්භූත දේට අදාළ" ලෙස අර්ථදක්වයි. ජෞතිශය, ගුරුකම් (වික්කා), නපුරු අරමුණු සඳහා නපුරු ආත්මයන් කැඳවීම සම්බන්ධ මැජික්, ශාස්ත්‍ර කීම, මිනිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් යැයි කියන පුවරුවක් (චංචල දර්ශකයක් හෝ උඩුයටි කුරුවී ඇති චලනයන්, අක්ෂර, අංක සහ වෙනත් සලකුණු සහිත පුවරුවක් — ඔයිජා පුවරුව), ටාරෝකාඩ් (පේන කීමේ ස්වරූපයකි), එහි තේරුම දිව්‍යමය හෝ ඔබේ උසස් ආත්මය සමඟ වැඩ කිරීමයි. ), ආත්මවාදය, පරපෝෂිත විද්‍යාව සහ සාතන්වාදය මායා ක්‍රියාකාරකම් වලට නිදසුන් වේ. පුරාණ කාලයේ සිට අද දක්වා මිනිසා ගුප්ත විද්‍යාව කෙරෙහි උනන්දුවක් දක්වයි. ගුප්ත පිළිවෙත් හා මානසික සංසිද්ධීන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කර ඇති අතර මෙය නූගත් අයට පමණක් සීමා නොවේ. අපගේ තාක්‍ෂණික හා විද්‍යාත්මක දියුණුව තුළ පවා ගුප්ත විද්‍යාව සෑම කෙනෙකුගෙම සිත් ඇදගන්නා සාධක කිහිපයක් තිබේ.

එක් දෙයක් නම්, ගුප්ත පිළිවෙත් අපගේ ස්වාභාවික කුතුහලය දනවන කරුණකි. ගුප්ත විද්‍යාවට සම්බන්ධ බොහෝ අය කුතුහලයෙන් යුතුව ඔයිජා පුවරුව සමඟ සෙල්ලම් කිරීම වැනි "හානිකර" පුරුදු වලින් ආරම්භ වේ. මේ ආකාරයෙන් ආරම්භ කර ඇති බොහෝ දෙනෙක් ගුප්ත විද්‍යාවට ගැඹුරට යන බව සොයාගෙන ඇත. අවාසනාවකට මෙන්, මෙම ආකාරයේ මැදිහත්වීම් වලට සම්බන්ධවිමට පහසු වන නමුත් එවායින් ඉවත්විමට අපහසුවේ. ගුප්ත විද්‍යාවේ තවත් ආකර්ෂණයක් නම්, එය ජීවිතයේ ප්‍රශ්න වලට ඉක්මන් හා පහසු පිළිතුරු සපයන බවක් පෙනේ. ජෞතිෂ‍වෙදියා ඔබේ අනාගතය සතුටින් සටහන් කරයි, ඔයිජා බෝඩ් සහ ටාරෝ කාඩ්පත් ඔබට මඟ පෙන්වීමක් ලබා දේ. ගුප්ත පුරුදු පාලනය කරනු ලබන්නේ භූතයන් වන අතර, ඔවුන් වින්දිතයින්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට ප්‍රමාණවත් තොරතුරු සපයන අතරම, වංචාකාරී හදවත් සහ මනස මත වැඩි වැඩියෙන් පාලනය කරයි.

ගුප්ත පිළිවෙත් වල අන්තරාය ඉක්මවා කිවනොහැක. දෙවියන්වහන්සේ ගුප්ත විද්‍යාවට පිළිකුල් කරන බවත්,ඊට සම්බන්ධ වීමට එරෙහිව ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟවූ බවත් බයිබලය අපට පවසයි. ඊශ්‍රායෙලය වටා සිටි මිථ්‍යදෘෂ්ටික ජාතීන් අද්භූත දේ වන පේනකීම, මන්තර ගුරුකම්, මායා කර්මය, අධ්‍යාත්මය වැනි දේ වල ගිලී සිටියහ. දෙවියන් වහන්සේ තම සෙනඟට දේශයෙන් ඔවුන්ව (ඊශ්‍රායෙලය වටා සිටි මිථ්‍යදෘෂ්ටික ජාතීන්) පලවා හැරීමට බලය ලබාදීමට මෙය එක්හේතුවකි. (ද්විතීය කථාව 18: 9-14). අළුත් ගිවිසුම අපට පවසන්නේ ගුප්ත විද්‍යාව කෙරෙහි ඇති මිනිසාගේ උනන්දුව යුගයේ අවසනය බවට ලකුණක් බවයි: "ශුද්ධාත්මයාණන්වහන්සේ පැහැදිලිවම පවසන්නේ පසුකාලීනව සමහරු ඇදහිල්ල අත්හැර දමා රැවටිලිකාර ආත්මයන් හා භූතයන් විසින් උගන්වනු ලබන දේ අනුගමනය කරනු ලබන" බවයි. (1 තිමෝති 4: 1).

ගුප්ත විද්‍යාවට සහ එය ප්‍රවර්දනය කරන අය අප හඳුනා ගන්නේ කෙසේද? සේවයේ මුල් දිනවල පාවුල් සහ බර්නබස් සම්බන්ධ සිද්ධිය ආරම්භ කිරීමට හොඳ ස්ථානයකි. ඔවුන් පාපස් වෙත පැමිණෙන තෙක් මුළු දිවයින පුරාම ගමන්කළා. එහිදී ඔවුන්ට යුදෙව් මායාකාරයෙකු හා බොරු අනාගතවක්තෘ වරයෙකු වූ බාර්-යෙසුස්ව මුණගැසුණි. බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් අදිපතියා බාර්නබස් සහ පාවුල්ව (සාවුල්ව) කැඳවූයේ ඔහුට දෙවියන් වහන්සේගේ වචනය ඇසීමට අවශ්‍ය වූ නිසාය. නමුත් මන්තර ගුරුකම් (මායාකාර) කරන එලිමස් (ඔහුගේ නමේ තේරුම එයයි) ඔවුන්ට විරුද්ධ වූ අතර, ඇදහිල්ලෙන් අදිපතියා ඉවතට හැරවීමට උත්සාහ කළේය. එවිට ශුද්ධාත්මයාණන්ගෙන් පිරුණු පාවුල් ලෙස හැඳින්වෙන සාවුල් කෙලින්ම එලිමස් දෙස බලා, 'සියලු වංචාවෙන් හා සියලු දුශ්ටකමින් පුර්න වු තැනැත්ත , යක්ෂයාගේ පුත්‍රය , සියලු ධර්මිෂ්ධකමට සතුරු වු නුඹ සමිඳාණන් වහන්සේගේ හරි මාර්ගයන් පෙරලිමෙන් නවතින්නේ නැද්ද ? ' (ක්‍රියා 13: 6-10).

මෙම වාර්තාවෙන් ගුප්ත විද්‍යාවට සම්බන්ධ අයගේ ලක්ෂණ කිහිපයක් අපට පෙනේ. ඔවුන් බොරු අනාගතවක්තෘවරු (6 පදය) ක්‍රිස්තියානි ධර්මයේ මූලික මූලධර්ම ප්‍රතිකේෂ්පකර ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, මිනිසා පාපයට වැටීම, ස්වර්ගය, නිරය, ගැලවීම සහ කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේගේ පව්කමාව. දෙවනුව, ඔවුන් මනුෂ්‍යන්ට බලපෑම් කිරිමට උත්සහ කරන අතර විශේෂයෙන් බලයේ සිටින අයව ඇදහිල්ලෙන් වට්ටවා ලිමට උත්සාහකරයි (6 -7 පද). තෙවනුව, ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ශුභාරංචිය පැතිරීම වළක්වා ලීමට ඔවුහු හැකි සෑම දෙයක්ම කරති. සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ දේවසේවකයන්ට විරුද්ධවෙති (8 පදය). ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැලවීමේ ශුභාරංචියේ සත්‍ය කප්පාදු කරනවිට හෝ තරයේ ප්‍රතිකේෂ්ප වූ විට සාතන් සහ ඔහුගේ භූතයන් ප්‍රිතී වෙති.

ගුප්ත විද්‍යාව එහි සියලු ආකාර වලින් වැළකී සිටිය යුතු බවට වරදක් නැත. අප "ආත්ම දමනය හා අවදියෙන් සිටිය යුතුය. ඔබේ සතුරාවන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් ගිලදමයි." (1 පේදුරු 5: 8). ආත්ම දමනය හා අවදියෙන් සිටීම සාතන්ගේ උපක්‍රම වලට ඥාණවන්තව නමුත් සෑම අද්භූත ක්‍රියාවක් හා සංසිද්ධියක් පිළිබඳ විස්තර සොයා බැලීම නොවේ. ඒ වෙනුවට, අප යක්ෂයාගේ අවසාන ඉලක්කය වන අපගේ ආත්මයන් විනාශකිරීම තේරුම්ගෙන "දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහය" පැළඳගෙන ආක්‍රමණශීලී විය යුතුය (එපීස 6: 10-18). එවිට පමණක් අපට ස්ථීරව සිට නපුරු තැනැත්තාගේ "දැවෙන ඊතල" නිවා දැමියහැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගුප්ත විද්‍යාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries