settings icon
share icon
ප්‍රශ්නය

මම නිරයට නොයා සිටින්නේ කෙසේද?

පිළිතුර


නිරයට නොයා සිටීම ඔබ සිතනවාට වඩා පහසුය. සමහර මිනිසුන් සිතනවා නිරයට නොයා සිටීමට මුළු ජීවිත කාලය පුරාවටම දස පණතට කීකරුවිය යුතු බවට. තවත් සමහරු සිතනවා සමහර විධි විධාන අනුගමනය (පිළිපැදීමෙන්) නිරයට නොයා සිටීමට හැකි බවට. තවත් අය විශ්වාස කරනවා අපට නිශ්චිත ලෙස දැන ගැනීමට නොහැකිය අප නිරයට යනවාද නැද්ද කියා. මේ අදහස් කිසිවක් සත්‍ය නොවේ. බයිබලය පැහැදිලිව පවසනවා මනුෂ්‍යයකු මරණයෙන් පසු නිරයට නොයා සිටීමට හැක්කේ කෙසේද යන්න.

නිරය භයංකාර හා අප්‍රසන්න ස්ථානයක් බවට බයිබලය විස්තර කරයි. නිරය “සදාකාල ගිනි විල ලෙසට විස්තර කරයි” (මතෙව් 25:41), “නොනිවෙන ගින්නක්” (මතෙව් 3:12), “නීචකම හා සදාකාල නින්දාව” (දානියෙල් 12:2), “නොනිවෙන්නාවූ ගින්නක් ඇති ස්ථානය” (මාර්ක් 9:44-49), හා “සදාකල් විනාශය” (2 තෙසලෝනික 1:9). එළිදරව් 20:10 විස්තර කරන දෙය නම් නිරය “ගින්නෙන් හා ගෙන්ද ගමින් දැවෙන විල” එහි දී නපුර කරන්නන්ට “දිවා රෑ දෙකෙහි සදාකාලයට වද කරනු බවයි” (එළිදරව් 20:10). අපි නිසැකවම නිරය මග හැර ගත යුතුම වේ.

නිරය පවතින්නේ ඇයි දෙවියන් වහන්සේ සමහර මිනිසුන්ට එහි යෑමට ඉඩ හරින්නේ ඇයි? බයිබලය අපට පවසනවා දෙවියන් වහන්සේ නිරය “සූදානම්” කර ඇත්තේ සාතන්ට හා ඔහුගේ දූතයන්ට ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවාට පසු (මතෙව් 25:41). එම ගිනිවිලට සාතන් හා ඔහුගේ දූතයන් සමග දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට එම සදාකාල ඉරණම උරුම වේ. නිරය අත්‍යවශ්‍ය ඇයි? සියලු පාප අවසානයේදී දෙවියන් වහන්සේට එරෙහි වේ (ගීතාවලිය 51:4), දෙවියන් වහන්සේ අදෘෂ්‍යමාන හා සදාකාල පුද්ගලයෙක් නිසා අදෘෂ්‍යමාන හා සදාකාල වන්දිය ප්‍රාණවත්. දෙවියන් වහන්සේගේ ශුද්ධ හා ධර්මිෂ්ඨ යුක්තියේ ආඥා ක්‍රියාත්මක වී හෙලන ස්ථානය නිරය වේ. දෙවියන් වහන්සේ පාපය හා උන් වහන්සේව එපා කරන අයව වරදට පත් කරන ස්ථානය නිරය වේ. බයිබලය අපට පැහැදිලිව පවසනවා අප සියල්ලෝ පව් කර ඇති බව (දේශනාකාරයා 7:20; රෝම 3:10-23), එම නිසා පිළිතුර වශයෙන් අපි සියලු දෙනා නිරයට යායුතුව තිබේ.

එම නිසා, අපි නිරයට නොයා සිටින්නේ කෙසේද? අනන්ත හා සදාකාල වන්දියක්ද අවශ්‍යව තිබෙන අතර එමෙන්ම අනන්ත හා සදාකාල නිරයක්ද ගෙවිය යුතු වේ. දෙවියන් වහන්සේ මිනිස් වෙසක් දැරුවා කිස්තුස් වහන්සේ තුළ. යේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප මධ්‍යයේ ජීවත් විය, අපට ඉගැන්විය, අපව සුව කලේය, නමුත් මේවා සියල්ල උන් වහන්සේගේ ප්‍රමුඛ සේවය (මෙහෙය) නොවේ. දෙවියන් වහන්සේ මිනිස් වෙසක් දැරුවා (යොහන් 1:1; 14) එහෙයින් උන් වහන්සේට අප වෙනුවෙන් මැරෙන්නට සිදු උනා. යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ මිනිස් වෙසක් ගෙන කුරුසිය මත දිවි පිදුවා. දෙවියන් වහන්සේට උන් වහන්සේගේ මරණය අනන්ත හා සදාකාල අගයක් දෙයි, පාපයට මුළු මිලය ගෙවීමට (1 යොහන් 2 :2). දෙවියන් වහනාසේ අපට ආරාධනා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කරුවා හැටියට පිළිගැනීමට, උන් වහන්සේගේ මරණය අපගේ පාපයන්ට සම්පූර්ණ මිලය බවට විශ්වාස කිරීම. දෙවියන් වහන්සේ පොරොන්දු වන දෙය නම් යේසුස් වහන්සේ කෙරෙහි අදහන ඕනෑම කෙනෙකුට වලංගු බව (යොහන් 3 :16), උන් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කිරීම ගැලවුම්කරු ලෙසට (යොහන් 14 :6), ගැලවීම ලැබිය හැකියි, නිරයට නොයා සිටියද හැක.

කිසිවකු නිරයට යාම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ (2 පේත්‍රැස් 3 :9). එම හේතුව නිසා තමයි උන් වහන්සේ අත්‍යන්ත, සම්පූර්ණ (ශ්‍රේෂ්ඨ) හා පමාණවත් විය හැකි පූජාව අප වෙනුවෙන් කිරීමට තීරණය කළේ. ඔබට නිරයට නොයා සිටීමට අවශ්‍ය නම්, යේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවා ලෙසට පිළිගන්න. එය ඉතා සරළයි. දෙවියන් වහන්සේට පවසන්න ඔබ පව්කරුවෙකු බවත් ඔබ නිරයට යාමට සුදුස්සකු බවත් ඔබ පිළිගන්නා බව. ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවා ලෙසට පිළිගන්නා බවද පවසන්න. දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඔබට ගැලවීම හා නිරයෙන් මිදීමට අවකාශය දීම ගැන. සරළ ඇදහිල්ල, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරුවා ලෙසට පිළිගැනීම, යන දෑ ඔබව නිරයට යාමෙන් වළකයි.

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම නිරයට නොයා සිටින්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries