settings icon
share icon
ප්‍රශ්නය

නෝවාට එම නැව සෑදීමට කොපමණ කලක් ගතවීද? එම නැව තුළ නෝවා කොපමණ කාලයක් සිටියේද?

පිළිතුර


නෝවාට එම නැව සෑදීමට කොපමණ කලක් ගතවීද? දේව වචනයේ නිශ්චිත වශයෙන්ම නෝවාට එම නැව සෑදීමට ගතවු කාලය ගැන සඳහන් වී නොමැත. උත්පත්ති 5:32 හි නෝවා ගැන පළමුවෙන්ම සඳහන් වන විට ඔහුගේ වයස අවුරුදු 500 කි. ඔහු නැවට ඇතුඵ වන විට ඔහුගේ වයස අවුරුදු 600 කි. නෝවාට එම නැව සෑදීමට ගතවු කාලය රැඳී ඇත්තේ උත්පත්ති 5:32 සිට දෙවියන්වහන්සේ නෝවාට නැව සෑදීමට අණ කළ අවස්ථාව (උත්පත්ති 6:14–21) අතර කාලය මතය. එම කාලය නියත වශයෙන් අවුරුදු 100 කට වඩා වැඩිවිය නොහැක.

නෝවා එම නැව තුළ කොපමණ කාලයක් සිටියේද? නෝවා එම නැවට ඇතුඵ වූයේ ඔහුගේ 600 වන වසරේ දෙවන මාසයේ 17 වන දිනයේදීය. (උත්පත්ති 17:11–13) නෝවා එම නැවෙන් පිටතට පැමිණියේ ඊළග වසරේ දෙවන මාසයේ 27 වන දිනයේදීය. (උත්පත්ති 8:14–15) එබැවින් 360 දිනක චන්ද්‍ර වර්ශයක් උපකල්පනය කිරීමෙන් දළ වශයෙන් නෝවා දින 370 ක් නැව තුළ සිටි බව පෙනේ.

නෝවා නැව තුළට එක් එක් වර්ගයේ සතුන් කී දෙනෙක් ගෙන ගියේද? එක් එක් වර්ගයේ පිරිසිදු සතුන් යුගල 7 බැගින් සහ අනෙකුත් වර්ගයේ සතුන් යුගල 2 බැගින් නැව තුළට ගෙන යන ලදි (උත්පත්ති 6:16–20, 7:2–3). පිරිසිදු යනුවෙන් දේව වචනයේ අදහස් කරනුයේ "පූජාව සඳහා සුදුසු" සත්වයන්ය. පිරිසිදු සතුන් යුගල 7 ක් නැව තුළ රඳවා ගැනීමට හේතුව වූයේ එම සතුන්ගෙන් සමහරක් ජල ගැල්ම අවසානයේදී පූජා කළ විට ඔවුන්ගේ වර්ගයා නැතිවී යාමේ අවදානම එවිට මඟහැරී යන බැවිනි.

නෝවාගේ නැව තුළ මනුෂ්‍යයන් කී දෙනෙකු සිටියේද? උත්පත්ති 6–8 පරිච්ඡේද අනුව නැව තුළ සිටි අය නම් නෝවා, ඔහුගේ බිරිඳ, නෝවාගේ පුත්‍රයන් තිදෙනා (ෂෙම්, හාම්, ජාපෙත්) සහ ඔවුන්ගේ බිරිඳන්ය. ඒ අනුව එහි සිටි අය 8 දෙනෙකි.

නෝවාගේ බිරිඳ කව්ද? දේවවචනයේ කිසිදු තැනක නියමිත වශයෙන් නෝවාගේ බිරිඳගේ නම හෝ ඇයගේ අනන්‍යතාවය ගැන සඳහන් කර නැත. සාම්ප්‍රදායිකව ඇයගේ නම නාමා (උත්පත්ති 4:22) යනුවෙන් කියවෙතත්, එය පැහැදිළිවම දේව වචනයේ උගන්වා නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නෝවාට එම නැව සෑදීමට කොපමණ කලක් ගතවීද? එම නැව තුළ නෝවා කොපමණ කාලයක් සිටියේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries