settings icon
share icon
ප්‍රශ්නය

මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?

පිළිතුර


මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?

ඔබ ජිවිතයේ වැදගත් තීරනයක් ගෙන තිබේ. සමහරවිට ඔබ දැන් කුමක් කරම්ද කියා විමසනවා විය හැක. මම දෙවියන් වහන්සේ සමඟ ජිවිත ගමන ආරම්භ කරන්නේ කෙසේද? ශුද්ධ බයිබලයේ පහත සඳහන් පියවර 5 තුලින් ඒ සඳහා මාර්ගෝපදේශයන් ලබා ගත හැක. මේ පිළිබඳව වෙනත් ප්‍රශ්න ඇතොත් www.gotquestions.org/Sinhala වෙත පිවිසෙන්න.

1. ඔබ ගැලවීම පිළිබඳව වඩාත් දැනුවත් වන්න.

1 යොහන් 5 : 13 අපට කියනවා, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවිවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැන ගන්නා පිණිසය. දෙවියන් වහන්සේ ගැලවීම ගැන අපි දැන ගන්නවාට කැමතියි. අපි සැබෑවටම ගැලවීම ලැබූ බව තහවුරු කරගන්නවාට කැමතියි. ගැලවීම ගැන කෙටි කරුණු කීපයක්.

(අ) සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති (රෝම 3 : 23)

(ආ) පාපයේ කුලී නම් මරණයය, නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය (රෝම 6 : 23)

(ඇ) දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වන්නේ අප පව් කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය (රෝම 5 : 8). අප උන් වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ කම වන පිණිස පාපයක් නොදන්නාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට සැලැස්සූ සේක (2කොරින්ති 5 : 21).

(ඈ) දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකායට ප්‍රේම කල සේක. (යොහන් 3 : 16). අපි ඇදැහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ (රෝම 5 : 1). යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත (රෝම 8 : 1).

ඒ ගැලවීම පිළිබඳව පණිවිඩයයි. ඔබ යේසුස් වහන්සේ ගැලවුම්කරු ලෙස විශ්වාසය තැබුවා නම්, ඔබ ගැලවී ඇත. ඔබගේ සියලු පාප කමා කොට, ඔබව අතරමං නොකරන බවට දෙවියන් වහන්සේ සහතිකවී ඇත (රෝම 8 : 38-39, මතෙව් 28 : 20). මතක තබා ගන්න ඔබේ ගැලවීම යේසුස් වහන්සේ තුළ සුරක්ෂිත බව (යොහන් 10 : 28-29). ඔබ යේසුස් වහන්සේ ඔබගේ ගැලවූම්කරුවානන් බව විශ්වාසය තබනවා නම්, ඔබ සදාකාලයටම උන් වහන්සේ සමඟ ස්වර්ග රාජ්‍යයේ වාසය කරන බව විශ්වාස කරන්න.

2. බයිබලය උගන්වන දේව සභාවක් සොයන්න.

සභාවක් යනු ගොඩ නැගිල්ලක් නොවේ. සභාව යනු මිනිසුන්ය. යේසුස් වහන්සේ ගැන විශ්වාස කරන ඇදැහිලිවතුන් සමගිකම් පැවැත්වීම අවශ්‍යයයි. සභාවේ මූලික අදහස එයයි. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන විශ්වාසයක් තබා ඇති හෙයින් බයිබලය කෙරෙහි විශ්වාස කරන ඔබට ලඟම ඇති දේව සභාවක දේව සේවක (පාස්ටර්) සමඟ ඔබ යේසුස් වහන්සේ ගැන ඇතිවූ විශ්වාසය ගැන කථා කරන්න.

සභාවක දෙවැනි අදහස බයීබලය ඉගැන්වීමයි. ඔබට බයිබලයේ දෙවියන් වහන්සේගේ ඉගැන්වීම ජීවිතයට අදාල කර ගන්නේ කෙසේද කියා එමගින් ඉගෙන ගත හැක. බයිබලය ඉගෙන ගැනීම සාර්ථක හා බලවත් කිතුණු ජීවිතයට මාර්ගයයි. 2 තිමෝති 3 : 16-17 අපට කියනවා, දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨ කම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

තුන්වැනි අදහස නමස්කාරයයි. නමස්කාරය යනු දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් කල සෑම දේ ගැන ස්තුති කිරීමයි. දෙවියන් වහන්සේ අපව ගලවාගෙන තිබේ, දෙවියන් වහන්සේ අපට ආදරෙයි, දෙවියන් වහන්සේ අපට සපයයි, දෙවියන් වහන්සේ අපට මග පෙන්වයි. ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ කෙසේද? දෙවියන් වහන්සේ ශුද්ධයි, ධර්මිෂ්ඨයි, ප්‍රේමණීයයි, අනුකම්පා සහගතයි සහ කරුණාවන්තයි. එළිදරව් 4 : 11 ප්‍රකාශ කරනවා, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්නට වටින තැනන් වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූ සේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබූණේය, ඒවා මවන ලද්දේයයි කියති.

3. සෑම දිනකම දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලයක් වෙන් කරන්න.

දෙවියන් වහන්සේ වෙනුවෙන් දිනකට කාලයක් වෙන් කිරීම වැදගත්. සමහර අය මෙයට නිශ්චල කාලය කියා කියති. තව අය මෙයට නමස්කාර කාලය කියා කියති. මෙය අපි උන් වහන්සේට වෙන් කල උදෑසන හෝ සවස් කාලයකි. මොන වෙලාව උනත් කෙසේ නම් කලත් අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කිරීමයි. ඔබගේ ජීවිත කාලය ගත වන්නේ කෙසේද?

(අ) යාච්ඤාව - එය දෙවියන් වහන්සේ සමඟ කථා කිරීමයි. ඔබගේ අවශ්‍යයතා හා ප්‍රශ්න ගැන කථා කරන්න. ප්‍රඥාව හා මග පෙන්වීම ඉල්ලන්න. ඔබගේ අවශ්‍යයතා ලබා දෙන්න කියා ඉල්ලන්න. ඔබ දෙවියන්වහන්සේට කොතරම් ආදරේ දැයි කියන්න. ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ කරන දේ කොතරම් අගය කරන්නේ දැයි කියන්න. මෙය තමයි යාච්ඤාව.

(ආ) දේව වචනය කියවීම - සභාවක බයිබලය ඉගැන්වීමට අමතරව ඔබම බයිබලය කියවීම අවශ්‍ය වේ. බයිබලයේ සාර්ථක කිතුණු ජීවිතයට අවශ්‍යය හැම කරුණක්ම අඩංගුවේ. නිසි තීරන ගැනීමට එය උදව්වේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට බයිබලය කියවීම උපකාරීවේ. අන් අයට උපකාර කල හැකි අන්දම එහි සඳහන්වේ. ආත්මිකව ජීවත් වන්නේ කෙසේදැයි එහි සඳහන්වේ. බයිබලය අපට දෙවියන් වහන්සේගේ වචනයයි. බයිබලය අපට ජීවත් වන්නට අවශ්‍යය පිළිවෙල ගැන දෙවියන් වහන්සේගේ උපදෙස් මාලාවයි. එම උපදෙස් තුලින් උන් වහන්සේ කැමති පීළිවෙල හා අපට සතුටු විය හැකි ජීවිත රටාවක් උගන්වයි.

4. ඔබට ආත්මිකව වර්ධනය විය හැකි අය සමඟ සම්බන්ධ වන්න.

1 කොරින්ති 15 : 33 අපට කියනවා නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වන්නේය. බයිබලය අපට අනතුරු ඇඟවීම්ද කරයි. අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන් අපද එම පාපිෂ්ඨ දේට අසුවීම සිදුවිය හැකි බව බයිබලය පෙන්වා දෙයි. එබැවින් යහපත් ගති ඇති දෙවියන් වහන්සේට ගරු බිය සහ ආදරය ඇති අය ඇසුරු කිරීම මැනවි.

සමහරවිට ඔබට උදව්කල හැකි හෝ ඔබව ධෛර්ය්‍ය කල හැකි එක්කෙනෙකු හෝ දෙදෙනෙක් ඔබගේ සභාවෙන් තෝරා ගන්න (හෙබ්‍රෙව් 3 : 13, 10 : 24). දෙවියන් වහන්සෙ සමඟ ඔබගේ සම්බන්ධතාවය, නිශ්චල කාලය සහ ක්‍රියා කලාපය ගැන මිතුරන් සමඟ සාකච්ජා කරන්න. දෙවියන් වහන්සේ ගැන නොදන්නා මිතුරන් අත්හැරීම මින් අදහස් කරන්නේ නැහැ. ඔවුන් සමඟ මිත්‍ර කම තව දුරටත් පවත්වා ඔවුනට ආදරය දක්වන්න. ඉතා සරලව යේසුස් වහන්සේ ගැන ඔබගේ අත් දැකීම හා ජීවිතය වෙනස්වීම ගැන කථා කරන්න. ඔබගේ මිතුරන් සමඟ යේසුස් වහන්සේ ගැන කථා කිරීමට අවසථා ලබා දෙන ලෙස ඉල්ලන්න.

5. බව්තිස්මය ලබා ගන්න.

බොහෝ දෙනෙක් මේ බව්තිස්මය ගැන වැරදි වැටහීමක් ඇත. බව්තිස්ම වචනය යනු දියෙහි ගිල්ව සේදීමයි. බයිබලයට අනුව ඔබගේ විශ්වාසය තහවුරු කිරීම හා උන් වහන්සේ අනු ගමනය කිරීම ප්‍රකාශ කිරීමේ මාර්ගයයි. දියෙහි ගිලීමේ අදහස නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමඟ මැරුණු බව ප්‍රකාශ කිරීමකි. දියෙන් ගොඩ ඒම උන් වහන්සේ සමඟ නැවත නැගිටීමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළට බව්තිස්ම ලැවබුවාවූ අප සියල්ලන් උන් වහන්සේගේ මරණය යට බව්තිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තිස්මය කරණකොටගෙන උන් වහන්සේ සමඟ තැන්පත් කරනු ලැබුවෙමුව (රෝම 6 : 3-4).

බව්තිස්මය ඔබව ගලවන්නේ නැත. බව්තිස්මය ඔබගේ පාපය සෝදන්නේද නැත. බව්තිස්මය කීකරුවිමේ ලකුණකි. බව්තිස්මය යේසුස් වහන්සේ පමණක් ගැලවුම්කරු ලෙස ප්‍රසිද්ධ ලෙස පිළිගැනීමේ ලකුණකි. ඔබ බව්තිස්මයට සූදානම් නම් ඔබගේ සභාවේ දේව සේවක (පාස්ටර්) සමඟ ඒ බව සාකච්ජා කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries