settings icon
share icon
ප්‍රශ්නය

ඇදහිල්ල කරණකොටගෙන පමණක්" යන දේව වචනයේ සදහන් එකම අවස්ථාව යාකොබ් 2:24 හී ප්‍රකාශ කරන පරිදි ගැළවීම ඇදහිල්ලෙන් පමණක් නොලැබෙන බව ප්‍රකාශ කර තිබෙද්දී ඇදහිල්ලෙන් පමණක් ගැළවීම ලැබෙන බව විශ්වාස කරන්නේ කෙසේද?

පිළිතුර


"ඇදහිල්ල කරණකොටගෙන පමණක්" යන නිශ්චිත වාක්‍යය ඛණ්ඩය අඩංගු දේව වචනයේ සදහන් එකම පදය, ඇදහිල්ල කරණකොටගෙන පමණක් ගැළවීම ලැබෙන බවට එරෙහිව තර්ක කරන බව සම්පූර්ණ සත්‍යයකි. යාකොබ් 2:24 හී ප්‍රකාශ කරනු ලබන්නේ "මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨ කරනු ලබන බව ඔබ සැමට පෙනෙන්නේය." කෙසේ නමුත් මෙම පදය පදනම් කොට ගෙන ඇදහිල්ල කරණකොටගෙන පමණක් ගැළවීම ලැබීමේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබදව ගැටළු දෙකක් ඇත. ප්‍රථමකොට යාකොබ් 2:24 හි පෙළ යෙදුම ඇදහිල්ල කරණකොටගෙන පමණක් ගැළවීම ලැබීමේ ඉගැන්වීමට එරෙහිව තර්ක කරනු නොලබයි. දෙවනුව ඇදහිල්ල කරණකොටගෙන පමණක් ගැළවීම ලැබීම පිළිබදව පැහැදිලිව උගන්වනු ලැබීමට දේව වචනයෙහි "ඇදහිල්ල කරණකොටගෙන පමණක්" යන නිශ්චිත වාක්‍ය ඛණ්ඩය දේව වචනයේ අඩංගු විය යුතු නොවේ.

යාකොබ් 2:14–26 හී මෙන්ම විශේෂයෙන්ම 24 වන පදයෙහි සමහර ව්‍යාකූල අර්ථකථකනයන්හී මාතෘකාව වී ඇත. මෙම පාඨය තුළින් අනිවාර්‍යයෙන්ම "ඇදහිල්ල කරණකොටගෙන පමණක් ගැළවීම ලැබීම" යන සංකල්පයට බරපතල ගැටළු ඇති කිරීමට හේතුකාරණයක් වී ඇත. ප්‍රථමකොට, අප විසින් දුර්මතයක් වන නම් වශයෙන් කිවහොත් රෝම 3:28 හී පාවුළු අදහස් කරනු ලබන දේම යාකොබ් 2:24 හී සදහන් "ධර්මිෂ්ඨ කරනු ලැබීම" පිළිබදව යාකොබ්ද අදහස් කරනු ලබයි. පාවුළු විසින් භාවිතා කරනු ලබන ධර්මිෂ්ඨ කරනු ලැබීම යන වචනය ඔහු අදහස් කරනු ලැබුවේ "දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨ යයි ප්‍රකාශ කරනු ලබා ඇති බව" ප්‍රකාශ කරනු ලැබීමටය. පාවුළු විසින් පවසනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපගේ වාර්තාවට අදාළ කරනු ලබන ආකාරයටම අප ධර්මිෂ්ඨ යයි දෙවියන්වහන්සේ විසින් කරනු ලබන නීත්‍යානුකූළ ප්‍රකාශනය පිළිබදවය. යාකොබ් විසින් ධර්මිෂ්ඨ කරනු ලැබීම යන වචනය භාවිතා කරනු ලබන්නේ "නිරූපණය සහ ප්‍රත්‍යක්ෂ කරනු ලැබූ" යන්න අර්ථවත් කරනු ලැබීම පිණිසය.

යාකොබ් 2:24 මෙලෙස ගෙන හැර දැක්විය හැක: "පුද්ගලයෙකු ධර්මිෂ්ඨ යයි සලකනු ලබන්නේ ඔවුන් කරන ක්‍රියාවන් තුළින් විනා ඇදහිල්ල කරණකොටගෙන පමණක් නොවේ" (අවධාරණය කර ඇත) නොහොත් "එසේ නම් ඔබට පෙනෙනු ඇත, අප දෙවියන්වහන්සේ හා සමග නිවැරදි බව පෙන්වනු ලබන්නේ අප කරන ක්‍රියාවන් තුළින් විනා ඇදහිල්ල කරණකොටගෙන පමණක් නොවේ" (අවධාරණය කර ඇත) යාකොබ් 2:14–26 යන සම්පූර්ණ පාඨය තුළින්ම ඔබ කරන්නාවූ ක්‍රියාවන් කරණකොටගෙන ඇදහිල්ලේ අව්‍යාජභාවය සනාථ කරනු ලබයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ඇතිවන අව්‍යාජ ගැළවීමේ අත්දැකීම් අවිකල්පයෙන්ම යහපත් ක්‍රියාවලට හේතු වනු ඇත (එපීස 2:10). ක්‍රියා යනු ඇදහිල්ල නිරූපණය කිරීම සහ ඔප්පු කිරීමය (යාකොබ් 2:18). ක්‍රියා නැති ඇදහිල්ල නිශ්ඵල වන අතර (යාකොබ් 2:20) සහ මැරී තිබේ (යාකොබ් 2:17); වෙනත් වචන වලින් කිවහොත් එය සැබෑ ඇදහිල්ල නොවේ. ගැළවීම ලැබෙනුයේ ඇදහිල්ල කරණකොටගෙන පමණක් වන අතර එම කිසිවිටෙකත් එම ඇදහිල්ල පමණක් නොවේ.

නිශ්චිත වාක්‍ය ඛණ්ඩය වන "ඇදහිල්ල කරණකොටගෙන පමණක්" යන්න සදහන් වන එකම පදය යාකොබ් 2:24 වන අතර ගැළවීම ලැබෙන්නේ ඇදහිල්ලෙන් පමණක් බව උගන්වන වෙනත් බොහෝ පද තිබේ. වෙනත් අවශ්‍යයතාවයක් නොමැතිව, ගැළවීම සදහා ඇදහිල්ල / විශ්වාසය අවශ්‍යය වන බව ආරෝපණය කරනු ලබන ඕනෑම පදයක් වූ කලී ගැළවීම ලැබෙන්නේ ඇදහිල්ල කරණකොටගෙන බවට කරන්නාවූ ප්‍රකාශනයකි. යොහාන් 3:16 හී ප්‍රකාශ කරනු ලබන්නේ ගැළවීම ප්‍රධානය කරනු ලබන්නේ "ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න" අය බවය. ක්‍රියා 16:31 හී ප්‍රකාශ කරනු ලබන්නේ "ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට ඔබ ගැළවෙන්නෙහිය." එපීස 2:8 හී සදහන් වන්නේ "මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් ඔබ සැම ගැළවී සිටින්නහුය." රෝම 3:28; 4:5; 5:1; ගලාති 2:16; 3:24; එපීස 1:13; සහ පිලිප්පි 3:9 ද බලන්න. මේවාට අමතරව තවත් බොහෝ පද සදහන් කළ හැකිය.

සාරංශයක් වශයෙන්, ගැළවීම ලැබෙන්නේ ඇදහිල්ල කරණකොටගෙන පමණක්ය යන්නට එරෙහිව යාකොබ් 2:24 තර්ක කරනු නොලබයි. ඒ වෙනුවට එය තර්ක කරනු ලබන්නේ ගැළවීම හුදෙකලාව තිබිම, ක්‍රියා වලින් තොර ගැළවීමක් සහ දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීම ආදියට එරෙහිවය. යාකොබ්ගේ කාරණාව නම් අප කරන දේ අනුව අපගේ ඇදහිල්ල විදහා දක්වන බවය (යාකොබ් 2:18). "ඇදහිල්ල කරණකොට පමණක්" යන නිශ්චිත වාක්‍යය ඛණ්ඩය නොතිබුනද නව ගිවිසුමෙහි නිසැකවම උගන්වනු ලබන්නේ අපගේ ඇදහිල්ලට ප්‍රතිචාර වශයෙන් ගැළවීම දෙවියන්වහන්සේගේ කරුණාවේ ඵලයක් බවය. එසේවී නම් පාරට්ටු කර ගැනීම කොයිද? එය බැහැර කරන ලද්දේයග කෙබඳු ව්‍යවස්ථාවකින්ද?.... ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය (රෝම 3:27). වෙනත් කිසිඳු අවශ්‍යතාවයක් නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇදහිල්ල කරණකොටගෙන පමණක්" යන දේව වචනයේ සදහන් එකම අවස්ථාව යාකොබ් 2:24 හී ප්‍රකාශ කරන පරිදි ගැළවීම ඇදහිල්ලෙන් පමණක් නොලැබෙන බව ප්‍රකාශ කර තිබෙද්දී ඇදහිල්ලෙන් පමණක් ගැළවීම ලැබෙන බව විශ්වාස කරන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries