නෝවාගේ නැව සොයාගැනීම වැදගත් වේද?


ප්‍රශ්නය: නෝවාගේ නැව සොයාගැනීම වැදගත් වේද?

පිළිතුර:
නූතන වසරවල් තුළදී නෝවාගේ නැව සොයාගැනීම පිළිබඳ විවිධ හිමිකම් ඉදිරිපත් වී ඇත. මෙම සොයාගැනීම් විවිධ ස්ථානයන්හි, එනම් තුර්කියේ අරරාත් කන්දේ සිට ඉරානයේ කඳු පේළියක් දක්වාද, එතැනින් අරරාත් කන්දේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක් දක්වාද විහිදී ඇත. මෙම ලිපියේ අරමුණ වනුයේ නෝවාගේ නැව සොයා ගැනීමේ හිමිකම් වල ඇති නිත්‍යානූකූලභාවය තක්සේරු කිරීම නොවේ. ඇත්තෙන්ම දැනට ඇති ප්‍රශ්නය නම්, නෝවාගේ නැව සොයා ගත්තේ නම් එය එතරම් සැලකිය යුතු දෙයක්ද? නෝවාගේ නැව සොයා ගැනීම, ජනතාව දෙවියන්වහන්සේ වෙතට ඇදහිල්ලෙන් හැරීම සඳහා හේතු වේද?

(ක්‍රි.පු. 2500) දී නෝවාගේ නැව සම්බන්ධව දේවවචනාකූල විස්තරය, මැද පෙරදිග කන්දක තිබී නැවක හැඩයෙන් යුතු ආකෘතියක් හමුවීමේ සිද්ධියේ කාල වකවානුව හා දළ වශයෙන් සමාන වන අතර, එම ආකෘතිය තුළ සත්ව ජිවීන් සිටි බවට සාක්‍ෂි තිබීම විශිෂ්ඨතම සොයාගැනීමකි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සහ උන්වහන්සේගේ වචනය අඩංගු දේව වාක්‍ය විශ්වාස කරන අයහට දේවවචනය සැබෑ බවත්, මුල් මානව ඉතිහාසය ඇතිවූයේ දේවවචනයේ විස්තර කරන ආකාරයටම බව මේ මගින් බලවත් ලෙස තහවුරු වේ. ඇත්ත නැත්ත විමසා බලා, නෝවාගේ නැව පිළිබඳ සොයා ගැනීම් තුලින්, සැකෙන් සහ විවෘත මනසකින් ඒ ගැන සොයා බලන අයට තම මතයන් ගැන නැවත සලකා බැලීමක් සිදුවිය හැක. නෝවාගේ නැව සොයා ගැනීම තුළින් විවෘත නොවු මනසක් ඇති විවේචකයන් සහ ගල් සිතක් ඇති අදේවවාදීන්ව බිඳක්වත් වෙනස් කළ නොහැක.

රෝම 1:19–20 හි සඳහන් පරිදි "දෙවියන්වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිළිය. දෙවියන්වහන්සේම එය ඔවුනට අනාවරණය කර දී ඇත. ලෝකය මැවු තැන් සිට, ඇසට නොපෙනෙන උන්වහන්සේගේ දිව්‍ය ලක්‍ෂණ වන උන්වහන්සේගේ සදාතන බලමහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන්වහන්සේගේ මැවිලි වලින් ප්‍රකාශකර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුනු කිසිවක් නැත." යමෙකු විශ්වය තුළ දෙවියන්වහන්සේගේ පැහැදිළි සාක්‍ෂිය නිශ්ප්‍රභා කරන්නේ නම් දේවවචනාකූල සොයා ගැනීම් කිසිවක් නිසා ඔහුගේ / ඇයගේ මනස වෙනස් කළ නොහැක. එලෙසම ලුක් 16:31 මගින් යේසුස්වහන්සේ මෙසේ අනාවරණය කරන සේක. ඔවුහු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියකු වුවද ඔවුහු විශ්වාස නොකරති. කුමන සොයාගැනීමක් වත්, වාද විවාදයක්වත්, ආශ්චර්යමත් ක්‍රියාවක් වත් නිසා සාතන් විසින් සිත් අදුරු කරන ලද්දවුන්ගේ මනස වෙනස් කළ නොහැක. (2 කොරින්ති 4:4) එසේම ඔවුන් රඵ හදවතකින් හා විවෘත නොවු මනසකින් ශුභාරංචියේ ආලෝකය ප්‍රතික්‍ෂේප කරති.

ඊට ප්‍රතිවිරුද්ධව කිවහොත්, නෝවාගේ නැව කිසි දිනක සොයා නොගත්තේ නම් තත්වය වෙනස් වේද? මන්දයත් ක්‍රිස්තියානි ඇදහිල්ල ගොඩනැඟි ඇත්තේ දේවවචනයේ ඇති සෑම දෙයක්ම සවිස්තරාත්මකවම, පරිපුර්ණව ඔප්පු කරනු ලැබීමෙන් නොවන බැවිනි. ක්‍රිස්තියානි ඇදහිල්ල ගොඩනැඟි ඇත්තේ ඇදහිල්ල මතය. "නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝය". (යොහාන් 20:29) නමුත් නෝවාගේ නැව කිසිදිනක සොයාගත නොහැකි බවට මුලික හේතු දෙකක් ඇත. පළමුව එම නැව සෑදීමට ගත් දැව ඉතා වටිනාකමින් යුක්ත වු අතර, ජල ගැල්ම අවසන් වු පසු නෝවා සහ එම පවුල සිය නිවාස සදා ගැනීමට එම දැව පාවිච්චි කළා විය හැක. එසේ නොමැති නම් නෝවා සහ ඔහුගේ පවුලේ අයද ඔහුගෙන් පැවතුන අයද එම නැව කඩාදමා එම දැව වෙනත් කාය්‍යයන් සඳහා ප්‍රයෝජනයට ගත්තා විය හැක. දෙවනුව, නෝවා සහ පවුල එම නැව එලෙසින්ම තබා ඉන් බැහැරව ගියා වුවද, දළ වශයෙන් අවුරුදු 4500 ක් පමණ දැන් ගතවී ඇති බැවින් (දේවවචනාකූලව නිවැරදිව සඳහන් කර ඇත්නම්) දැව වලින් නිමා වු නිර්මාණයක් වසර 4500 ක් පමණ රඵ කාළගුණික කාල වලට නිරාවරණය වී තිබීමෙන් සම්පුර්ණයෙන්ම දිරාපත් වි යා හැකිය.

නෝවාගේ නැව සොයාගැනීම විශිෂ්ඨ හා බලවත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් විය හැකි වුවද, එය ක්‍රිස්තියානි අය තමන්ගේ ඇදහිල්ල තැබිය යුතු දෙයක් නොවේ. නෝවාගේ නැව සොයා ගැනීම හෝ ගිවිසුම් කරඩුව හෝ ඒදන් උයන හෝ වෙනත් දේවවචනයේ සඳහන් කිසිවක් ක්‍රිස්තියානි ඇදහිල්ල ඔප්පු නොකරන අතර දෙවියන්වහන්සේ තමන් වහන්සේ වෙතට ඇද නොගන්නා කිසිවකුගේ සිත් එමඟින් වෙනස් කරනු නොලැබේ. (යොහාන් 6:44) "ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය වේ. අදෘශ්‍යමාන දේ පිළිබඳ පැහැදීමය" (හෙබ්‍රෙව් 11:1).

English


නැවතත් සිංහල මුල් පිටුවට
නෝවාගේ නැව සොයාගැනීම වැදගත් වේද?