settings icon
share icon
ප්‍රශ්නය

නෝවා සියලූ සත්ත්වයන්ව නැව තුළට ඇතුළත් කරනු ලැබුවේ කෙසේද?

පිළිතුර


නෝවා සියලූ සත්ත්වයන්ව නැව තුළට ඇතුළත් කරනු ලැබුවේ කෙසේද? එම නැව "ඔවුන්ගේ වර්ගයේ පක්ෂීන්ද ඔවුන්ගේ වර්ගයේ සත්ත්වයන්ද ඔවුන්ගේ වර්ගයේ පොළොවෙහි බඩගා යන උරගයන්ගෙන් සෑම වර්ගයකින්ම දෙදෙනා බැගින්" මෙන්ම අන් සමහර වර්ග වලින් සත්දෙනා බැගින්ද රදවා ගනු වස් විශාල වූයේද? ආහාර පිළිබද කෙසේද? නෝවා සහ තම පවුලේ උදවියන්ටද (8 දෙනෙකු) එසේම සියලූ සත්තවයන්ටද, අවම වශයෙන් වසරකට හෝ (උත්පත්ති 7:11; 8:13–18 බලන්න) සමහර විට ඊට වැඩියෙන්, වෘක්ෂලතාදිය නැවත වර්ධනය වීමට කොපමණ කාලයක් ගතවේද යන්න මත පදනම්ව, සෑහෙන ප්‍රමාණයට ආහාර රැස් කිරීමට ප්‍රමාණවත් අවකාශයක් තිබිය යුතුවිය. මෙය ආහාර විශාල ප්‍රමාණයකි පානීය ජලය පිළිබද කෙසේද? මෙම සියලූ සත්ත්වයන් මෙන්ම මෙම සියලූම ආහාර සහ ජලය වසරකටත් වඩා කාලයකට රැස් කිරීමට නෝවාගේ නැව විශාල වූ බවට විශ්වාස කිරීම යථාර්ථවාදීද?

උත්පත්ති පොතෙහි සදහන් ආකාරයට නෝවාගේ නැවට දෙනු ලැබූ මිනුම් නම් රියන් 300 දිග රියන් 50 පළළ සහ රියන් 30 උසය (උත්පත්ති 6:15). රියනක ප්‍රමාණය කොපමණ වේද? රියනක් යනු පැරණි මිනුම් ඒකකයක් වන අතර වැලමිටෙහි සිට දිගම ඇගිල්ල දක්වා යටි බාහුවෙහි දිග ප්‍රමාණයවේ. "රියන" යන භාෂිතය පැමිණෙනු ලබන්නේ "වැළමිට" යන අර්ථය ඇති "කියුබිටමි" යන ලතින් වචනයෙනි. "රියන" යන්නෙහි හෙබ්‍රව් වචනය නම් "අම්මාහ්" යන්න වේ. සියල්ලන්ගේම බාහු විවිධ දිග ප්‍රමාණයන් වන බැවින් මෙම ඒකකය ඇතැමුන්ට මදක් අපැහැදිලි ලෙස දැකිය හැකි නමුත් විද්වතුන් සාමාන්‍යයෙන් එකගතාව පල කරනුයේ එය අගල් 17 ත් 22 (සෙන්ටිමීටර 43–56) අතර ප්‍රමාණයක් නියෝජනය කරන බවය. පුරාණ ඊජිප්තු රියනක් අගල් 21,888 බවට සදහන් වේ. එසේ නම් ගණනය කරනු ලබන්නේ නම්
300 X 22 අගල් = 6,600ත 50 X 22 අගල් = 1,100; 30 X 22 අගල් = 660
6,600 / 12 = 550 අඩි; 1100 / 12 = 91.7 අඩි; 660 / 12 = 55 අඩි.

එසේ හෙයින් නැවෙහි දිග අඩි 550 ක් දිගද අඩි 91.7 ක් පළල් සහ අඩි 55 උසද වන්නට ඇත. මේවා අහේතුක මිනුම් නොවේ. එනමුත් මෙයට කෙතරම් ගබඩා ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යය වේද? එසේ නම් 550 X 91.7 55 = ඝන අඩි 2,773,925 වේ (අප රියනක කුඩාම මිනුම් ප්‍රමාණය වන අගල් 17 ගත හොත් අපට අවසානයේ ඝන අඩි 1,278,825 ලැබේ). සැබවින්ම ඒ සියල්ලම හිස් අවකාශයක් නොවන්නට පුළුවන. නැවෙහි මට්ටම් 3ක් (උත්පත්ති 6:16) සහ බොහෝ කාමරද (උත්පත්ති 6:14) එහි බිත්ති වලට ඉඩ ප්‍රමාණයක් ගන්නට ඇත. එසේ නමුත් ගණනය කිරීම් වලට අනුව ඝන අඩි මිලියන 1.5 ක හිස් අවකාශයක් ඉතිරි කොට ඝන අඩි 2,773,925 න් අඩකට වඩා වැඩි ප්‍රමාණයක (54.75%) බැටළුවන්ගේ ප්‍රමාණයේ සතුන් 125,000 ක ප්‍රමාණයක් ගබඩා කර තැබීමට හැකි විය : (http://www.icr.org/article/how-could-all-animals-get-board-noahs-ark/ යන වෙබ් අඩවිය බලන්න).

නෝවාගේ නැව නමැති සම්භව්‍ය කෘතියේ කතෘ වන ජෝන් වුඩිමොරප්: නැවෙහි සිටි සතුන්ගෙන් 15% ප්‍රතිශතයක ප්‍රමාණයක් පමණක් බැටළුවකුට වඩා වන්නට ඇති බවට ශක්‍යතා අධ්‍යයනයක් තුළින් ඇස්තමේන්තු ගත කරනු ලැබීය. දෙවියන්වහන්සේ විසින් නෝවා වෙතට වැඩිහිටි සතුන්ට වඩා සැලකිය යුතු කුඩා ප්‍රමාණයේ "ළදරු" සත්ත්වයන් ගෙන ආ බවට භව්‍යතාවයක් මෙම සංඛ්‍යාකනය මගින් සැලකිල්ලට ගනු නොලබයි.

නැවෙහි සතුන් කොපමණ ගණනක් සිටියෝද? වුඩිමොරප් විසින් ඇස්තමේන්තුගත කරනු ලබන්නේ "වර්ගයන්" 8,000ක්ය. "වර්ගයක්"යනු කුමක්ද? "වර්ගයක" නිල නාමය "විශේෂය" යන නිල නාමයට වඩා පුළුල් භාවයක් ගනියි. සුනඛයින් ජාති 400 කටත් වැඩි ප්‍රමාණයක් සිටියත් ඒ සියල්ලන්ම (කැනිස් ෆමීලියරිස්) යන එක් විශේෂයට අයත් වේ, එසේ හෙයින් විශේෂයන් බොහෝමයක් එක් වර්ගයකට අයත් විය හැක. සමහරුන් කල්පනා කරනු ලබන්නේ "විභේදය" යන නිල නාමය දේව වචනානුකූල "වර්ගයට" යම් ප්‍රමාණයට සමීපතාවයක් තිබිය හැකි බවය.

කෙසේ නමුත් "වර්ගය" යන්න "විශේෂයන්" යන්නට තුල්‍යමාන බව අප පූර්වානුමාන කරතත් ක්ෂීරපායි සතුන්, කුරුල්ලන්, උභයජීවින් සහ උරගයින් බොහෝ විශේෂයන් නොමැත. ප්‍රමුඛ ක්‍රමානුකූල ජීව විද්‍යාඥයෙකු වන අර්නස්ටි මේයර් ගණන 17,600 ලෙස සදහන් කරනු ලබයි. නැවෙහි සෑම විශේෂයකින්ම දෙදෙනා බැගින් සිටීමට ඉඩ හැර, එසේම "නොකැළැල්" ලෙස හඳුන්වනු ලැබූ සත්ත්ව වර්ගයන්ගෙන් සත් දෙනා බැගින් මෙන්ම අප දන්නාවූ වඳවි ඇති විශේෂයන්ගේ සාධාරණ වැඩි වීමක්ට එකතු කළහොත් පැහැදිලි ලෙස අපට පෙනී යන්නේ සතුන් 50,000 කට වැඩි නොවන සංඛ්‍යාවක් නැවෙහි සිට බවය (මොරිස්, 1987).

සමහරුන් ඇස්තමේන්තුගත කරනු ලබන්නේ නැවෙහි වර්ග 25,000 වැනි සතුන් ප්‍රමාණයක් නියෝජනය කරනු ලැබූ බවය. මෙය අනර්ඝ ඇස්තමේන්තුවකි. සෑම වර්ගයකින් දෙදෙනා බැගින් සහ සමහර වර්ග වලින් සත් දෙනා බැගින් සත්ත්වයන්ගේ ගණන 50,000 ඉක්මවා යන්නට ඇති නමුත් සාපේක්ෂ වශයෙන් කථා කළහොත් බොහෝ විට එතරම්ම නොවන්නට ඇත. සත්ත්වයන් වර්ග 16,000 හෝ 25,000 බව නොසලකා හැරියත් දෙදෙනා බැගින් සහ සමහර වර්ග වලින් සත් දෙනා බැගින් වූවත් විද්වතුන් එකග වන්නේ සියලූ සතුන්ට මෙන්ම ආහාර සහ ජලය සදහා බොහෝ ඉඩකඩ මෙන්ම වැඩිපුර අවකාශයන්ද නැව තුළ වූ බවය.

මෙම සතුන් විසින් නිපදවන අසූචි සියල්ලට කුමක් සිදුවීද? පුද්ගලයින් 8 දෙනෙකුට දිනපතා මෙම සත්ත්වයන් සියල්ලන්ම පෝෂණය කරමින් ටොන් ගණනින් අසූචි හා සමග කටයුතු කිරීම හැසිරවූයේ කෙසේද? විශේෂිත ආහාර අනුභව කරන්නාවූ සතුන්ට කුමක් වීද? ශාක ජීවයන් නොනැසී පැවතුනේ කෙසේද? කෘමීන්ට කුමක් වීද? මෙවන් දහස් ගණනින් යුත් ප්‍රශ්න එසවිය හැකි මෙන්ම ඒවා සියල්ලම යහපත් ප්‍රශ්න වේ. බොහෝ අයවලූන්ගේ මනස තුළ මේවා පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නවේ. එහෙත් ඒවා නිසැකවම අලූත් කාරණා නොවේ. ශතවර්ෂ ගණනාවක් පුරා මේවා ඔවුන්ගෙන් නිරතුරුවම අසන්නට ඇත. ඒ කාලය පුරාවටම පර්යේෂකයන් පිළිතුරු සොයන්නට වූහ. මේ වන විට නෝවා සහ ඔහුගේ නැව පරීක්ෂණයට ලක් කර ඇති බොහෝ විද්වත් ශක්‍යතා අධ්‍යයනයන් පවතීයි.

විද්වත් ශාස්ත්‍රාලික අධ්‍යයනයක් 1200 කට වැඩි ගණනක් සමග වුඩිමොරප්ගේ ග්‍රන්ථය වනාහී "නෝවාගේ නැව වටලා ගෙනහැර පානු ලැබූ දුෂ්කරතා පිළිබදවූ නවීන ක්‍රමවත් ඇගයීමකි." (ජෝන් වුඩිමොරප්, නෝවාගේ නැව පිළිබදව විවේචකයන්ට පිළිතුරු දීමට ඇති සම්පතකි, 1996 මාර්තු මස 273 වන බලපෑමවේ. නිර්මාණ පර්යේෂණ ආයතනය, 2005 ජනවාරි 30 වන දිනග වෙබි අඩවිය – http://www.icr.org/pubs/imp/imp-273.htm). වුඩිමොරප් සදහන් කරනු ලබන්නේ පැණ නැගුනු සියලූම ප්‍රශ්න වසර ගණනාවක් පුරාවට ක්‍රමාණුකූලව පරීක්ෂා කිරීමෙන් අනතුරුව, "නැව පිළිබදව වූ සියලූම තර්ක අවශ්‍යය වන ඒවා බවය. සැබවින්ම කිවහොත් නැව පිළිබදවූ පරස්පර විරෝධි තර්ක අතිමහත් බහුතර වන අතර පළමුව ඒවා අවිචක්ෂණ සත්‍යරූපී වූ අතර පහසුවෙන්ම අවලංගු කළ හැක්කක් විය."

English



නැවතත් සිංහල මුල් පිටුවට

නෝවා සියලූ සත්ත්වයන්ව නැව තුළට ඇතුළත් කරනු ලැබුවේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries